Thursday, March 18, 2021

අළුත් අවුරුද්ද


 


මම අශේන්. මම ඉගෙන ගත්තේ පිරිමි ළමයි ඉන්න පාසලක. මගේ අම්මා බැංකුවක විධායක නිලධාරිනියක්. තාත්තා වැඩකලේ පිටරට. මගේ හොඳම යාලුවා වුනේ සමිත. සමිතයි මමයි ක්ලාස් ගියෙත් එකට. එයාගේ පවුලේ තාත්තා නැහැ. අම්මා බාලිකා විදුහලක විදුහල්පතිනියක්. අපේ අම්මයි සමිතගේ අම්මයි හොඳ යාළුවො.

මම පොඩිකාලේ ඉදන් ගැහැණු ඇදුම් ගැන උනන්දුවක් දැක්වුවා.හැබැයි මට ඒවා අදින්න ඕනේ කමක් තිබුනේ නැහැ.අම්මා බැංකුවක ඉහල නිලධාරිනියක් නිසා සාරි සෙරෙප්පු  වගේ දේවල් අම්මා ගාව ඕනෙතරම් තිබුනා.අම්මා සාරි අදින විදිහට මම ආශා කළා.
 අපේ පාසලේ මෙවර අවුරුදු උත්සවේ සහබාගී වෙන කට්ටිය පන්තිභාර ගුරුතුමී නම් කළා.
“කව්ද මේ පන්තියෙන් අවුරුදු කුමාරිට ඉදිරිපත් වෙන්නේ? අශේන් හොඳයි වගේ අවුරුදු කුමාරිට”
ඇය යෝජනා කළා.
“අශේන් ඔයා ලස්සනට ඉදියි රෙද්ද හැට්ටේ ඇන්දහම “ සමිත කිව්වා.
“අනේ මට බැහැ කෙල්ලෙක් වෙන්න ඔයා ඔන්නම් යන්න” මම අකමැත්තෙන් කිව්වා.
“එහෙනම් සමිතට පුලුවන්ද අවුරුදු කුමාරි වෙන්න, කොහොම හරී එක වෙන්න ඕනේ” මිස් කිව්වා.
සමිත එකට බොහොම කැමැත්තෙන් එකග වුනා. මට පුදුම හිතුනා එකපාරටම එයා කෙල්ලෙක් වෙන්න කැමති වුනහම.
කොහොම හරී අවුරුදු උත්සවේ දවස ආවා .එදා ළමයි ඇවිල්ලා හිටියේ අම්මලා එක්ක. සමිත අවුරුදු කුමාරිට ඇදලා හිටියා. එකපාරටම පිරිමි ළමයෙක් කියලා කියන්න බැහැ. ඉන ගාවට කොන්ඩේ තියන විග් එකක් දාලා, ඇඟට හිර ලස්සම හැට්ටයක් ඇඳලා, රතු මල් තියන සුදු පාට චීත්තයක් බුරිය පොඩ්ඩක් පෙනෙන විදිහට ඇඳලා තිබුනා. ලස්සන මුතුපොටක් බෙල්ලේ දාල තිබුනා.සුදුපාට අඩි උස සෙරෙප්පු දෙකකුත් දාලා හිටියේ. මම ඒ සමිත කියලා අදුර ගත්තේ එයා එයාගේ අම්මත් එක්ක හිටපු හින්දා. සමිතව දැකපු අපේ අම්මා”කාන්ති අක්කට ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා අපි දනන් හිටියේ නැහැනේ, මෙයානන් අනිවාර්යයෙන්ම එක වෙයි” කිව්වා. මට එකපාරටම දුකක් ඇතිවුනා මම අවුරුදු කුමාරිට ඉදිරිපත් වුනා නම් මටත් මේවගේ අදින්න තිබ්බනේ කියලා.
අවුරුදු උස්සවේ හැමෝගෙම අවදානේ තිබුනේ සමිත ගාව. කොල්ලෝ හැරී හැරී බලනවා. එයා ලෙහෙසියෙන්ම අවුරුදු කුමාරි වුනා. හැම මිස් කෙනෙක්ම සමිතගේ කම්මුල් සිපලා සුභ පැතුවා.සමිතලයි අපියි ගෙදර අවේ අපේ අම්මගේ කාර් එකේ.
