අද අපේ ගෙදර අයට හරිම සතුටු දවසක්. මම මේ පාර ඒ ලෙවල් හොඳට පාස් වෙලා. හුඟක් කරදර මැද්දෙන් මේ ජයග්‍රහනය ලබා ගත්තේ. වැඩියෙන්ම ස්තූති වෙන්න ඔනේ මගේ අම්මිට. එයා මාව වැටෙන්න දෙන්නෙ නැතුව ධෛර්‍යමත් කලේ. අසනීප වෙලා ඉන්න දවස්වල මගේ නංගිත් හුගක් උදව් කලා. මුලින් ගණිත අංශයෙන් උසස් පෙල කරපු මට අසනීප නිසා කලා විශයන් වලින් උසස් පෙල ලියන්න යෝජනා කලේ අපේ ඉස්කෝලෙම කලා කරලා දැන් ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන නිසූ. නිසූගේ අම්මයි අපේ අම්මයි හොඳ යාලුවෝ, කැම්පස් තේරුනත් නිසූ ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්නේ එයාගෙ තාත්තා ඉන්න රටට යන්න ලෙහෙසි වෙන්නලු. අම්මා කියන්නේ මටත් ඒ කෝස් එකම කරන්න කියලා, නිසූලට කියලා මටත් රට යන්න පුලුවන් වේවි.
මගේ ප්‍රතිපල මුලින්ම අම්මි මුලින්මම කිව්වේ මාලා නැන්දාට "මටත් හරීම සන්තෝශයි පුතා පාස් වෙච්ච එකට, මම නිසූ ටත් කියන්නම් කෝ"
"නිසූගේ නෝට්ස් වලිනුයි, එයා උගන්නපුවයි වලින් තමයි අන්තිම මාස හයේ පාඩම් කරලා විභාගේ පාස් වුනේ. පුතාට කියන්නම් නිසූටත් කියන්න කියලා" අම්මා කිව්වා.
"වෙලාවක පුතත් එක්ක එන්නකො මේ පැත්තේ, මේ ටිකේ නම් එක්සෑම් හින්දා නිසූනම් ගෙදර නැහැ" මාලා නැන්දා කිව්වා.
"මම කොහොමත් ඔයාව හම්බවෙන්න එන්න ඉන්නෙ මාලා, අර ගලේ පත්තිනි
දේවාලෙට වෙච්ච බාරේ ඔප්පු කරන්න ඕනේ විස්තර අහගන්න." මම අසනීප වෙලා ඉන්න කාලේ අම්මයි, මාලා නැන්දයි මාලා නැන්දලාගේ ගෙවල් පැත්තේ තියන දේවාලයකට බාරක් වෙලා තියනවා මගේ විභාගේ පාස් වෙන්න.
"එහෙනම් සෙනසුරාදා එන්න පුතයි, දුවයි එක්කම. දේවාලේ මෑණියෝ හම්බවෙන්න යමු. නිසූටත් විභාගෙට කලින් අපි බාරවුනේ ඔය දේවාලෙට තමයි, කවුරු මොනවා කිව්වත් ඒවායෙ පිහිට බලපෑම තියනවා" මාලා නැන්දා කිව්වා.
අම්මත් ඒ අදහස ඉහලින්ම පිලිගත්තා. මගේ ලේවල අසාමාන්‍යෙ තත්වයක් තිබිලා මාස 8ක් ඉස්පිරිතාලේ ඉන්න වුනා. තවමත් ඇඟ දුර්වලයි, වර්ධනය හෙමින් සිද්දවෙන්නේ කියලා ඩොක්ටර් කිව්වා. මම පිරිමි ලමයෙක් හැටියට එච්චර උස නැහැ, කෙට්ටුයි. අම්මයි නංගියි වගේම සුදුයි.
මම නිසූට කෝල් එකක් අරන් මගේ ප්‍රතිපල කිව්වා. "ශා නියමයි.. ඔයා මහන්සි වෙලා වැඩකරානේ, අපේ ඉන්ස්ටිටුට් එකටම එන්න, කැම්පස් ගියත් වැඩක් නැහැනේ දැන්"
"අම්මත් කියන්නේ නිසූගේ එකට යන්න කියලා, එක කරලා රට යන්න ලු. එක් නෙමේ අපි මේ සතියේ ඔයාලගේ ගෙදර එනවා, දේවාලෙට වෙච්ච බාරේ විස්තර දැනගන්න. ඔයාට එක්සෑම් කියලා නැන්දා කිව්වා" මම කිව්වා.
