Sunday, April 11, 2021

Ottuwa 2

 



අපි රෑට කාල ඉවරවෙලා ඉන්නකොට අක්කා ෆොන් එක බල බල හිටියා. "අක්ක කාටද වැඩිම ලයික්ස් තියෙන්නෙ" නංගි ඇහුවා.

"වෙන කාටද අපෙ අලුත් සහොදරියට තමයි" අක්කා ප්‍රතිපල නිකුත් කලා.

"බොරු කියන්න එපා කෝ දෙන්න බලන්න" කියලා මම ෆොන් එක ඉල්ලා ගත්තා. අක්ක අප්ලෝඩ් කරලා තිබුනෙ මගෙ කකුල් දෙක ලස්සනට තියන ෆොටො එකක්. ඇත්තටම මටත් එකපාරටම හිතුනෙ ඒ කකුල් දෙක ගැහැනු ලමයෙක්ගෙ කකුල් දෙකක් කියලා. 

"අනේ අක්කේ ඔයා දාලා තියෙන්නෙ මගෙ ලස්සන වැඩි ෆොටො එකක්නෙ, ඒ හින්දා තමයි මගෙ එකට ලයික්ස් වැඩි" 

"ලස්සන හින්දානෙ ලස්සන ෆොටො එකක් තිබුනේ, එවා වැඩක් නැහැ යූ ලොස්ට් ද බෙට් බේබ්" අක්කා ජයග්‍රාහී ලීලාවෙන් කිව්වා.

"අම්මේ අද ඉදන් සතියක් අයියා අයියාට අපි කියන වැඩ කරන්න වෙනවා" අම්මත් ඒවෙනකොට ඔට්ටුව ගැන දැනගෙන හිටියේ.

"ඒක හොඳයි, දවල් වෙනකම් නිදාගෙන ඉන්න එකේ සතියක් හරි ගෙදර වැඩක් කරනවනම්" අම්මත් අක්කලාගෙ පැත්තෙ.

"හරි හරි,දැන් මට කරන්න තියන වැඩ මොනවද?" කලිනුත් මෙහෙනම බෙට් තියල තියනවා අපේ ගෙදර. සමහර ඒවට අම්මත් සහබාගී වෙනවා. එකපාරක් ඔට්ටුවක් පැරදිලා සතියක් පුරාවටම නංගිට උයන්න වුනා. 

" හෙට වෙඩින් එක ඉවරවෙලා ගෙදර අවිල්ලා ලිස්ට් එකක් හදලා දෙන්නම්, අයියාට පාඩම් වැඩත් නැති නිසා ඔන්න නිදහසට කාරනා නැහැ"

"ආ මල්ලි දැන්ම නේල් පොලිශ් රිමූ කරන්න එපා. හෙට සපත්තු දාන හින්දා පේන්නෙ නැහැනෙ, ඔයාගෙ ලෙග්ස් හරි කියුට් මල්ලී"

ඔකොම කතා කර කර ඉදලා අපි නිදාගත්තා. උදේම වෙඩින් එකට ගිහින් ගෙදර එනකොට හවස් වුනා. අක්කයි නංගියි මගේ වැඩ ලිස්ට් එක හදලා අම්මටයි මටයි ඇහෙන්න කියෙව්වා.

"අපි මේ ලිස්ට් එකට අම්මගෙනුත් අදහස් ගත්තා, මුලින්ම අම්මාගෙ අදහස්"

" උදේ 5.45 ට නැගිටින්න ඕනෙ, ගෙදර අයට තේ හදන්න ඕනෙ, හවසට ඔක්කොම පිඟන් හෝදන්න ඕනෙ"

"උදේ නැගිටින එක තමයි අමාරු, අනිත් වැඩනම් අවුලක් නැහැ" මම කිව්වා. සමහර වැඩ මම කොහොමත් කරන ඒවා.

