පොඩි නැනදා එන්න කියපු නිසා කසුන් සිකුරාදා හවස කැම්පස් ඉවරවුනු ගමන්ම කොට්ටවට ගියා. අනුරාදපුරයේ ගෙවල් තිබුනු කසුන්ට ගෙදර යන්න පුලුවන් වුනේ මාසයකට සැරයක් වගේ. රට ඉදලා ආව පොඩි නැන්දලා කොට්ටාවෙන් ගෙයක් ගත්තට පස්සෙ අම්මලා කිව්වා සති අන්තයට එහෙ ගිහින් ඉන්න කියලා. වීක් එන්ඩ් එකේ බෝඩිමේ ඉන්න කම්මැලි නිසා කසුනුත් ඒ අදහසට කැමති වුනා. පොඩිනැන්දාගේ හස්බන්ඩ් තවම රට හිටියේ. පොඩි නැන්දා එයාගේ අවුරුදු දෙකක බබත් එක්ක ලංකාවට ඇවිල්ලා හිටියේ.
ගෙදර නවතින්න කියලා ගියාට ඇදුම් ගොඩක් ගෙනෛයන්න කසුන්ට අමතක වුනා. එයා ගෙදරට අදින්නත් ඩිග කලිසමක් තමයි අරන් ගියේ.
"පොඩි මේ ගෙදර හරිම රස්නෙයි නේ" නාගෙන ආවත් දාඩිය දාන නිසා කසුන් කිව්වා. නැන්දාට කසුන් කිව්වේ පොඩී කියලා. පොඩී කසුන්ට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල්. කසුන් තවම කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ.
"ඔව් කසුන්, අපේ කාමරේ නම් ආසී කරලා තියනවා. ඔයා ගාව ශෝර්ටක් හරි සරමක් හරි නැද්ද? නැත්නම් නිදාගන්න කොට දාඩිය දායි. "
"නැහැනේ පොඩී, බොටම් කලිසමක් විතරයි තියෙන්නේ" කසුන් කිව්වෙ නිදාගන්න එයාට දීපු කාමරේට යනගමන්.
"මෙහෙ පිරිමි ඇඳුම් නැහැනේ, ඉන්න මගේ පිජාමා කලිසමක්වත් දෙන්නම්" කියලා පොඩි නැන්දා එයාගේ කාමරෙන් ඇදුමක් දුන්නා.
ඒක ලේඩිස්ලා අදින කොටම කොට පිජාමා කලිසමකුයි ඒකටම ගැලපෙන සිකිනි එකකුයි.
"මල්ලි මේ කලිසම අදන් නිදාගන්න, ලේඩිස් එකක් ඇන්දා කියලා වෙන කවුරුත් නැහැනේ. සීතලක් ආවොත් රෑට මේකෙ ශර්ට් එකත් ඇදගන්න" පොඩි නැන්දා කියපු කතාවට ටිකක් ලැජ්ජා හිතුනා. කසුන් කාමරේට ගිහින් ෂෝට විතරක් ඇදගෙන නිදාගත්තා.
ටිකක් උදේ වෙනකොට සීතල ගතියක් දැනුනු නිසා සර්ට් එකක් දාගන්න හිතුවා. කසුන් එයාගෙ බෑග් එකෙන් එයාගෙ ශර් එකක් ගන්න නැගිටින්න කම්මැලි නිසා එයාට නැන්දා දුන්න ශර්ට් එක ඇදගත්තා.
"ඔය ඉන්නෙ කොල්ලා ලස්සනට" උදේ තේ එකත් අරගෙන පොඩි නැන්දා කසුන්ව ඇහැරවන ගමන් කිව්වා.
"ඇත්තටම නැන්දේ රෑ සනීපෙට නින්ද ගියා"
"මේ තේ එක බිල උදේට කෑම කන්න" කියලා නැන්දා කුස්සියට ගියා.
කසුන් තේ බීලා රෑ අදුම පිටින්ම කුස්සියට ගිහින් කෑම කෑවා. ඇත්තටම ගෙදර තිබුනු රස්න ගතිය නිසා වෙන ඇදුමක් අදින්න කසුන්ට හිතුනේ නැහැ. කසුන් නැන්දාගේ බබත් එක්ක ටිකක් සෙල්ලම් කලා. පොඩි නැන්දට කසුන් ඉන්න නිසා පහසුයි. කසුන් බබා එක්ක ඉන්න නිසා එයාගේ වැඩ නිදහසේ කරගන්න පුලුවන් වුනා.