"ඔව් අනේ.. ඔයා බාරේ ඔප්පු කරනවද? එහෙනම් අන්තිම පූජාව දවසට මම කොහොම හරි එනවා. ඔයා ලස්සනට ඉදීවි නේ, මමත් විභාගෙට වෙච්ච පූජාව කලා. හුඟාක් ගර්ල්ස්ලා තමයි ඔය පත්තිනි දේවාලේ පූජාවට එන්නේ, හැබැයි මම ගියපු දවසේ බෝයි කෙනෙකුත් ඇවිත් හිටියා"
මම ඒ දේවාලෙට කලින් ගිහින් තිබුනේ නැහැ. අපි දෙන්නා තව තොරතුරු කතා කලා. නිසූ කියන්නෙම එයාගෙ ඉන්ස්ටිටුට් එකට එන්න කියලා. මටත් දන්න කෙනෙක් ඉන්න තැනකට යන්න තියන එක වාසනාවක් කියලා හිතුනා.
ඊළඟ සෙනසුරාදා අම්මියි නංගියි මමයි මාලා නැන්දාගේ ගෙදර ගියා. එහෙ ඉන්නේ මාලා නැන්දයි, නිසූගේ ආච්චියි විතරයි. නිසූගේ අක්කා ලංකාවේ බැංකුවක ජොබ් එකක් කරලා දැන් රට ඉන්නේ. අපි ආපුවහම මාලා නැන්දා බොහොම සන්තෝශයෙන් පිලිගත්තා. අපි තේ එකක් බීලා ගලේ පත්තිනි දේවාලයට යන්න පිටත් වුනා. දේවාලය ඇතුලට යන්න දෙන්නෙ ගැහැනු අයට විතරයි. මම එලියට වෙලා හිටියා. අම්මලා ඇතුලට ගිහින් පැය භාගයකින් විතර එලියට ආවා. අම්මලත් එක්කම සුදු ඔසරියක් ඇදගත්තු උස මහත කරුණාවන්ත පාට කෙනෙක් ආවා. "මේ ලමයද ආතුර වෙලා හිටියේ? දැන් හොඳයි නේද?"
"එහෙමයි මෑණියෝ" අම්මා කිව්වා. "මම කියපු විදිහට පූජාව කරමු, සතියක් ගෙදරදී හරි විදිහට වතාවත් කරලා මම කියපු දේවල් එක්ක මහ පූජාව දවසට එන්න. සාමාන්‍යයෙන් අපි මෙහෙ පිරිමි අයට වතාවත් කරන්නෙ නැහැ. මාලා දායිකාවගේ වචනේ අහක දාන්න බැරි නිසා මම මේක කෙරුවේ. පිරිමි කට්ටිය හරියට වතාවත් කරන්නෙ නැහැනේ, දෙවියො කෝප වුනහම තිබුනටත් වඩා නරක අතට හැරෙනවා. මම දීපු දේව පිලිමයට වතාවත් හරියට කරන්න. එතකොට බයවෙන්න දෙයක් නැහැ.
අපි එන්න පිටත් වුනා.
"නංගි අපේ ගෙදරින් ඕනෙ දේවල් අරන් යන්න. එහෙ ඇදුම් එහෙම නැතුව ඇතිනේ" මාලා නැන්දා කිව්වා.
"අම්මි කොහොමද පුඉජාව කරනවා කිව්වේ" මම අම්මිගෙන් විස්තර ඇහුවා. "අයියා අක්කෙක් වෙන්න යන්නේ" නංගි කිව්වා. එහෙම නෙමේ පුතේ, දවස් හතක් කාන්තාවක් වගේ මේපිලිම වහන්සේට වතාවත් කරන්න ඕනේ" කරන විදිහ පිට කිව්වා. අන්තිම දවසේ දේවාලේ මහ පූජාවට මෙහෙ ඇවිල්ලා කරන්න ඕනේ" අම්මා පැහැදිලි කලා. "අම්මි කවුරුහරි දැක්කොත් තමයි අවුල, අසනීපය හොඳවෙන්නයි විභාගය පාස් වෙන්නයි මොකක් හරි බලයක් ඔය දේවාලයෙත් තියෙන්නඇති" මම මුලින් ඕවා විශ්වාස නොකලට මට වෙච්ච කරදරවල හැටියට මෙහෙමවත් ඉන්නේ දේව බලයකින්ම තමයි.
