Wednesday, September 1, 2021

පාසල් වේදිකාව 3


 

එදා හවස ඔහුට තමන්ගේ යහලුවන් හම්බවුනා. “ඔයා අපේ තුවක්කු දැක්කේ නැහැනේ” එක්කෙනෙක් කිව්වා. “එවා නියමයි, ඇත්ත එවා වගේමයි, ලී වලින් හදලා තිබුනට පාට කරපුවහම ලස්සනයි, බයිනෙත්තුව ඇලුමිනියම්, හැබැයි බන්දුල සර් බයිනෙත්තුව උල් කරන්න එපා කිව්වා, එක නිකන් ලස්සනට තියෙන්නෙ” ඛොමඩ කොස්ටියුම්” දසුන් ට ඒ කතා අහලා ඊර්ශියාවක් ඇතිවුනා. “ එවා කට්ටියම එකතුවෙලා සල්ලිවලට මහගන්නවා”. “තුවක්කුත් එක්ක නටන්නෙ කොහොමද?” දසුන් ඇහුවා. “එවා තියෙන්නේ එන්ට්‍රන්ස් සීන් එකට විතරයි, ඔයාවගේ මේඩ්ස්ලා බයකරන්න” ‍යහලුවො හයියෙන් හිනාවුනා. “අපෝ!.. ඒකනෙමේ මලිති තුවක්කුවෙන් මොකද කරන්නේ?”

“එයා බන්දුල සර්ටත් වදයක් වෙලා තියෙන්නේ, ලොකුම තුවක්කුව හදන්න තමයි එයාට ඔනේ, සර් හොඳටම බැනලා තුවක්කුව අඩියක් කොට කරන්න කිව්වා” එක්කෙනෙක් කිව්වා. “එයත් එක්ක ඔයාට හොඳ ෆන් එකක් ගන්න පුලුවන් වෙයි, දැනටත් කියකිය ඉන්නේ එයාගේ මේඩ්ව අල්ලලා තද කරන් ඉන්නව කියලා, ඔයාට බේරෙන්න වෙන්නෙ නැහැ, එයා කියනවා මේඩ්ව උස්සන් ගිහින් කසාද බඳිනවලු”

“හිතන් ඇති, ඉතින් බන්දුල සර් මොකද කිව්වෙ?” දසුන් ඇහුවා. “සාර්ට එපා වෙලා තියෙන්නේ, සර් කිව්වා ඕනෙ දෙයක් කරන්න හැබැයි බයිනෙත්තුව උල් කරන්නෙ නැතුව කියලා”. මලිති වගේ කෙනෙක් එක්ක ඩාන්ස් කරන්න වෙච්ච එක ගැන දසුන් කනස්සල්ලක් ඇතිවුනා.

“පියුමිත් එක්ක වැඩ කොහොමද දැන්?” හසිත් ඇහුවා. දසුන්ගේ මුහුනේ ලාවට සතුටු හිනාවක් මැවුනා “ මේ ඉවෙන්ට් එක ඉවර වුනාට පස්සෙ මම එයාගෙන් කැමැත්ත අහන්න හිතන් ඉන්නේ, මන් හිතන්නේ එයාත් මට කැමතියි”

“කොල්ලෙක් විදිහටද, කෙල්ලෙක් විදිහටද?”

“ආ.. උඹලට ඊරිසියයි නේ”

“කොහොමද මැහුම් පංතියේ වැඩ?”

“දැන් අපි ගවුන් එක හදන්නේ, අනිත් වැඩ ඉවරයි” දසුන් උත්තර දුන්නා. “පෙටිකෝට්?” ඒ හසිත්.

“ඔව් පෙටිකෝට් එක ඉවරයි, ඒත් ගවුම මහන්න හුඟක් අමාරුයි, මගෙ වෙලාවට මට පියුමිව සෙට් වුනේ. එයා කරන්න ඔනේ දේවල් ඔක්කොම දන්නවා. මට කියලා ලොකු දෙයක් කරන්න නැහැ” දසුන්ට මතක් වුනා පියුමිත් එක්ක එකම මැෂින් එකෙන් උරහිස් එකට වදිමින් වැඩ කරන හැටි. දහ පහලොස් පාරක්ම එයාට පියුමිගෙන් කැමැත්ත අහන්න හිතුනත් හැමපාරම අහන්න බය හිතුනා. ඔය අතරේ දවසක් පියුමිගේ මේල් පාට්නර් ගනේශ් එක්ක කතා කරකර ඉස්කොලේ පාරෙ යනවා දැකලා තමන් පරක්කු වැඩිද කියලත් හිතුනා. පියුමියි එයයි අතර තියන බාදකය ‘ගවුම’ කියලා ඔහුට හිතුනා. එයාගෙන් කැමැත්ත අහලා ඊටපස්සේ ගවුමක් ඇදන් එයත් එක්කම නටන්නේ කොහොමද? මේ ඔක්කොම ඉවර වෙනකනම් ඉදලාම එයාගෙන් අහනවා දසුන් තමන්ටම පොරොන්දු වුනා.