"මේ අක්කාගේ ලිස්ට් එක, ගෙදර හැමෝගෙම ඇඳුම් සම්බන්ද වැඩ මල්ලි කරන්න ඔනේ, ඒ කියන්නෙ උදේට ඇඳුම් මදින්න, අදින එවා පිලිවෙලකට තියන්න, වොශින් මැශින් දාන්න වගේම අදින්න උදව් කරන්නත් ඔනේ"

"ඒකත් එච්චර අවුලක් නැහැ වගේ බලමුකො නංගිගේ ලිස්ට් එකත්" නංගි තමයි අමාරුකාරි.

"මෙගෙන් නම් එච්චර අමාරු වැඩ නැහැ, හැමදවසකම අලුත් පාටක නේල් පොලිශ් ගාන්න ඔනේ, ඒකට ගැලපෙන විදිහට ඇදුමක් අදින්න ඔනෙ. උදේ විතරක් ඇන්දහම ඇති අපි ගියහම කැමති එකක් අදින්න පුලුවන්. එහෙම කරන්නෙ ඔයා ඔට්ටුව පැරදුනා කියන එක මතක්කරන්න" 

" හරි එහෙනම් හෙට ඉදන් සතියක් මම ඒ විදිහට ඉන්නම් කෝ"

" හෙට අදින්න ඔනේ මේ පින්ක් කලර් ලෙගින් එක අයියේ, ඔය නේල් පොලිශ් කලර් එකට මැච් වෙනවා" නංගි කිව්වා. 

මටත් මේ වැඩේ අවුලක් නැහැ, කොහොමත් ගෙදර කටිටියනෙ. 


මම එලාම් එක තියලා නිදාගත්ත හින්දා 5.45 ට නගිට්ටා, දත් මැදලා මූන හෝදලා නංගි ඩීපු ගෙගින් එක ඇඳගත්තා. ඒක හිර වුනාට ඇන්දම කිසිම අපහසුවක් නැහැ. රෝස පාට මගේ නේල් පොලිශ්වලට ගැලපෙනවා. මම බැගි වගේ ටීශර්ට් එකක් ඇදගත්තා. ඒ ටීශර්ට් එක මගේ වුනාට වැඩියෙන්ම ඇන්දේ නංගි තමයි. ඒ වෙනකොට අම්මත් ඇහැරිලා හිටියේ. මම කුස්සියට ගියා. 

"ඔය එන්නෙ මගෙ හෙල්පර්, මම කෙටල් එක තිබ්බා ඔයා තේ හදලා අක්කාවයි නංගිවයි ඇහැරවන්න" අම්මා කිව්වා.

මම තේ හදලා අක්කටයි නංගිටයි ගිහින් දීලා නැගිට්ටෙව්වා. අක්කා රසයි කිව්වා. නංගි " මගේ ලෙගින් එක ඔයාට ලස්සනයි" කියලත් කිව්වා. 

නංගිගේ ස්කූල් යුනිෆොම් එක අයන් කරන්න දීලා එයාලා මුණ හොදන්න ගියා. මම ඒක හොඳට අයන් කරලා එයාගේ ඇඳ උඩින් තිබ්බා. ඊට පස්සෙ මම නංගිගේ කබඩ් එකෙන් යට ගවුමකුයි, බ්‍රා එකකුයි පෑන්ටියකුයි ඇඳ උඩින්ම තිබ්බා. 

"ශා..අයියේ ඔයානම් ස්වීට්.. මගේ ඇඳුම් ඔක්කොම පිළිවෙලට තියලා කියලා නංගි ඇඳුම් අදින්න පටන්ගත්තා. මම නංගිගෙ ශූස් පිරිසිදු කලා. කොහොම හරි නංගි වෙනදට වඩා ඉක්මනට ලැහැස්තිවෙලා ගේට්ටුව ගාවට ගියා. ටිකකින් ස්කූල් වෑන් එකෙ එයා ගියා. වෙනදට වෑන් එක ඇවිල්ලා හොන් කරන කොටත් නංගි ලැහැස්ති වෙනවා.

අම්මා හුඟක් දවස්වලදි ඇන්දේ කොටන් සාරි, ඔසරි. මම අම්මගේ සාරි එක අයන් කලා, 

"පුතා ඔසරිපොට ලස්සනට නවලා මෙහෙම අයන් කරන්න" අම්මා පොට අයන් කරන හැටි පෙන්නුවා.