"ඔයාට ගැලපෙන සාරි ටිකක් මාලා නැන්දාගෙන් ඉල්ලාගෙන යමු" අම්මා යෝජනාකලා. අපේ අම්ම සාරි අදින ජොබ් එකක්කරලා තිබුනේ නැතිනිසා අපේ ගෙදරා සාරි එච්චර නැහැ. නංගිත් තවම උසස් පෙල කරනවනේ. ඒත් නිසූගේ ගෙදර මාලා නැන්දා බැංකුවක වැඩකරලා තියෙන්නේ. නිසූගේ ලොකු අක්කත් රට යන්න කලින් මෙහෙ වැඩ කලා. ඒ හින්දා සාරි ගොඩක් තියනවා කියලා මාලා නැන්දා කිව්වා. අම්මයි නංගියි කාමරයලට ගිහින් ඇඳුම් තේරුවා. මට එච්චර සාරි ගැන දැනීමක් තිබුනේ නැහැ.
ඉස්සරහට කරන්න තියන පූජාව ගැන මට බයක් වත් අමුතු හැගීමක්වත් තිබුනේ නැහැ. මුල් දවස්වල ගෙදර පූජාව කරන නිසා අවුලක් නැහැ. මහේ යාලුවො කවුරුත් ගෙවල් අවට නැහැ. මහ පූජාවටත් දන්න කවුරුත් එන එකක් නැහැ. දැක්කත් පූජාව කියලා එයාලා දන්නවනේ. ඔක්කොටම වඩා වැදගත් සනීපය හොදකර දීපු එකනේ. මම උස මහත් නැති නිසා සාරියට එච්චර කැතවෙන එකකුත් නැහැ.අන්තිම දවසේ නීසූත් ආවොත් මට තනියක් නැහැ. විභාගය පාස් වෙන එකේ ගෞරවයෙන් බාගයක් යන්න ඕනේ එයාට.
ලොකු බෑග් එකකට ඇඳුම් ගොඩක් දාගෙන අම්මයි මමයි නංගියි ගෙදර ආවා. "සදුදා ඉදන් පටන් ගමු පුතා, එතකොට ඊළඟ ඉරිදා පූජාවට යන්න පුලුවන්. "අය්යො අම්මේ සදුදා මම ඉස්කෝලෙ යනවනේ, මට බලන්න වෙන්නේ නැහැනේ" නංගි කිව්වා.
"මොනව බලන්නද පොඩ්ඩි, කාමරේ තනියනමනේ පූජාව කරන්නේ" අම්ම කිව්වට ඒක කරන විදිහ මම තවම දන්නේ නැහැ. "අයියගේ හැඩ බලන්න බැරිවෙනවා, කමක් නැහැ හවස හතට තියන එක බැලුවැහැකි" නංගි මට විහිලු කලාට හරි හිත හොඳ කෙල්ල.
අම්මා මට පූජාව කරන විදිහ ගැන විස්තරය කිව්වා. දවසට පස් පාරක් පුජාව කරන්න ඕනේ, උදේ හය, දහය, හවස දෙක, හය අන්තිම එක රෑ නවයට. පහනක් පත්තු කරලා දානේ ටිකක් තියලා ගථා වගයක් කියන්න තිබුනේ. එක පූජාවකට විනාඩි පහලොවක් විතර යනවා. පුලුවන් තරම් කාන්තාවක් විදිහට ඇදගෙන යන්න කියලා උපදෙස් දීලා තිබුනා. හැබැයි සාරිය අනිවාර්‍ය නැහැලු. ඒ හින්දා අම්මා කිව්වා රෑ නවයට කරන පූජාව ගවුමක් වගේ එකක් ඇදගෙන කරන්න කියලා. අන්තිම මහ පූජාවෙන් පස්සෙ මට කොන්ඩෙ කපලා එවා දේවාලයට පූජ කරන්න ඕනේ. අසනීපය හැදුනු නිසාත්, මේ බාරය නිසාත් මම අවුරුදු දෙකකින් විතර කොන්ඩය කපලා තිබුනේ නැහැ. ඉරිදා දවසේ පූජාවට ඕනේ අනිත් දේවල් අම්මා හොයා ගත්තා. ගෙදර එක කාමරයක් අස් කරලා දේව පිලිමය තියලා පූජා කාමරයක් කලා.
"පුතා සාරි ජැකට් ෆිට්ටෝන් කරලා බලමුද?" අම්ම මට කතා කලා.