භාග්‍යා මිස් හිතුවා වගේම පිටිකෝට් එක මහන කොට ලැබිච්ච හුරුව ඩ්‍රෙස් එක මහද්දි වැදගත් වුනා. ඒක හුඟක් අමාරු වැඩක් වුනත්, විවිද මැහුන් වර්ග ගොඩක් තිබුනත් පියුමිට ඒක ලොකු දෙයක් වුනේ නැහැ. හැමැ අමාරු කොටසක්ම ඇය ඉක්මනින් තේරුම් ගත්තා, ඒ වගේම ලොකු ඉවසීමකින් දසුන්ගේ ඩ්‍රෙස් එකටත් උදව් කරන ගමන් එයාගෙ ඩ්‍රෙස් එකත් හදා ගත්තා. ඔය අතරේ තමන්ගේ අනිති ක්ලාස්වල වැඩ, පවුලේ තොරතුරු වගේ ඉස්කොලෙන් පිට දේවල් එහෙමත් කතා කලා.

සඳුදා දවසක උදේ, දසුන් එයා වීකෙන්ඩ් එකෙ ගහපු මැච් එකක් ගැන විස්තර පියුමි එක්ක කිව්වත් එයා ඒ ගැන වැඩි උනන්දුවක් පෙන්නුවේ නැහැ, ඒ වෙනුවට එයා ඇහුවා දසුන්ගේ අම්මයි තාත්තයි දසුන් මේඩ් කෙනෙක් විදිහට ඩාන්ස් කරන එක ගැන අදහස. “හරියටම දන්නේ නැහැ, ඒගොල්ලො කියනවා මේක මට හොඳ චාන්ස් එකක් ලු මගේ ඇක්ටින් ස්කිල්ස් හදාගන්න”

“මම අපේ අම්මට කිව්වහම අපි දෙන්නා එකට මැහුම් කරනවා කියලා එයා පුදුමවුනා ඔයාගෙ අම්මලා ඒකට ඉඩදුන්නා කිව්වහම”

දසුන් පොඩ්ඩක් අවුල්වුනා “ඇයි ඒක වැරදි වැඩක්ද?”

“නෑ, අම්මා එහෙම කිව්වෙ නැහැ, එයා කිව්වෙ එයා මික්ස් ස්කූල් එකක පිරිමි ලමයෙක් ගැහැණු ලමයෙන් විදිහට ඩාන්ස් කරනවා අහලා නැහැ කියල” “එහෙනම් මම අමුතු කෙනෙක්!” දසුන් ඇහුවා. “එහෙම නෙමේ, මම නම් හිතන්නේ ඒක හොඳ දෙයක්, විශේෂයෙන්ම ඔයා නිකම්ම කොල්ලෙක් ලේඩීස් ඇඳුම් ඇඳන් ඉන්නවා නෙමේනේ. මට විශ්වාස කරන්නත් බැහැ එදා භාග්‍යා මිස් ඔයාට බ්‍රා එකක් අදින්න වෙනවා කිව්වහම ඔයා බෑ නොකියා කැමති වෙච්ච එකට, මට හිතින් මවා ගන්නවත් බැහැ බෝයි කෙනෙක් කෙල්ලෙක් වගේ බ්‍රා එකක් ඇදන් ඉන්නවා”

“ඔයා හිතන්නෙ මම පිස්සෙක් වගේ වෙයිද?” දසුන්ට ටිකක් ඔලුව කැරකෙනවා වගෙත් තේරුනා.

