අද අපේ ඔෆීස් එකේ මීටින් එකට වෙන බ්‍රාන්ච් වල කට්ටියත් ඇවිල්ලා හිටියා. මම මේ ඔෆීස් එකට ටිකක් අලුත් හින්දා ඔක්කොමලාව දන්නේ නැහැ. එකට ඇවිල්ලා හිටියා ලස්සන ලා නිල් පාට සාරියක් ඇඳපු ගැහැණු ළමයෙක්. එයා සාරිය ඇඳලා තිබුණු විදිහ හරිම නීට්. මම කිහිප සැරයක්ම එයා දිහා බැලුවා. ඒ සාරියේ මැටීරියල් එක හරිම සිනින්දුයි වගේ, වැඩිය කොමන් නැති මැටීරියල් එකක්. මම ඒ ළමයා දිහා බලනවා එයත් දැක්කා. ටී වලට මීටින් එක නතර කරපුවහම සාරිය ඇඳපු ගැහැණු ළමයා මං ළගට අවා.
“හායි, මම දැක්කා ඔයා කිහිප සැරයක්ම මං දිහා බලනවා. මොකද බලන්නේ?”
මට උත්තර නැතුව ගියා.
“මම ඕනේ තරං පිරිමි බලනවා දැකලා තියනවා. ඔයා ටිකක් වෙනස්. ඇත්ත කියන්න ඔයා බැලුවේ මගේ සාරිය දිහා නේද?”
“..”
“ඔයා මේ සාරියට ආසයි ද? ඕනනම් සාරි පොට අල්ලා බලන්න.”
මගේ ඇත ඉබේම සාරි පොට දිහාවට ගියා. ඒ මටිරියල් එක සිනිදුයි.
“ඔයා මේ සාරිය අදින්න කැමතිනම් මම ඔයාට අන්දවන්නම්. මීටින් එක ඉවර වෙලා මෙතනට එන්න. මම ඔයාව අපේ ගෙදරට එක්ක ගිහින් අන්දවන්නම්.”
මට උත්තර නැතුව ගියා. ආයේ මීටින් එක පටන් ගත්තා. මගේ හිතේ තිබ්බේ හවස මොකද කරන්නේ කියලා. සාරි එක දැක්කහම තවමත් පිස්සු වගේ.
No comments:
Post a Comment