මුලින්ම අම්මා ක්‍රීම් කලර් බ්‍රා එකක් දුන්නා. මම ඒක දන්න විදිහට ඇද ගත්තා. මුලින්ම හුක් එක දාලා ඇගවටේ යවලා අත්දෙක දාගත්තා. "ශා පුතා ඉක්මනට බ්‍රා එක ඇදගත්තනේ" කියන ගමන් අම්මා ස්ට්‍රප්ස් ඇජස්ට් කලා. අම්මා දීපු බ්‍රා එක කප් බ්‍රා එකක්, ඒ හින්දා පපුව පිරිලා තිබුනා. ඒත් අම්මා ඇතුලටරෙදි කෑලි දෙකක් දැම්මා. ඊටපස්සෙ මාලා නැන්දලාගේ ගෙදරින් ගෙනාපු සාරි ජැකට් ටික එලියට ගත්තා. ඒවා නිසූගේ අක්කා ඇදපුවා නිසා එක එක මෝස්තරේ ඒවා තිබුනා. අත් දිග, අත් නැති, වෙඩින් වලට ඇදපු එවා එහෙමත් තිබුනා. අපි එකින් එක ෆිටෝන් කරලා බැලුවා. හුගන් ඒවා අවුලක් නැහැ. අත් දිග ජැකට් එක පොඩ්ඩක් බුරුල් වගේ. මම ටිකක් කෙට්ටුයිනේ. ඒක අම්මා හදන්නම් කිව්වා. පලවෙනි දවස හින්දා උදේ හතර හමාරටවත් නැගිටින්න කියලා අම්මා කිව්වා. කොහොමත් නංගි උදේ හයට ඉස්කෝලේ යන නිසා අම්මා උදෙන්ම ඇහැරෙනවා. අම්මානම් සදුදා නිවාඩු දානවා කිව්වා.
සදුදා උදේ මම නැගිටින කොට වෙලාව පහයි. අම්මා උයනවා. නංගි උදේ පාඩම් කරනවා. මම ඉක්මනට මූණ හොදාගෙන ආවා. මට පස්සෙ නංගි මුහුණ සෝදන්න ගියා.
"පුතා ලා නිල් පාට සාරි ජැකට් එකයි යටසායයි අරගෙන ඇදගන්න මම ඇවිල්ලා සාරිය අන්දන්නම්. නංගිට බත් එක බදින්නත් ඕනේ" මම කාමරයට ගිහින් ඊයේ ඇදපු බ්‍රා එක ඇදලා සාරි ජැකට් එකයි අන්ඩර් ස්කර්ට් එකයි ඇදගත්තා. සාරි එක නම් ඔෆීස් අදින් ලා සිල් සහ සුදු පාට එකක්. " අයියා මගේ යුනිෆෝම් ගවුම අයන් කරලා දෙන්න පුලුවන්ද?" නංගිගේ ගවුමයන් කරන්නෙ මම තමයි කොහොමත්. මම ජැකට් එකයි ඇන්ඩර් ස්කර්ට් එකයි පිටින්ම ගිහින් ගවුම් අයන් කලා. " අයියට ලස්සනට ජැකට් එක මැච් වෙනවා. සාරිය ඇන්දහම ෆොටෝ එකක් ගහලා තියාගන්න" නංගි කිව්වා. නංගි ඉස්කොලෙ යන්න පිටත් වුමනහම අම්මා මට සාරිය අන්දන්න පටන්ගත්තා. අන්දන ගමන් අම්මා මට තනියෙන් අදින විදිහත් කියලා දුන්නා. ඊට පස්ස මගෙ කොන්ඩෙත් ලස්සනට පීරලා " මේ වට්ටියට මල් ටිකක් කඩන් එන්න, මම පූජාව ලැහැස්ති කරන්නම්" මම ගේ පිටිපස්සෙ ගස් වලින් මල් ටිකක් කඩන් ආවා, වටේම තාප්පය හින්දා බයක් තිබුනේ නැහැ. ගාථා කියවන්න හුරු නතිවුනත් මම ශ්‍රද්ධාවෙන් පූජාව කලා. මේව මෑණියන් නිසානේ මම ජීවත් වෙන්නෙ කියලා මට හිතෙනවා.