“නැහැ,නැහැ” පියුමි සීරියස් විදිහට කිව්වා “ඔයා අනිත් පිරිමි ළමයි වගේ බෑ කියලා ප්‍රතික්ෂේප කලේ නැහැනේ. මම හිතන්නේ ඔයා අනිත් අයට වඩා හොඳයි. ඔයා මලිත්ගේ හිතුවක්කකාරකම දැකලා ගිහානි මිස්ට උදව්වක් විදිහටනේ කරන්නේ” දසුන් තමන්ගේ ධෛර්‍යය වැඩිකරගෙන “මේ ඉවෙන්ට් එක ඉවර වුනායින් පස්සේ මම....”

පියුමි කුතුහලයෙන් ඔහු දෙස බැලුවා “මම කැමතියි...” ඔහුට වචන ආවෙ නැහැ. පියුමි මුකුත් කියන්නේ නැතුව දසුන් දිහා බලන් හිටියා. “මම කැමතියි..”

භාග්‍යා මිස් එතකොටම පංතියට ආපු හින්දා දසුන්ට කතාව නවත්තන්න වුනා. “ඔය කතා කරකර ඉන්න අය ඩ්‍රෙස් එකේ වැඩ ඉවරකරලා වෙන්න ඇති නේද?” පියුමියි, දසුනුයි දිහා මිස් කෙලින්ම බලන් හිටියා.

“ඉවර නැහැ මිස්” පියුමි ටිකක් හෙමින් කිව්වා.

එහෙනම් වැඩේ ගැන අවදානය යොමුකරන්න.අපිට ඩ්‍රෙස් රිහසල් එකට තව සතියයි තියෙන්නේ. මම අයෙත් කියන්නේ නැහැ හැමෝම ඒවෙනකොට තමන්ගේ ශූස්, බ්‍රා, ස්ට්‍රෝකින්ග්ස් ලැහැස්ති කරන් ඉන්න ඕනෙ. එදාට මේකප් කරන්න එහෙම ඕනේ නැහැ, එවා ඉවෙන්ට් එක දවසට විතරක් කරපුවහම ඇති” දසුන් තමන් පෙටිකෝට්, ගවුම් ඇදන් අනිත් ගර්ල්ස්ලා එක්ක දාන්ස් කරන හැටි හිතුවා. මේ වෙනකොටත් එයා ලොකු කට්ටක් විදලා ගැහැණු ලමයෙක් වගේ දුවන්න මූව්මන්ට්ස් කරන්න පුරුදුවුනා, භාග්‍යා මිස් උදව්කලා. දවසක් ගිහාන් මිසුයි, භාග්‍යා මිසුයි ඩාන්ස් එකේ ප්‍රොග්‍රෙ බලන්න අවිත් කිව්වා දසුන් අනිත් ගැහැනු ළමයි වගේම ඩාන්ස් එක කරනවා කියලා. ලඟ ලඟ අඩි තියලා දුවන එකයි, දනිස් එකට තියාගෙන ඉන්න එක තමයි රහස. ඊලඟට අත් සුකුමොල කෙල්ලෙක් විදිහට මූව් කරන්නත් මතක තියා ගන්න ඕනේ. ගිහානි මිස් ගැහැණු ළමයි ආචාර කරන විදිහ කියලා දුන්නා. හරියට බැලේ ඩාන්ස් එකක් ඉවර වෙලා කර්ටසි කරන විදිහමයි. තමන්ගේ සොල්ජර් පාට්නර්ට ආචාර කරන්න ඕනේ ඩාන්ස් එකේදි. කර්ටසි කරන එක අමාරු නැහැ, ඒත් ඕඩියස් එක ඉස්සරහා මලිතිට කර්ටසි කරන්න තමයි හිත හදාගන්න අමාරු.