“කාන්ති කොහොමද සමිතව මෙච්චර ලස්සනට ගැහැණු ළමයෙක් කලේ?”
“ජානකී ගැහැණු කම කියන එක ඇඳුම් වලින් මේකප් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමේ, එක හිතෙන විදිහෙන්ම එන දයක්, මම මගේ පුතාට  කෙල්ලෙක් වගේ හිතන්න පුරුදු කළා.”
“අම්මා කෙනෙකුට දුවෙක් ඉන්න එක ලොකු හයියක්” අපේ අම්මා දුකින් වගේ කිව්වා.
“එහෙම කියන්න එපා එළියේ සමාජයට කොහොම හිටියත් තමන්ගේ පුතාව තමන්ට කැමති විදිහට ගෙදර ඉන්න පුළුවන්”
“ඒක නෙමේ මේපාර ඔය දෙන්නා අපේ ගෙදර අවුරුදු කාල යන්න එන්න ඕනේ, අපේ ගෙදර ඉන්නෙත් අපි දෙන්න විතරනේ, එක රැයක් අපේ ගෙදර නැවතිලා යන්න බලාගෙන එන්න” සමිතගේ අම්මා ආරාධනාවකුත් කළා.
“සමිත හරී ලස්සනට ඇදලා හිටිය නේද පුතා, ඔයාටත් තිබ්බේ එක දවසකට අවුරුදු කුමාරි වෙන්න. ඔයත් ලස්සනට ඉදියි එහෙනම්” ගෙදර ඇවිල්ලා අම්මා මට විහිලුවට වගේ කිව්වා.
ඇත්තටම මම පසු තැවුනා මට ලබුනු අවස්තාව සමිතට දීපු එක ගැන. මට පලවෙනි පාරට කෙල්ලෙක් වෙන්න ඕනේ කියලා හිතුනා, එහෙම වුනා නම් ලස්සන ගවුම් අදින්න අම්මගේ ලස්සන සාරි අදින්න තිබුනා.

කොහොම හරී අවුරුදු කෑමට සමිතලගේ ගෙදර යන දවස ලං වුනා.අපිට ආරාධනා කරලා තිබුනේ රෑ කෑමකට. අම්මයි මමයි හවස 6.00 ට විතර සමිතලගේ ගෙදර ගියා. අම්මා ලස්සන ඔසරියක් ඇඳලා ගියා,ඒක නිල්පාට මල් වැටුණු සුදුපාට ඔසරියක්.අම්ම ඔසරිය ඇන්දත් සාරිය ඇන්දත් අදින්නේ හරී පිළිවෙලට. මම ඩෙනිමක් ටී ෂර්ට් එකකුයි ඇදගෙන ගියා. අපි ගෙදරට ගිහින් දොරට තට්ටු කලහම අපිව පිළිගන්න ආවේ ලා නිල් පාට ඔසරියක් ඇඳපු ලස්සන ගැහැණු ළමයෙක්. කොන්ඩේ බොලයක්  වගේ වෙන්න පිටිපස්සට ගැට ගහලා හිටියේ ඒ ළමයා දිහා මම ටික වෙලාවක් බලාගෙන හිටියා. එතකොට තමයි මට තේරුනේ මේ ඉන්නේ සමිත කියලා. අම්මටයි මටයි එයා ආයු බෝවන් කියලා පිළිගත්තා. සමිතගේ අම්මත් සාලෙට ඇවිල්ලා අපිව පිළිගත්තා. “සමිතා දුවේ නැන්දලාට වාඩි වෙන්න කියන්න” කාන්ති ඇන්ටි කිව්වා. මට හරිම පුදුමයි සමිත ඔසරිය ඇඳලා පුරුදුකාරියක් වගේ ඇවිදිනවා දක්ක්කහම.
“ ෂා ලස්සන කෙලි පොඩ්ඩ..හරිම ලස්සනට ඔසරිය ඇඳලා තියනවා.කාන්ති කොහොමත් හදට වැඩට අදින එක්කෙනානේ අලුත් දුවටත් ලස්සනට අන්දවලා තියනවා  ”අපේ අම්මත් සමිතව වර්ණා කළා.