සඳුදා උදේ ආපහු බෝඩිමට යනකොට පොඩිනැන්දා කසුන්ට බත් එකකුත් හදලා දුන්නා.
"ගෙදර යන්නේ නැති සතිවල මෙහෙ ඇවිල්ලා ඉන්න පුතා. ඔයා ඉන්නකොට මගේ වැඩ කරගන්නත් ලේසියි"
"මටත් බෝඩිමේ තනියම ඉන්නවට වඩා බබත් එක්ක ඉන්න එක හොදයි පොඩී" කසුන් කිව්වා.
මේවිදිහට සති අන්ත කිහිපයක් පොඩි නැන්දලාගේ ගෙදර කසුන් ගියා. ඒ හැම සතියෙම රෑට ඇන්දේ නැන්දාගේ ෂෝට් එකයි පිජාමා ෂර්ට් එකයි. දවල්ටත් ඒකම ඇදන් ඉන්න පුරුඩු වුනා. නැන්දා කසුන්ට බබාව බලාගන්න කියලා ටවුන් එකට ගිහින් එන්නත් එයාගේ අනිත් වැඩ කරගන්නත් පුරුදු වුනා.
මැයි මාසේ සිකුරාදා කසුන් එනකොට හොඳටම වහිනවා. ඇත්තටම ඒ සතියම වැස්සා.
"කසුන් හොදටම වැස්ස නේද? ගිහිල්ල නාගෙනම එන්න. මම තේ එකක් හදන්නම්" වෙනදට නිදාගන්න කලින් නනා කසුන් තෙමිච්ච් ඇදුම් වලින්ම නාන කාමරයට ගිහින් නාගෙන තුවායත් ඇදගෙන එයා වෙනදට ඉන්න කාමරේට ගියා. කාමර හතරක් තිබුන නැන්දලාගේ ගෙදර මේ කාමරය කසුන්නම වෙන් කරලා තිබුනේ.
"නැන්දේ මගෙ පිජාමා ශොර්ට් එක කෝ"
"ඒක මම හේදුවා පුතේ, තවම වේලිලා නැහැනේ"
" එහෙනම් නැන්දේ මගේ බොටම් එකක් අදින්නම්" කසුන් අකමැත්තෙන් වගේ කිව්වේ වස්සාත් ටිකක් රස්නය ගතියක් ගෙදර තිබුනු නිසා.
"ඉන්න බලන්න ඒ පිජාමා සෙට් එකේම තව් අදුමක් ඇති පුතා කැමතිනම් අදින්න" කියලා නැන්දා ඒ පාටම ඇදුමක් කසුන්ට ගෙනත් දුන්නා.
තුවාය විතරක් ඇදන් හිටපු කසුන් ඒ ඇදුමත් අරන් කාමරේට ගියා.
කාමරේට ගිහින් බලපුවහම ඒක නයිටියක් වගේ එකක්.
"නැන්දේ මේක ගවුමක් වගේනේ" කාමරේ ඉදන්ම කසුන් කිව්වා.
"ඔව්, මේකත් අර පිජාමා සෙට් එකේම එකක්, ඔයා මේකටත් කැමති වෙයි. ඇදලා බලන්න"
"නයිටියක් අදින්න බැහැ නැද්දෙ" කසුන් අදිමදි කලා.
"පිජාමා ෂෝට් අදින්න ලැජ්ජා නැත්නම් ඕක් ඇන්දම මොකද? විකාර නැතිව අදින්න ලමයෝ. අනික පිජාමා එක ඇන්දම මුලු කකුලම එලියේ, මේක දනිස්සටත් වඩා දිගයි, ටිකක් හීතල නිසා මේක හොදයි."
කසුන් නයිටිය ඇදලා තුවාය ගලවලා එලියේ වැලෙන් දැම්මා. ගේ වටේමට තාප්ප බැදලා නිසා කාටවත් පේන්නෙ නැහැ.
අලුත් ඇදුම ඇත්ත්ටම සනීපයි. ගේ ඇතුලට ඇවිල්ලා සෝෆා එකා කසුන් වාඩි වුනා.
"ඔය ගවුම හදාගන්න ලමයෝ.." පොඩි නැන්දා කියන ගමන් උණු තේ කෝප්පයක් කසුන්ට දුන්නා.
කසුන් නයිටිහ හදාගෙන් කකුල් දෙක ලංකරලා වාඩිවෙලා තේ එක බොන්න පටන් ගත්තා.
කතාව දිගටම ඕනේ අය කොමෙන්ට් කරන්න.....
Digatama liyanna. Lassanai
ReplyDelete