ඒ සති අන්තයේ දසුන්ගේ අම්මා ඉවෙන්ට් එකට ඕනෙකරන සපත්තු ගන්න දසුන්ව සපත්තු කඩේකට එක්කගෙන ගියා. දසුන්ට හරියන අඟලක විතර හීල් එකක් තියන, අපහසුවකින් තොරව නටන්නත් පුලුවන් සුදුපාට ශූස් දෙකක් හොයන එක සෑහෙන අමාරුවෙයි කියලා ඇයට හිතුනා. ඒ දසුන්ගේ කකුලේ සයිස් එක හින්දා නම් නෙමෙයි. එයා හරියටම සයිස් අට හමාර, අම්මා හිතුවේ පිරිමි කකුල් සහ ගැහැණු කකුල් වල හැඩය වෙනස් නිසා හරියන එකක් හොයාගන්න බැරිවෙයි කියලා. දසුන් පුලුවන්තරම් උත්සාහ කලා මේ ගමන යන්නේ තමන්ගේ ‘ඇක්ටින් හැකියාව’ වැඩිකරගන්න මිලදී ගැනීමක් කරන්න කියලා හිතන්න. එයා කොහොමවත් හිතුවෙ නැහැ ඩාන්සින් වැඩේ මෙච්චර දුරදිග යයි කියලා.මුලින්ම ගියේ බ්‍රැන්ඩීස්’ ශූස් කියන කඩේට. ඒ කඩේ ටීනේජර්ස්ලගේ ශූස් වලට ප්‍රසිද්දයි. අම්මා රාක්කවල තිබුනු සපත්තු දිහා විමසිල්ලෙන් බැලුවා. දසුන් නම් කිසිම අදහසක් නැතුව කඩය පුරා තියන එක එක හීස් දිහා හිස් බැල්මක් දැම්මා. “මේ වැඩේ මම හිතුවටත් වඩා අමාරුයි වගේ” අම්මා කිව්වා. “මටනම් ගැලපෙන එකක් පේන්නේ නැහැ, අඟල් දෙකට වැඩි හීල්ස් තියන ඒවා නම් තියනවා”. “ඕ.. එහෙම බැහැනේ, ගිහානි මිස් කිව්වේ ලෝ හීල්ස් කියලා”. “ මම දන්නවා. මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියලා, එන්න සාමාන්‍ය කඩේක බලන්න. අපි ලේඩි ෆියෝනා එකට යමු. දෙන්නම පාරට ඇවිල්ලා අනිත් කඩේට ටිකක් දුර ඇවිදන් ආවා. ඩිස්ප්ලේ එකේ දාලා තිබුනු සපත්තු දැකපු දසුන්ට හිතුනා මෙතන වැඩේට හරියන එකක් ඇති කියලා. ඔහු අම්මා පස්සෙන් කඩේ ඇතුලට යන කොට සේවකයෙක් ඔවුන්ව පිළිගත්තා. “අද නෝනා මොනවද බලන්න ආවේ.” ඔහු සිනවෙමින් විමසුවා.

“මම මගේ පුතාට සපත්තු දෙකක් බැලුවේ. එයාට අඟලක විතර හීල් එකක් තියන ගර්ල්ස් ශූ එකක් ඕනෙ, සුදුපාට එකක් බැලුවේ. ඉස්කෝලෙ ඩ්‍රාමා එකකට. මෙයාට ලැබිලා තියෙන්නෙ ෆීමේල් කැරැක්ටර් එකක්.” ඒකට තරුණ සේවකයටත් හිනා ගියා වගේ පෙනුනා. “ආ.. එහෙමද, පොඩි අවුලක් තියනව මැඩම්. ගැහැණු ළමයිගේ කකුල් පිරිමි ළමයිට වඩා පළල අඩුයිනේ.” “ මතත් හිතුනා, සමහර විට හරියයිනෙ. කොහොම අහි මෙයාට පැයක් දාගෙන ඉන්න පුලුවන් වුනොත් ඇති. වැදගත්ම දේ පුතාට ඒකදාගෙන ඩාන්ස් කරන්න පුලුවන්ද කියන එක” “බලමු මැඩම් හරියන එකක් තියනවද කියලා” දසුන්ට ස්ටූල් එකක් වාඩිවෙන්න කියලා එයාම දාගෙන හිටපු සපත්තුව ගැලෙව්වා.

“මැඩම් පුතා මේස් දාලාද එදාට ශූස් දාන්නේ” සේල්ස්මන් ඇහුවා. “හොස් එකක් අදින්න ඉන්නෙ” අම්මා කිව්වා.

“එහෙමද” සේල්ස්මන් දසුන්ට මේස් එකත් ගලවන්න කිව්වා. ඊට පස්සෙ කකුලේ මෙශමන්ට් එක ගත්තා. “මම ගිහින් බලන්නම් හරියන එකක් තියනවද කියල. මෙයාගෙ කකුල එච්චර පළලත් නැහැ, දිග නම් අඩුයි” කියපු සේවකයා කඩේ ඇතුලට ගියා. දසුන් අම්මා ගාවට වෙලා වාඩිවෙලා හිටියා. ඒගොල්ලො එනකොට කඩේ කවුරුත් හිටියේ නැති වුනත් දැන් තව අම්ම කෙනෙක් දසුන්ගේ වයස විතර දුවලා දෙන්නෙකුත් එක්ක ඇවිල්ලා රාක්කවල තියන ශූස් බලනවා දැක්කා. සේල්ස්මන් එන්න කලින් මෙයාලා ගියානම් හොඳයි කියලා දසුන්ට හිතුනා. දසුන් තමන්ගේ සපත්තු නැති කකුල් ස්ටූල් එක අස්සට දාගත්තා.