“අනේ ජානකී මම නෙමේ දුවට ඔසරිය ඇන්දුවේ , එයයි තනියම ඇදගත්තේ.මම මෙයා අවුරුදු කුමාරි විදිහට ඉදිරිපත් වෙන්න තේරිච්ච දවසේ ඉදන් ගෙදර ගැහැණු ළමයෙක් වගේ ඉන්න දුන්නා. දැන් ගේ දොර වැඩත් දුවට හොඳට පුළුවන්. මම කතා කලේ දුව කියලා. කෙල්ලෙක් ගෙදරට ඉන්න එක අම්මා කෙනෙකුට කොච්චර ලෙහෙසිද කියලා තේරුනේ පහුගිය ටිකේ තමයි.” කාන්ති නැන්දා කිව්වා.
“දුවේ මේ කට්ටියට කූල් ඩ්‍රින්ක්ස් ටිකක් ගෙන්න” නැන්දා කිව්වා.
සමිත ඔසරිය පොඩ්ඩක් හදාගෙන ලැසි ගමනින් කුස්සිය පැත්තට ගියා. ඊට පස්සේ ටික වෙලාවකින් කූල් ඩ්‍රින්ක්ස් අරගෙන ආවා. ඔසරිපොට බිමට වැටෙනවට අත වටේ ඔතාගෙන තරුණ ගුරුතුමියක් වගේ සමිත අපිට ඩ්‍රින්ක්ස් ඇල්ලුවා.
පස්සේ අම්මයි කාන්ති නැන්දයි සමිතයි  කුස්සියට ගිහින් රෑ කෑම පිළියෙළ කළා. මම සාලෙට වෙලා ටීවී බලබල කල්පනා කළා. එදා මම අවුරුදු කුමාරිට ඉදිරිපත් වුනා නම් මටත් ලස්සන ඇඳුම් අදින්න තිබුනනේ කියලා මට පසුතැවීමක් ඇතිවුනා.
අපි රෑට කෑම කෑවා. ඔසරියත් ඇදගෙන කෑම මේසේ අස් කරන පිඟන් හෝදන වැඩ ඔක්කොම කලේ සමිත තමයි. ඒ හින්දා මට සමිත එක්ක තනියම කතා කරන්න බැරිවුනා. මට නිදා ගන්න හම්බ වුනේ සමිතගේ කාමරේ.එක තනිකර ගැහැණු ළමයෙක්ගේ කාමරයක් වගේ පිරිමි ඇඳුම් මුකුත් නැහැ. අම්මට තව කාමරයක් දීලා තිබ්බා. සමිති අම්මයි එක ඇදෙ නිදා ගත්තා.”දුවෙකුට අම්මෙක් ලග තරම් ආරක්ෂාවක් වෙන කොහෙන් ලබෙන්නද” අපේ අම්මා විහිලුවට කිව්වා.
පසුවදා උදේ නැගිටිනකොට මගේ ඇද  ලග ලස්සන සුදු ගැහැණු ළමයෙක් තේ කෝප්පයක් අරගෙන ඉන්නවා. ඒ සමිත, එයා ඇදලා තිබුනේ ලස්සන විලුබ ගාවට දිග රෝස පාට නයිටියක්.කොන්ඩේ කඩා දාලා හිටියට මුහුණ සීදේවි පෙනුමක් තිබුනේ.
” අශේන් ගුඩ් මෝර්නින්,මේ තේ එක බොන්න “
“ගුඩ් මෝර්නින් සමිත “මට කියවුනා.
“මට සමිතා කියන්න එකට තමයි මම කැමති” එයා කිව්වා.
“මටත් දැන් හිතෙනවා එදා අවුරුදු කුමාරි වෙන්න ඔයාට ඉඩ දීපු එක හොඳයි කියලා. ඔයා වගේ මම ලස්සන වෙන එකක් නැහැ ගැහැණු ළමයෙක් වුනොත්,” මම කිව්වා.
“ඔයා මට වඩා ලස්සන නිසානේ ක්ලාස් ටීචර් මුලින් ඔයාව තේරුවේ,” සමිත කිව්වා.