"අම්මේ මේ කට්ට ගලවනවද?" මම සාරි කට්ට ගලවන්න අම්මාට කතා කලා. අම්ම අවිල්ලා සාරිය ගලවන්න උදව් වෙන ගමන් කිව්වා. "ආයෙත් අදින්න වෙනවනෙ ඇදගෙනම් හිටියනම් ඉවරයිනේ"
"සාරිය ටිකක් අපහසුයිනේ, අනික කවුරුහරි ආවොත් එහෙම"
"කවුරුත් එන්නෙ නැහැනේ, ඕක ටිකක් ඇදන් ඉන්නකොට පුරුදු වෙනවා, අද මම ඉන්න හින්දා කමක් ගැලෙව්වට කමක් නැහැ. මම නැති දවසට තනියම ඇදගන්න වේවි" මම සාරිය ගලවලා ටී ශර්ට් එකක් ඇදගෙන උදේට කාලා අනිත් වැඩ කලා. ආයෙත් නවය හමාරට විතර අම්මා සාරිය ඇන්දුවා. ඒපාර මට ටිකක් පුලුවන් වගේ කියලා හිතුනා. අමා කිව්වා එහෙනම් තනියම අදින්න කියලා. මම ඇන්දහම අම්මා අඩුපාඩු සකස් කලා. දහයේ පූජාව ඉවර වුමනහම මම සාරි එක ගලවලා බ්‍රා එකට උඩින් ටී ශර්ට් එකක් ඇදගෙන හිටියා. කොන්ඩෙත් කෙල්ලෙක් වගේ නිසා කෙල්ලෙක් වගේ තමයි හිටියේ. දෙකට තියන් පූජාවත් සාරි එක ඇදගෙන කරලා ඉවරවෙනකොට නංගිත් ගෙදර ආවා. නංගිට හරි සතුටුයි මාව සාරියකින් දැක්කහම. "මට හැමදාම ඕනෙ වුනේ අක්කියෙක්ව" කියලා කිව්වා. එදා හයේ පුජාවත් සාරිය ඇදන් කරලා, නවයට තියන එක අම්මගේ ගවුමක් ඇදන් කලා. කොහොම හරි ගැහැණු ඇදුම් අදින එක මටත් අමුතු දෙයක් වෙලා තිබුනේ. සාරිය ඇන්දහම අමුතු සංවරබවක් තියනවා කියලා හිතුනා. අඟහරුවාදාත් මේ විදිහටම ගෙවිලා ගියා. හවස පූජාවට තනියම ලැහැස්තිවුනා. අම්ම කිව්වා මගෙ සාරිය පිලිවෙලයි කියලා. මගේ වැඩ කොහොමත් පිලිවෙලයි කියලා කට්ටිය කියනවා.
බදාදා අම්මා වැඩට යන්න ඕනේ කිව්වා. නංගි මගෙ උදව්වට ඉස්කෝලෙ යන්නෙ නැතුව නවතිනවා කිව්වා. එදා උදේ ඇදපු සාරිය පිටින්ම දෙක වෙනකම් හිටියා. හිටියා නෙමෙයි ඇත්තටම නංගි ඉන්න කිව්වා. අම්මත් ගෙදර නැතිනිසා සාරිය ඇදගෙනම ගෙදර වැඩත් කලා. නංගි පාඩම් කරන නිසා එයා ඉදලා හිටලා උදව් වෙන්න ආවා. ටිකක් දාඩිය දැම්මට මට දැන් සාරිය හුරුයි කියලා හිතුනා. නංගි කියපු නිසා හීල්සදෙකකුත් දාගෙන වැඩකලා. එයා අවිදින විදිහ කියලා දුන්නා.
"අයියේ පොඩිවෙනසක් කරමුද?" නංගි ඇහුවා. එහෙම කියලා මගෙ සාරි එක ගලවලා. ආයෙත් ඔසරියක් විදිහට ඇන්දුවා. මම කණ්නාඩියෙන් දැක්කෙ උඩරට මැණිකේ කෙනෙක්ව. ඔසරිය ඇන්දහම සාරියට වඩා පෞර්ශයක් තියනවා කියලා හිතුනා. නංගියි මායි ඉන්නකොට එක එක විකාර කොහොමත් කරනවා.අපි දෙන්නගේ වයසත් අවුරුදු දෙකක් වගේ වෙනස්. යාලුවෝ වගේ හිටියේ.
දන් සාරිය තනියම අදින්න පුලුවන් නිසා මම අම්මට කිව්වා වැඩට යන්න මම තනියම ඉන්නම් කියලා. ගෙදර ඉදන් මම වතාවත් හරියටම කලා. හැබැයි උදේ ඇන්ද සාරිය හිටින් හවස් වෙනකම් හිටියා.