සේල්ස්මන් සපත්තු පෙට්ටි දෙකක් අරන් ආවා. අලුතෙන් ආපු කට්ටිය දැකලා “ මට විනාඩියක් දෙන්න මැඩම්, මේ මල්ලිගේ වැඩේ කරලා එන්නම්” ඒ ගැහැණු ළමයි දෙන්නා දසුන් දිහා බැලුවා.

“මේ දෙක තමයි අපි ගාව තියෙන්නේ, සයිස් එක නම් හරියයි ඩිසයින් එක කොහොම වෙයිද දන්නේ නැහැ” ඔහු පලවන බොක්ස් එක ඇරලා සපත්තු එලියට ගත්තා. ඒකේ හීල් එක උස ඝනකම අඟලකට වඩා උස එකක්.

“මේක නම් හරියන්නේ නැහැ” දසුන්ගේ අම්මා කිව්වා. “මෙච්චර ලොකු හීල් එකක් දාගෙන මෙයාට ඩාන්ස් කරන්න අමාරු වෙයි.නැත්තම් ඩිසයින් එකනම් අපි හිතපු විදිහට තියනව”. සේල්ස්මන් ඒ සපත්තු දෙක පැත්තකින් තියලා අනිත් බොක්ස් එක ඇරලා පෙන්නුවා. “මේකෙ වන් ඉන්ච් හීල් එකක් තියෙන්නේ”. ඒක නම් ලස්සන සපත්තුවක්, බකල් එකකුයි, පොඩි බෝ එකකුයි ඇරෙන්න වැඩිය අරුමෝසම් නැති එකක්.

“දසුන් මොකද හිතන්නේ” ඔහුගේ අම්මා ඇහුවා.

“තව ප්ලේන් එකක් වුනානම් හොඳයි”

“මම දන්නවා, ගිහානි මිස් කැමති වෙයිද?” “එයා කිව්වේ හොයාගන්න පුලුවන් හොඳ එකක් කියලා.”

“දාලා බලන්නකෝ සයිස් හරිද කියලා” අම්මා කිව්වා. සේල්ස්මන් කිව්වා “මේ ස්ට්‍රෝකින්ස් දෙක ඇදලා ඉන්න” බෝල කරපු ස්ට්‍රොකින්ස් දෙකක් දුන්නා.

දසුන් අම්මා දිහා බැලුවා “එවා දානේ සපත්තුවල ආරක්ශාවට. මේස් වගේ ඇන්කල් එකට විතරයි තියෙන්නේ.” දසුන් ඒවා එකක් දිගහැරලා එක කකුලකට දාගත්තා. ඊලගට අනිත් කකුලටත් දාගත්තා. එයාට තේරුනා අර ගැහැණු ළමයින් දෙන්නා බලන් ඉන්නවා කියලා. සේල්ස්මන් සපත්තු දාන්න උදව් කලා. ඒකෙ හීනි පටිය තිබුනු බකල් එක සේල්ස්මන් දැම්මා. සපත්තු තදත් නැහැ, වැඩිය බුරුල් නැහැ. පොඩ්ඩක් ඇගිලි හරියෙන් තද වෙලා තියන එක ඇරෙන්න ඇත්තටම සපත්තු පහසුයි. දසුන් නැගිටලා තමන්ගේ සපත්තු දිහා බැලුවා. ගැහැණු ළමයින් දෙන්නා මුලින්ම දසුන්ගේ ශූස් දිහාත් ඊටපස්සේ ඔහුගේ මුහුණත් බැලුවා. “පොඩ්ඩක් ඇවිදලා බලන්න් කො, මම මේ මිස්ලාට ඔනේ මොනවද කියලා බලලා එන්නම්” සේල්ස්මන් ගියා. දසුන් අඩියක් දෙකක් හෙමින් ඇවිදලා බැලුවා.