මට සමිත එක්ක තව දේවල් කතා කරන්න තිබුනත් කාන්ති නැන්දා කුස්සියේ ඉදන් සමිත ට කතා කළා.
“දුවේ පහල ඇළ ගාවට නාන්න යන්න ලැහැස්ති වෙන්න, අශේන්ලා යන්න කලින් එහා ගමේ පන්සලට යන්න ඕනේ”
මම කොට කලිසමකුත් ඇදගෙන තුවායත් අරගෙන ඇලට යන්න කුස්සිය පැත්තෙන් එලියට බැස්සා. දියරෙදි ඇදගෙන අම්මයි කාන්ති නැන්දයි එලියට ඇවිල්ලා හිටියා. ටික වෙලාවකින් ලස්සන චීත්තයක් පපුව ගාවට ඇදගෙන සමිතත් එලියට බැස්සා.සමිතගේ අගේ හැඩය දියරෙද්දට කැපිලා පෙනුනා. ඇලේ නන කොට මම තනියම පැත්තකට වෙලා නෑවා. ගැහැණු තුන් දෙනා(සමිතත් එක්ක) වෙනම නාවා. සමිත දියරෙද්ද බුරුල් කරලා අගේ සබන් ගෑවේ කවදාවත් කොල්ලෙක් වෙලා හිටියේ නැහැ වගේ අපේ අම්මා සමිතගේ පිටේ සබන් ගෑවා.
නලා ඉවරවෙලා අපි ගෙදර ගිහින් පන්සල් යන්න ඇදගත්තා. අම්මා සුදු සාරියක් ඇදලා තිබුනා. කාන්ති නැන්දා නිල් පාට බෝඩර් එක තියන සුදු ඔසරියක් ඇදලා හිටියේ. සමිත ඇදලා හිටියේ ළමා සාරියක්. වෙන විග් එකක් දාල කොන්ඩේ  කරල් දෙකට ගොතලා ලස්සම තැම්පත් ගැහැණු ළමයෙක් වගේ සමිතව පෙනුනේ.
“දැන් නම් පන්සලේ කාටවත් සමිතා කොල්ලෙක් වෙලා හිටියා කියලා දැනගන්න ලැබෙන එකක් නැහැ” අපේ අම්මා සමිත ගේ ලස්සන වර්ණා කළා. අපි පන්සල් ගිහින් බුදුන් වැදලා ගෙදර ආවා. සමිතයි  නැන්දයි ඒගොල්ලන්ගේ ගෙදරගියා.
“අනිද්දා දවල් කෑමට අපේ ගෙදර එන්න ඕනේ” අපේ අම්මා ඒ දෙන්නට අපේ ගෙදර එන්න ආරාදනා කළා.
“මමයි, දුවයි අනිවාර්යයෙන්ම එනවා” කාන්ති නැන්දා කිව්වා.
එදා මම ගෙදර ගිහින් කල්පනා කලේ ගැහැණු ළමයෙම් වෙන එක කොච්චර වාසනාවන්තද කියලා. එතකොට ලස්සන ඇඳුම් අදින්න පුළුවන් අහිංසක විදිහට ඉන්න පුළුවන්. අපේ අම්මටත් මට කියන්න පුලුවන්නම් මාවත් කෙල්ලෙක් කරන්න කියලා.
පහුවෙනිදා උදේ  අම්මා හන්දියට යන්න පිටත් වුනා ඊලග දවසේ දවල් කෑමට ඕනේ දේවල් අරගෙන එන්න. මම ගෙදර තනියම හිටියේ.මම උදේට කාලා ටීවී බලලා කම්මැලි හිතිලා මම අම්මගේ කාමරයට ගියා. එතකොට  දැක්කා අම්මගේ සාරි ටික අල්මාරියේ අහුරලා තියනවා.තව ඊයේ ඇදපු සුදු සාරියයි, ජැකට් එකයි, යටසායයි ඒ යට ඇඳුනුයි ඇද උඩ දාලා තිබුනා. මට ඒවා ඇදලා බලන්න ආසාවක් ඇතිවුනා.මම ගමේ පිරිමි ඇඳුම් සම්පුර්ණයෙන්ම ගලවලා අම්මාගේ පෑන්ටිය අන්දා, ඊට පස්සේ යටසාය ඇන්දා.පස්සේ බ්‍රා එක අදින්න හදද්දී මට පිටිපස්සෙන් එකේ ගාන්චුව දාන්න ටිකක් අමාරු වුනා. එක පාරටම කවුද කෙනෙක් ඇවිත් බ්‍රා එකේ ගාන්චුව දැම්මා. හැරිලා බලද්දී අපේ අම්මා. මම දොරවත් වහලා නෙමේ සාරි අදින්න හදලා තියෙන්නේ. මම අම්ම ඉස්සරහා බ්‍රා එකයි අන්ඩර් ස්කර්ට් එකයි ඇදගෙන ලැජ්ජාවේ බැහැ. මට කියා ගන්න දෙයක් නැහැ.