මම සාරිය අයන් කරන අතරේ අම්ම ගෙදර වෙන වැඩ කරගත්තා. සාරි ජැකට් එකත් අයන් කලා. අම්මා මම අයන් කරපු සාරිය අරගෙන කාමරයට ගියා. 

"ඔයා හින්දා මට හරි ලෙසියි පුතා" කියලා කිව්වා.

"අක්කේ.. ඔයාගෙත් සාරිය අයන් කරලා දෙන්නද?" මම අක්කගේ කාමරයට එබිලා අහුවා. අක්කා කණ්නාඩිය ඉස්සරහා වාඩිවෙලා කොන්ඩේ අයන් කරනවා. එයා කලුපාට සාරි පෙටිකෝට් එකයි ක්‍රීම් කලර් බ්‍රා එකකුයි ඇදලා හිටියේ. ගෙදර ඔක්කොම ගැහැනු හින්දා මම මීට කලිනුත් එයාලා බ්‍රා එක පිටින් දැකලා තියනවා.

"ආ..මල්ලි මම අද අදින්නේ සිල්ක් සාරි එකක්නේ, ජැකට් එක විතරක් අයන් කරන්න." කොලපාට සාරි ජැකට එකක් මට දුන්නා.

මම ඒක අයන් කරලා  අක්කට ගිහින් දුන්නා. එයා මේකප් කරලා ඉවරයි. 

 මම යන්න හදනකොට අක්කා කිව්වා" මල්ලි මට සාරි එක අඳින්න උඩව් කරනවද පොඩ්ඩක්, අද ප්‍රසන්ටෙශන් එකක් තියනවා"

අක්කා හීල්ස් දාගෙන ජැකට් එකයි පෙටිකෝට් එකයි පිටින් සාරිය අදින්න පටන්ගතා. මමත් කටු ගහන්න එහෙම උදව් කලා. හැබැයි සාරිය ටිකක් බුරුල් වගේ. වෙනදට සාරිය අදින්න උදව් කරන්නෙ අම්මා.

"ඉන්නකො අක්කෙ ආයෙ ගලවලා අදිමු" මම කිව්වා. අපි සරිය ආයෙ ගලවලා ඇන්දා. ඇත්තටම කිව්වොත් මම අක්කට ඇන්දෙව්වා. මම අම්මා අක්කට සාරිය අන්දනවා බලන් ඉදලා තියනවා. සාරිට ලස්සනට ආවා. ප්ලීට්, පොට එහෙම ලස්සනට තිබුනා. 

"තෑන්ක්ස් මල්ලී" පරක්කු වෙන නිසා අම්මයි, අක්කයි වැඩට යන්න පිටත් වුනා.

ටිකකින් අම්මගෙන් කෝල් එකක් ආව " හෙලෝ, පුතා ලොන්ඩ්‍රි බාස්කට් එකෙ ඇඳුම් වගයක් ඇති ඒ ටික හෝදලා වේලෙන්න දාන්න."

"හරි අම්මෙ මම කරන්නම්"

මම ඇඳුම් ටික හෝදන්න වොශින් මැශින් එකට දැම්මා. 

මම ඇදුම් හෝඩන අතරේ ෆොන් එකට කෝල් එකක් ආවා. 

"අනේ මල්ලි අපේ බ්‍රා වගයක් ඇති ලොන්ඩ්‍රි බාස්කට් එකෙ එවා වොශින් මැශින් එකට දාන්න එපා."

"අක්කෙ මම ඒවා අතින් හෝදන ගමන් ඉන්නෙ, පෑන්ටිත් අතින්ම තමයි හොදන්නේ."

"හොඳ මල්ලි බබා, ඔයා ඔට්ටුව පැරදිච්ච එකෙන් අපිට හරි වාසියි."

" උදේ නැගිටින එක තමයි අමාරු අක්කේ, මමත් ආසයි ගෙදර වැඩට උදව් කරන්න" මම කිව්වා.




 

2 comments:

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...