“එවා ලස්සනයි, කියුට් නේද. හිර නැහැ නේද? අර කන්ණාඩියෙන් බලන්න” ඔහුගේ අම්මා කිව්වා.

“දසුන් කන්නාඩිය ගාවට ගියා. එයගේ කකුල් කෙල්ලෙක්ගේ වගේ පෙනුනේ. හරියට පියුමිගේ කකුල් වගේ.ආයෙත් අම්මා ගාවට ආවා. “ඔවා දාගෙන නටන්න පුලුවන් වේවිද?” අම්මා ඇහුවා.

“දන්නේ නැහැ” උත්තර දුන්නා.

“ට්‍රයි කරලා බලන්න, නැත්තම් ඔයා ස්ටේජ් එක උඩ පැටලිලා වැටෙයි!” දසුන් ඉක්මනට දුවගෙන් කන්ණාඩිය තියන තැනට ගිහින් ආයෙත් අම්මා ගාවට ආවා. හරියට ඩාන්සින් වල තියන වගේ අඩි තියමින්. “එයා හොඳයි, මාව වැටෙන එකක් නැහැ”

“ඒවිදිහටද ඔයා ඩාන්ස් කරන්නේ” අම්මා ඔහුගෙන් ඇහුවා. “ඔව්, ඒ විදිහට තමයි ඕපනින් සීන් එක තියෙන්නේ” “ඔය ශූස් දෙකට ඔයා කෙල්ලෙක් වගේමයි දිව්වේ, මම හිතුවේ නැහැ එච්චර හොඳට ගර්ල් මූව්ස් ඔයාට තියනවා කියලා”

“ගිහානි මිසුයි, භාග්‍යා මිසුයි මට ගර්ල් කෙනෙක් විදිහට ඩාන්ස් කරන හැටි කියලා දුන්නා” අම්මා ඒක අනුමත කරමින් හිස් සැලුවා.

“ඒකෙ මොකක් හරි වැරද්දක් තියනවද අම්මේ?” දසුන් බයෙන් වගේ ඇහුවා. “නැහැ” කිසිම හැඟීමක් නැතුව ඇය කිව්වා.

සේල්ස්මන් ආයෙත් ඒගොල්ලො ඉන්න තැනට ආවා. “කොහොමද ඒක්? කොම්ෆටබල්ද? ගර්ලි වැඩිද? පොඩ්ඩක් මටත් අවිදලා පෙන්නනකො” දසුන් ටික දුරක් ඇවිදලා ආයෙත් ආවා.

“හරි ලස්සනට තියනවා, ටිකක් වැඩ තිබ්බත් ක්ලැසික්, එහෙම නේද?” “ඔව්, එහෙනම්, මම හිතන්නෙ අපිට ඕන විදිහේ එකක් තමයි මේක, හරි අපිට මේක බිල් කරන්න කෝ”

ගැහැණු ළමයි සහ පිරිමි ළමයි වෙන වෙනම් ඩාන්සින් පුරුදුවුනායින් පස්සෙ පංතියේ ළමයි ඔක්කොම එකට කරන රිහසල් පටන්ගත්තා. දසුන් මේ වෙලාව එනකම් හුඟක් ස්ට්‍රෙස් එකේ හිටියේ, දැන්නම් එයාට ඔලුව කැරකිල්ල වගේ. ඔක්කොමලා එයා දිහාබලයි කියලා එයා දැනගෙන හිටියා, එයාව ජෝක් එකක් වෙයි කියලා හිතුනා. කොස්ටියුම් රිහාසල් එකේ තවත් අමාරු වේවි. තාමත් දසුන්ට හිතාගන්න අමාරුයි කොහොමද මුලු ඕඩියන්ස් එකක් ඉස්සරහා පෙටිකෝට් එකකුයි, ඩ්‍රෙස් එකකුයි ඇදන් කෙල්ලෙක් වගේ නටන්නේ කියලා.