අපි හෙට උදෙන්ම මාලා නැන්දලාගේ ගෙදර යමු. හෙට ඔයාටම ගත්තු අලුත් සාරි එකක් එහෙදි ඇදගමු." අම්මා කිව්වා. අන්තිම පූජාව ගැන පොඩි බයකුත් හිතේ තිබුනා. සෙනසුරාදා රෑ පුජාවට ඇන්ද නංගිගේ ගවුම පිටින්ම මම නිදා ගත්තා.
ඊලග දවසේ උදෙන්ම මමයි අම්මයි මාලා නැන්දාගේ ගෙදර ගියා. නංගිට ක්ලාස් නිසා ආවෙ නැහැ. අම්මා අලුතින් ගත්තු සාරි එකක් මට අදින්න දුන්නා.
"නංගි ඔයා ලැහැස්ති වෙන්න, මම මෙයාට සාරිය අන්දවන්නම්" මාලා නැන්දා කිව්වා.
"දැන් මෙයාට සාරිය හොඳට අදින්න පුලුවන්, නේද පුතා" අම්මා උත්ටර දුන්නා.
අම්මයි මමයි , මාලා නැන්දයි ඔක්කොම එකම කාමරේ ඉදන් සාරි අදින්න පටන්ගත්තා. මාලා නැන්දා මුලින්ම සාරිය ඇදලා ඉවර වෙලා මගේ සාරි කට්ට ගහන්න උදව් කලා. " ෂා.. නීට් එකට ඇදලා තියනවානේ, නිසූටත් ඔච්චර හොඳට අදින්න බැහැ" මාලා නැන්දා සතුටින් කිව්වා. මම සිනහවකින් ස්තූතිය පලකලා. අපි පහ වෙනකොට දේවාලය ලගට ගියා. එතනට යනකොට හීල්ස් ගලවලා යන නිසා සාරිය පෑගෙනවා වගේ වුනා. අනික දිග පඩිපෙලකුත් නගින්න තියනවා. මම සාරිය ඉස්සරහින් ටිකක් උස්සගෙන පඩිපෙල හෙමින් නැග්ගා. කලින් දවසක නංගි මගේ කකුල් වල ගාපු කියුටෙක්ස් ලස්සනට පේනවා.
දේවාලය තුල තව කිහිප දෙනෙක් ඉන්නවා. දැක්කා. ඔක්කොම වගේ විභාග වල ට භාර වෙච්ච මගේ වයසේ ගැහැණු ලමයි. මෑණියෝ අවසන් පූජාව පැයක් විතර වෙලාව අරගෙන කලා. මමත් කකුල් නවාගෙන අනිත් ගැහැනු ලමයි වගේම වාඩි වෙලා සාරිපොටත් උකුලෙන් තියාගෙන වැඩගෙන පූජාවට සහභාගී වුනා. දේවාලේ ඇතුලේ රස්නෙ නිසා සාරි පොටෙන් පවන් ගහ ගහ ඉන්න වුනේ.
"අම්මා ඇතුලේ හරි රස්නෙයි" කියන ගමන් මම පූජාව ඉවරවෙලා එලියට ආවා. එතකොට එතනට නිසූත් ඇවිල්ල හිටියා.
"වාව් මෙයාගෙ ලස්සන මට එකපාරටම අදුරගන්නත් බැරිවුනා" නිසූ ගෙදර යන්නේ නැතුව කැම්පස් ඉදන් කෙලින්ම දේවාලය ලගට ඇවිල්ලා තිබුනා. අම්මලා පූජාවෙ බඩු ඉල්ලගන්න දේවාලය ඇතුලට ගියා. අපි දෙන්නා දේවාලය පිටිපස්සේ ගහක් යට බංකුවක වාඩි වෙලා කතා කර කර හිටියා.
"ඔයාට ලස්සනට සාරි එක ගැලපෙනවා, ඔයාම තනියම ඇදගත්තා කියන්නේ ඔයා මාර ටැලන්ටඩ්"
"ඉවසීමෙන් පුරුදු වුනහම එච්චර අමාරු නැහැ" මම සාරි පොට හදන ගමන් කිව්වා. මගේ මුහුන දිහා බල්ලගෙන ඉන්න ගමන් නිසූ මගේ නළලට කිස් එකක් දුන්නා. " කවුරු හරි දකීවි නිසූ" මට කියවුනා. " මට ආදරේ හිතුනා කෙල්ලෙ" නිසූ කිව්වා.