"මෙහෙ නයිට් ඩියුටිත් තියනවා. තව සීනියර් නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඔයාට එයාලගෙන් වැඩ ඉගෙන ගන්න පුලුවන්. මෙහෙ මාස හයක් වැඩ කොලොත් මම වර්ක් එක්ස්පීරියන්ස් ලෙටර් එකක් දෙන්නම්. විශේශම දේ ට්‍රේනින්ග් වුනත් ඔයාලට දීලා තියන ශෙඩියුල් එකට වැඩට එන්න ඔනේ. නිවාඩු ගන්න බැහැ." ඩිරෙක්ටර් මැඩම් මට විස්තරකලා. මම කෙයා ටෙකර් කෝස් එකක් එකලා වර් එංපෙරියන්ස් ලෙටර් එකක් ගන්න මේ ආයතනයට ආයේ. මට ඕනේ වුනේ අපේ අක්කා වැඩකරන රටට යන්න. අක්කා තමයි මේ තැන මට කතා කරලා දුන්නේ.
"ඔයා ගිහින් නදී මිස්ව හම්බවෙන්න, ඔයා එයාව දන්නවනේ"
"හරි මැඩම්, එයා අක්කගේ යාළුවෙක්" මම ගිහින් නදී අක්කව හම්බවුනා.
"ආ.. මල්ලි මැඩම් මොකද කිව්වෙ"
"එයා හොඳයි වගේ, මාස හයක් වැඩකරන්න කිව්වා. ඔයාලගෙන් විස්තර අහගන්න කියලත් කිව්වා"
"මම කිව්ව හින්දා තමයි මල්ලිව ගත්තේ, නැත්තම් මෙහෙට ගන්නේ ගර්ල්ස්ලා විතරයි. මල්ලි නම් පොඩිකාලෙ වගේමයි. අන්තිමට දකින කොට ඔයා දහය වසරේ නේද?"
" ඔව් අක්කේ ඕ ලෙවල් වලින් පස්සේ අපේ අක්කා කියපු නිසා මේ කෝස් එක කලා. ගිය මාසෙ තමයි වයස දහ අටක් වුනේ."
"අක්ක නම් කිව්වෙ ඔයා හරි අහිංසකයි කියලා.. ඓ කිවන විදිහට හිටියොත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඉන්නකො අනිත් මිස්ටත් ඔයාව හදුන්වලා දෙන්න" නදී අක්කා මාව උඩ තට්ටුවට එක්කගෙන ගියා.
එතන පොඩි වෝඩ් එකක් වගෙ තිබුනා. වයස කට්ටිය තමයි ඇදන්වල හිටියේ. අනිත් මිස් නදී අක්කට වඩා සීනියර් බව පෙනුනා.
"කාන්ති අක්කෙ මෙයා තමයි සුසීගේ මල්ලි, අද මැඩම්ව හම්බවෙලා ඇවිත් තියෙන්නෙ."
"ආ.. එහෙනම් විස්තර මැඩම් කියන්න ඇතිනේද?" කාන්ති මිස් කිව්වා.
"මැඩම් කිව්වා මිස්ලගෙන් අහගන්න කියලා" මම කිව්ව.
"මෙහෙමයි, අපි මෙතන ෆීමෙල් අය විතරයි වැඩ කරන්න ඉන්නේ, ට්‍රේනින්ග් ගන්නෙත් ගැහැණු ලමයි විතරයි. නදී රෙකමන්ඩ් කරපු නිසා තමයි ඔයාව ගත්තේ. ඒ හින්දා මෙහෙ තියන විදිහට ට්‍රේනින්ග් එක ඉවරවෙනමක් ඔයාට හුරු වෙන්න වේවි" මිස්ලා දෙන්නම ආයතනයේ වැඩ කෙරෙන හැටි මට කිව්වා. මෙහෙ බලාගන්න තියෙන්නේ හූගාක් වයස එක්තැන් වෙච්ච අයව විතරයි. මාසෙකට දවසක් වගේ ගෙවල්වල අය බලන්න එනවලු. ඔක්කොම බෙඩ්ස් තිබුනේ 10ක් විතර. නදී අක්කා කිව්වා නයිට් කරද්දි නැවතිලා ඉන්න රූම් එකක් තියනවා හැබැයි ශෙයා කරගන්න වෙනවා කිව්වා. දැනට ඒ රූම් එකේ මිස්ලා දෙන්නයි තව ට්‍රේනින්ග් ගර්ල් කෙනෙක් ඉන්නවා කිව්වා. එයාගේ අද ඕෆ් දවස කිව්වා.
"සාමාන්යෙන් අපි ට්‍රේනින්ග් අයට යුනිෆෝම් ආයතනයෙන් දෙන්නෙ නැහැ. මෙච්චරකල් නම් අපි ඇදපු ඒවා තමයි ට්‍රේනින්ග් ලමයින්ට දුන්නේ. මොකද මාස හයකට අලුතෙන් මහන එක තේරුමක් නැහැනේ. මම මැඩම් එක්ක කතාකරලා බලන්නම්" කාන්ති අක්කා කිව්වා. එයාලා ඇදලා හිටියේ සුදුපාට කලිසමකුයි බ්ලවුස් එකකුයි. කොල්ලෙක් වුනත් මටත් එහෙම අදින්න වෙයි කියලා හිතුනා. නදී අක්කා අපේ අක්කට කියලා තිබුනා මෙහෙ විදිහට ඉන්න කැමතිනම් මැඩම් පිරිමි ලමයෙක් ගන්න කැමතියි කියලා.