රිහසල් එක තිබුනේ ඉස්කෝලෙ ඔඩිටෝරියම් එකේමයි. මේඩ්ස්ලා ඉන්න ඕනේ තැන් ගිහානි මිස් සකස් කෙරුවා. පියුමිට කෙලින්ම එහා පැත්තේ දසුන් හිටියේ, දෙන්නා මුහුනට මුහුන බලාගත්තා. සොල්ජර්ස්ලා ස්ටේජ් එකේ දකුනු පැත්තට වෙන්න මේඩ්ස්ලා දිහා බලාගෙන හිටියා. එකපාරටම, කිසිම කලින් දැනුම්දීමක් නැතිව ගිරිහඩින් කෑගසමින් සෙබලුන් වේදිකාව පුරා දුවන්න පටන්ගත්තා.ඒ සද්දෙට දසුන්ගේ හදවත එලියට පැන්නා වගේ තේරුනා, එයත් අනිත් මේඩ්ස්ලා වගේ වේදිකාව පුරා බයෙන් වෙව්ලමින් දුවන්න වුනා. එයාගේ යාලු හසිත් සහ කසුන් භයානක මුහුනු මවාගෙන තමන් පසුකර යනවා දැක්කා. මේඩ්ලා එක්කෙනා දෙන්නා සොල්ජර්ස්ලා විසින් අල්ලා ගනිද්දීද්සුන්ව එකපාරටම වේගයෙන් පැත්තට ඇදලා මලිති ලගට ගත්තා. ඇයගේ මුහුනත් භායනක ලෙස වෙනස් කරගෙන හිටියා. දසුන් ඇත්තටම බයවෙලා ඒ ග්‍රහණයෙන් මිදෙන්න උත්සාහ කලා. දසුන්ගේ මැනික් කටුව රිදෙන්න ගත්තා මලිති හයියෙන් අල්ලාගෙන හිටපු නිසා. අන්තිමේ ඔහුට තේරුනා ඔහු අසරණ බව. ඔක්කොම මේඩ්ස්ලා අල්ල ගත්තට පස්සෙ එකින් එක මේඩ් විසින් තමන්ගේ සොල්ජගේ ශක්තිය ගැන වශීවුනා වගෙ පෙන්නුවා, හිහසල්වලදි භාග්‍යා මිස් කියපු විදිහටම කලා. පියුමියි ගනේශුයි කරන විදිහ දසුන් ඇස් කොනින් දැක්කා.ඊලගට තමන්ගේ අවස්තාව මලිතිට වශීවුනා වගේ ඉන්න. මලිති දෑත් විදහාගෙන ඉන්දී දසුන් අකමැත්තෙන් වගේ ඇක්ට් කලා. හසිත් සහ අනිත් පිරිමි ළමයි හයියෙන් හිනාවුනා. එතකොට භාග්‍යා මිස් ස්ටේජ් එක මැදට ඇවිත් “ආයේ කවුරුහරි දසුන්ට හිනාවුනොත් එයාගෙ දෙමව්පියෝ ගෙන්වනවා, තේරුනාද?”

ඔක්කොම නිශ්ශබ්ද වුනා.

“විශේශයෙන්ම හසිත්” භාග්‍යා මිස් තරවටු කලා. “ හරි මිස්” හසිත් කිව්වා.

ගිහානි මිස් හසිත් ලව්වා දසුන්ව අගය කරන එකේ වැදගත්කම කියෙව්වා. ඇය “දසුන්, ආයෙත් එහෙම කට්ටිය හිනාවෙන එකක් නැහැ කියලා මම පොරොන්දුවෙනවා. ඔයා හොඳට කලා, දිගටම නවත්තපුතැනින් පටන්ගන්න.” රිහසල් එක ඉවර වුනහම දසුන් ගිහානි මිස් හම්බවෙන්න ගියා.”එදාට ඕඩියන්ස් එකත් මට හිනා වුනොත් මිස්?” “බයවෙන්න එපා,ඔයා කොස්ටියුම් ඇදලා, ඔයාගේ ලස්සන ගවුමයි, විග් එකයි දාල මේකප් කරපුවහම ඔයා අනිත් ගැහැණු ළමයි වගේම ඉදීවි, කවුරුත් සැක කරන එකක් නැහැ. ඔයා හරියට ඔයාගේ පාර්ට් එක කරන්න ඕනේ, ගර්ල් කෙනෙක් වගේ හිතන්න ඕනේ. අපි හුඟක් මහන්සිවුනා ඒවා ඔයාට උගන්වන්න, මන් හිතන්නේ ඔයාට තේරෙන්න ඇති. දක්ශ නලුවොත් කරන්නේ එහෙමතමයි ඔයාටත් පුලුවන් වේවි.


---------------------------------------------------------------------------------------------------------

ඉංග්‍රීසි පරිවර්තනයකි.

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...