“අශේන් ඔයත් කැමතිද අශෙනි කෙනෙක් වෙන්න” අම්මා ඇහුවා. මම බිම බලා ගෙන ඔලුව වනවා.
“පලවෙනි දවසේ ගැහැණු ළමයෙක් සාරියක් අදින කොට සුදු සාරියක් අදින්න හොඳ නැහැ. මගේ ලා නිල් පාට මල් තියන සාරිය ඔයාට ලස්සනට තියෙයි එක අන්දවන්නද?” අම්මා ඇහුවා. මට හිතා ගන්න බැහැ මොනවා කියන්නඩ කියලා.
අම්මා මට සාරිය ඇඳලා ගෙදර තිබ්බ විග් එකකුත් මට දැම්මා.මම කණ්නාඩියෙන්  බැලුවහම ලස්සන කෙල්ලෙක් වගේ. මම ටික වෙලාවක් හැඩ බල බල හිටියා.
“දැන් හැඩ බලබල හිටියා ඇති කෙල්ලේ, ගැහැණු ළමයෙක් වුනා නම් අම්මලාට උදව් කරන්න ඕනේ.” අම්මා මට කිව්වා.
එදා දවසම මම සාරිය ඇදගෙන අම්මට උදව් කළා. රෑ නිදා ගන්න යනකොට ආයෙත් පිරිමි ඇදුම් වලට මාරු වෙනකොට මට මහා දුකක් ඇතිවුනා. ඊ  ලග දවසේ  උදේ නැගිටලා මුණ හෝදලා උදේට කළා ඉවර වුනහම අම්මා කිව්වා.” ඉක්මනට කැමති ඇදුමක් ඇදගන්න තව ටිකකින්  කාන්තියි, දුවයි එයි. මමත් පිළිවෙලකට සාරියක් ඇදගන්න ඕනේ”
මම අම්මලාගේ කාමරයට ගිහින් අම්මගේ කබඩ් එක ඇරලා රෝස පාට ඩිසයින්  එකක් තියන සාරියකුයි එකට ගැලපෙන අන්දර්ස්කර්ට් එකයි අරගත්තා
“අදත් සාරියක් අදින්න ආසද? මගේ සාරි තොගේ තියන මමත් වැඩියෙන්ම ආස සාරියක් තමා ඕක මම පුතාට මේක අන්දලා ලස්සන දුවෙක් කරලා ගන්නම්කො. සාරි අදින්න ඔච්චර ආසනන් තනියම සාරි අදින්න පුරුදුවෙන්න” අම්මා කිව්වා.
අම්මා සාරිය අන්දුවහම මම කණ්නාඩියෙන් හැඩ බලබල විනාඩි පහළොවක් විතර උන්නා. එතකොටම දොරේ බෙල් එක වදින සද්දේ ඇහුනා. මම ගිහින් ජනේලයෙන් බැලුවහම සමිතලා ඇවිල්ලා ඉන්නවා දැක්කා .කහපාට මල් වැටුණු ලස්සන සාරියක් ඇදලා සමිත ඇවිලා හිටියා, කාන්ති නැන්දා ඇදලා හිටියේ දම්පාට සාරියක්.

මේ දෙන්නා සාරියක් ඇදන් හිටපු මාව කොහොම පිළිගනීද දන්නේ නැහැ. මම හොඳ හුස්මක් අරගෙන දොර ඇරියා. 

No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...