Wednesday, August 24, 2022

ට්‍රේනින් III

 

ඊලග දවසේ උදේ තේ වෙලාවේ අපි නදී අක්කාගේ බර්ත් ඩේ එක සෙලිබ්‍රේට් කලා. අපි තෝරපු ගවුමට අක්කා ආස වුනා. පොඩි කේක් එකක් කපලා නදී අක්කා අපි හැමෝටම කැව්වා. අපි කිව්වේ අයතනයේ ඇඩ්මින් මැඩම් සහ අපි හතර දෙනා. එදා හවස අපේ ආයතනය භාර නැඩම් එනවා කිව්වා මීටිමක් ගන්න. මැඩම් මාව ඇත්තටම දකින පලවෙනි පාර. මට පොඩි බයක් හිතුනා. 

කොල්ලෙක් ගවුමක් ඇදන් ඉන්න එකට බනිවිද? නැත්තම් යුනිෆොර් එකේ අඩුපාඩු කියයිද? කිය්ලා හිතුනා.

"අමා මැඩම් සැර කෙනෙක් නේද? මට බනීවිද?"

"ටිකක් සැරයි තමයි. ඒත් වැඩ කරන අයට කැමතියි. මැටැම් දන්නවා ඔයා යුනිෆෝම් එක අදිනවා කියලා. බය නැතුව ඉන්න."


හවස මැඩම්ට ටී දෙන එක මට බාර දුන්නා. මම මැඩම් සහ අනිත් අය ඔෆීස් එකේ කතා කර කර ඉන්න කොට ටී හදාගෙන කේක් එක්ක ගිහින් දුන්නා. ටී දීලා ඉවර වෙලා යන්න හදන කොටම මැඩම්

"මෙයා නේද අලුත් ලමයා, කොහොමද වැඩ මෙයාගෙ?" 

"ඉක්මනට වැඩ අල්ලා ගත්තා මැඩම්. ජොබ් එකට ආසාවෙන් වැඩමරනවා" කාන්ති අක්කා කිව්වා.

"ඒක පේනවා. මෙයාගෙ අක්කා කිව්ව නිසා තමයි මම මෙයාව ගත්තේ. ඔයත් මෙහෙන් වාඩි වෙන්නකො" මම එතන තිබුනු පුටුවකින් ගවුම හදාගෙන වාඩි වුනා. වාඩි වෙනකොට ගවුම කොට වෙන නිසා අතේ තිබුනු ටී ගෙනාපු ට්‍රේ එකෙන් දනිස්ස ගාව තියාගෙන දනිස් ලංකරගෙන වාඩි වුනා. මැඩම් මම වාඩි වෙන විදිහ දැකලා.

 "යුනිෆෝම් එක දැන් පුරුදුයි වගේ, මෙයාලා ස්ට්‍රෝකින්ග්ස් අදින්නේ නැත්තේ ඇයි කාන්ති මිස්?" 

"ට්‍රේනිස්ලට යුනිෆෝම් අලවුන්ස් නැති නිසා අපි එවා ඕනෙ නැහැ කිව්වා" කාන්ති අක්කා උත්තර දුන්නා.

"හෙට ඉදන් සචීත් ස්ට්‍රොකින්ස් අදින්න,  බිල් එක අපෙන් ගෙවන්න. මම විශේශයෙන්ම මේ මීටිම ගත්තේ අඩ්මින් මිස් හෙට ඉදන් අපේ හෙට් ඔෆීස් එකට යනවා. එතන පෝස්ට් එක වේකන්ට් වෙලා නිසා. කාන්ති මිස් දැන් කාලෙක් ඉදන් නයිට් කරන්න අමාරුයි කියන නිසා කාන්ති මිස්ට අඩ්මින් වැඩ බාර දෙනවා. එයා මෙතන සීනියර්ම. නදී සිනියර් නර්ස් ඔෆිසර් විදිහට ප්‍රොමෝට් කරනවා. ඊලගට අමා පහුගිය මාස හයේ හොඳට ප්‍රොෆෝම් කරලා හිටපු නිසා ඔයාව මෙතන පර්මනන්ට් ස්ටාෆ් එකට ගන්නවා." මැඩම් අපිට විස්තර කලා. ඒ විස්තරයට හැමෝම වගේ සතුටු වුනා. 

ඇඩ්මින් මිස් එයාගෙ ගෙවල් කිට්ටුවට යන්න ලැබුනා. කාන්ති අක්ක ලමයිගේ වැඩත් එක්ක නයිට් කලේ අමාරුවෙන්. එයාට ඔෆීස් ජොබ් එකක් ලැබුනා. අමා පර්මනට් වුනා. 