මේ අයතනයේ අයිතිය තිබුන මැඩම් ඉදලා හිටලා තමයි මෙහෙට එන්නේ. මට මුලින්ම හන්බවුනු මැඩම් මෙතන භාරව ඉන්න එක්කෙනා. මුලු බිල්ඩින් එකම කැමරා දාලා එයා ඉන්න තැනට පෙනෙන විදිහට හදලා තිබුනා. මට අක්කලා දෙන්නා වැඩ කරන විදිහ කියලා දුන්නා. හෙට උදේ ඉදන් වැඩට එන්න කිව්වා. මම ගෙදර ගිහින් අක්කට කෝල් කරලා විස්තර කිව්වා. අක්කා කිව්වා මේ මාස හය කොහොමහරි ඉවර ගරගෙන ලෙටර් එකක් ගන්න කියලා.
මම ඊලග දවසේ උදෙන්ම ගියා. යනකොට ත මිස් කෙනෙක් හිටියා. කාන්ති අක්කත් හිටියා. නදී මිස් අද ඕෆ් කියලා කිව්වා. අලුත් මිස් මම වගේම ට්‍රේනින්ග් ඉන්න අනිත් එක්කෙන. එයා සුදු ලස්සන කෙනෙක්.
"අමා මෙයා තමයි මම කියපු අලුත් ලමයා.. අහිංසක පාටයි" මාව කාන්ති මිස් අමා මිස්ට හදුන්වලා දුන්නා. එයා මට වඩා අවුරුද්දක් බාලයි.
"සචිත්ටත් අපේ පරණ යුනිෆෝම් එකක් අදින්න වෙන්නේ. නදීගේ යුනිෆෝම් වගයක් රූම් එකේ ඇති. ඇදලා බලන්නකෝ." කාන්ති මිස් අමාට කිව්වා මට උදව් කරන්න කියලා.
මම අපිට දීලා තිබුනු රෙස්ට් රූම් එකට ගියහම අමා මට දුන්නා යුනිෆෝම් තියන බෑග් එකක්ම. මම එකින් එක අරන් බැලුවා. කලිසමයි බවුස් එකයි තව අමා ඇදලා හිටියා වගේ ගවුම් තුනක් විතර තිබුනා.
"මම මේ කලිසමයි ශර්ට් එකයි ඇදලා බලන්නම්." කියලා මම ඇදුම් මාරු කරන් අකොටසට ගිහින් ඇදලා බැලුවා. බවුස් එක නම් ගානට වගේ තිබුනා. කලිසම ඉන ගාවින් හරිම හිරයි. බොහොම අමාරුවෙන් ඇදගත්තේ.
"ෂා.. බවුස් එක ගානට තියනවා. මාස්ක් එක දාගත්තහම කොල්ලෙක් කියලා හොයන්න බැහැ. ඉන්න මම අපේ කැප් එකකුත් දාන්නම්. කියලා අමා මට සුදුපාට නර්ස්ලා දාන කැප් එකකුත් දැම්මා. මට දිග කොන්ඩයක් නැතත් කොන්ඩේ පස්සට කරල කැප් එක හයි කලා. මේ සපත්තු දෙකත් දාගන්න. මට සපත්තු දෙකක් දුන්නා දුන්නා. එවානම් ගානටම වගේ තිබුනා. මම සපත්ටු දැම්මෙ මගේ තිබුනු මේස් වලටමයි. "යමු ගිහින් කාන්ති අක්කට පෙන්නපු" අමා මගේ අතින් ඇදගෙන කාමරෙන් එලියට ගියා.
"ඔය ඉන්නෙ අපේ අලුත් මිස්" කාන්ති අක්කා මට හිනා වෙමින් කිව්වා.
"මෙහෙ පිරිමි අය නැති හින්දා ඔහොම තමයි අදින්න වෙන්නේ. සාමාන්යෙන් අපි ට්‍රේනින්ග් අයට ගවුම් යුනිෆෝම් එක තමයි දෙන්නේ කමක් නැහැ ඔයා ඔහොම අදින්න. මැඩම් කිව්වොත් අනිත් එක අදින්න වේවි. පිටින් කවුරුත් මෙහෙට එන්නෙ නැතිනිසා අවුලක් නැහැ."
"අක්කේ දැක්කත් කොල්ලෙක් කියලා හිතන්නවත් පුලුවන්ද" අමා මට විහිලු කලා.
මට කරන්න තියන වැඩ කාන්ති අක්කයි අමයි කියලා දුන්නා. ඇදටම වෙලා ඉන්න වයසක අය හිටපු නිසා මම ඇදගෙන හිටපු විදිහ අවුලක් වුනේ නැහැ. මටත් මිස් කියලා එයාලා කතා කලා.
Nice story, keep it up.
ReplyDeleteko ithuru tika
ReplyDelete