පහුවෙනිදා මම වැඩට යනකොට කාන්ති අක්කා ට්‍රවුසර් ඔෆීස් කිට් ඇදලා ඇවිල්ලා තිබුනා. එයා ඔෆීස් එකේ හිටියා. මම එයාට " ගුඩ්මෝනින් මැඩම් අලුත් ඇදුමට මැඩම් ලස්සනයි. කියල විශ් කලා. මම යුනිෆෝම් එකට චේන්ජ් වෙලා වෝඩ් එකට ගියා. නඩී අක්කා කරන වැඩ වලට අමා උදව් කරමින් හිටියා. අමා ඇදලා හිටියේ බ්ලවුස් සහ ට්‍රවුසර් යුනිෆෝම් එක. එයා පර්මනන්ට් නේ. මමත් එයාලත් එක්ක වැඩ කලා. 

"සචිත් මෙතන වැඩ කරන එකම කොල්ල වුනාට, අනිත් ඔක්කොම අදින්නෙ කලිසම්" නදී අක්කා කිව්වා. 

"කෝ ඔය ට්‍රේනි ලමයගේ ස්ට්‍රොකින්ස්, මැඩම් කිව්වා නේද අදින්න කියලා" අමා සැර මූනක් පෙන්නලා කිව්වා. 

"ආ අමා මිස්ට තමයි දැන් ට්‍රේනීගේ වගකීම තියෙන්නේ" කාන්ති අක්කා කිව්වා. 

"අද ගන්න බැරිවුනා මිස්" මම බිම බලාගෙන කිව්වා.

"මමගෙ අලුත් ඒවා ඇති එවා සචී ගන්න පස්සෙ මට අරන් දෙන්න." කාන්ති අක්ක මට දුන්නා. එයා කොහොමත් ස්ට්‍රොකින්ස් අදින්නෙ නැහැනේ දැන්.


මම ශූස් ගලවලා ස්ට්‍රොකින්ස් දාන්න හැදුවා. අමා මට ඒවා දාන විදිහ කියලා දුන්නා. මුලින්ම රෝල් කරලා කකුල දිගේ උඩට දිග අරින හැටි කියලා දුන්නා.

"සචී ඔයාගෙ යුනිෆෝම් එක පිලිවෙලකට ඇන්දොත් හොඳයි, නැත්නම් ආයෙ මැඩම් දැක්කොත් මටයි බනින්නේ" මමත් ඒක පිලිගත්තා. 

"ඔයා එදා ශොපින් ගියදවසෙ වගේ බ්‍රා එකක් ඇදලා යුනිෆෝම් එක අදින්න. අනික හැමදාම ලයිට් මේකප් එකක් කරගෙන ඉන්න. එතකොට ලස්සනයි. අමා කොහොමත් ෆැශන් ගැන උනන්දුයි. 


මෙහෙම කාලයක් මම වැඩ කරගෙන ගියා. මම හැමදේම අමාගෙන් අහගෙන කරපු නිසා අපි දෙන්නා හුඟක් ලන්වුනා වගේ දැනුනා. වැඩ කරන තැනදි වගේම රෑටත් කොල්ල් කරලා කතා කලා. මට එයාව නැතුව බැරි වුනා කිව්වොත් හරි. අමා ට්‍රවුසර් අදිද්දි මම යුනිෆෝම් ගවුම් අදලා ඉන්න හින්දද මන්දා කලින්ටට වඩා අමාට ගරුකිරීමක් මගේ හිතේ තිබුනා. එයත් මට වෙනදට වඩා නියෝග දෙනව කියලා හිතුනා. එයා මට වඩා බාල වුනත් සීනියර් නිසා ඒක ප්‍රශ්නයක් නැහැ.

අමා අලුතින් ස්කූටි එකක් ගත්ත නිසා එයා එකෙම වැඩට ආවා. අපේ ගෙවල් පහු කරගෙන එයා එන නිසා මටත් එයා එක්ක එන්න කිව්වා. "එතකොට ඔයාට මෙහෙ ඇවිල්ලා චේන්ජ් කරගන්න ඔනෙ නැහැ. ගෙදර ඉදන් යුනිෆෝම් එකෙන් එන්න පුලුවන්. අපේ අම්මා මම නර්ස් යුනිෆෝම් එකෙන් වැඩ කරනවා කියලා දන්න බව අමාත් දන්නවා. එයත් අපේ ගෙදර එක පාරක් ආවා. මටත් හමදාම ඇදුම් මාරු කරන එක එපා වෙලා තිබුනේ. හෙල්මට් දාපුවහම පේනේ නැති නසා මම අමාත් එක්ක එක්ක කැමති වුනා.

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...