Wednesday, September 15, 2021

ඔන්ලයින් මාර්කටින්

 


අපේ අම්මා කරන ජොබ් එකට අමතරව ඉන්දියාවෙන් අඩුවට ඇදුම් ගෙන්නලා මෙහෙ කඩවලට දාලා විකුනනවා. මම ඒ ලෙවල් කරලා ගෙදර හිටියේ. පොඩ්ඩි, ඒකියන්න මගේ නංගී තවම හත වසරේ. අපේ තාත්තා රට හිටියේ. අම්මගේ වැඩේට උදව්වක් විදිහට මම හිතුවා ෆේස්බුක් එකේ ඔන්ලයින් ඇදුම් විකුනන්න පටන්ගන්න. මමයි පොඩ්ඩියි එකත් වෙලා ෆොටෝස් අරන් එවා ෆේස්බුක් පේජ් වල දැම්මා. ඒ විදිහට අපිට හුඟක් ඇදුම් විකුනගන්න පුලුවන් වුනා.

අම්මට මේපාර ඇවිල්ලා තිබුනේ සල්වාර්, ලෙහෙන්ගා සෙට් එකක්. මමයි නංගියි එවාගේ ෆොටෝස් අරන් නෙට් එකට දැම්මා. හුඟක් අය කොමෙන්ට් කරලා විස්තර අහලා තිබුනා. කිහිප දෙනෙක්ම ලෙහෙන්ගා එක ඇදලා ඉන්න ෆොටෝස් එවන්න කිව්වා.

පොඩ්ඩි තවම පොඩි නිසා එයාට අදින්නත් බැහැ. අම්මා ගෙදර හිටියෙත් නැහැ. ඊට පස්සේ පොඩ්ඩි ස්ටූල් එකක් උඩ නැගලා ලෙහෙන්ගා එක අල්ලාගෙන ඉන්න ෆොටෝ එකක් අපි යැව්වා. මුහුණු පෙනෙන්නේ නැති වෙන්න තමයි ෆොටො ගත්තේ.

එවා බලපු කට්ටිය කිව්වේ කවුරු හරි ලෙහෙන්ගා එක ෆොටෝ එකක් එවන්න කියලා. පොඩ්ඩි යෝජනා කලා මට ඇදුම ඇදලා ෆොටෝ එකක් යවන්න කියලා. මම බැහැ කිව්වා.

“අයියේ කවුරුත් අදුරගන්න එකක් නැහැ මුහුණ පෙන්නන්නේ නැහැනේ”  

“ඒත් කොල්ලෙක් කියලා අදුර ගනීද ඩන්නා නැහැ”

“ෆොටෝස් ටිකක් ඇරගෙන බලමු”

වෙන කරන්න දෙයක් නැති නිසා මම ත් කැමැති වුනා. ඒ ලෙහෙන්ගා එක කලු පාට එකේ ෆ්ලෝරල් ඩිසයින් එකක් තිබුනා. මම ශර්ට් එක ගලවලා ලෙහෙන්ගා එක ඇන්දා. නංගී පිටිපස්සෙ ශිප් එක දාන්න උදව් කලා. අපි ෆොටෝස් කිහිපයක් අරන් බැලුව.

“පොඩ්ඩි ෆොටෝස් හරියන්නේ නැහැ නේද, කොල්ලෙක් කියලා පේනවා. පපුවත් හරියට නැහැ”

“ටිකක් අවුල් තමයි අයියේ, ඒත් අයියා කැමතිනම් පොඩ්ඩක් වෙනස් කරලා ආයේ ඇදලා බැලමු”

“ඒ කොහොමද? අත් කකුල් වලිනුත් කොල්ලෙ කියලා පේනවානේ පොඩ්ඩි”

“ආයේ ලෙහෙන්ගා එක ගලවන්න කෝ” කියලා නංගී ගේ ඇතුලට ගිහින් තව පාර්සල් වගයක් ගෙනාවා.

“අයියා මේක ඇදින්න කෝ” මට බ්‍රා එකක් දුන්නා.

“අපෝ මේක ඇදින්නේ කොහොමද? කවුරුහරි ආවොත්”

“දොර වහලා තියෙන්නේ, උඩතට්ටුවට කවුරුත් කෙලින්ම එන්නේ නැහැනේ” මම බ්‍රා එක අදින්න පටන් ගත්තා. පස්සෙ මට තේරෙන්නේ නැති නිසා නංගී උදව් කලා. මට බ්‍රා අදින්න උදව් කලාට මොකද නංගිත් තවම බ්‍රා අදින්නේ නැහැ.

නංගී දීපු ස්විමින් ට්‍රන්ක් එක මම කාමරේට ගිහින් මාරුකරගෙන ආවා. දැන් බ්‍රා එකයි කොට ස්විමින් ට්‍රන්ක් එකයි පිටින් නැන්ගි ඉස්සරහා. පොඩ්ඩි කියන්නත් කලින් ඉක්මනට මම ලෙහෙන්ගා එක ඇදගත්තා. පොඩ්ඩි ශිප් එක දැම්මා.

“”අයියගේ කියුටෙක්ස් ටිකක් ගාලා ගමු එතකොට අත් කෙල්ලෙක්ගේ වගේ වේවි. මම පුටුවක වාඩිවෙන්න කියලා මගේ අත්වලයි, කකුල්වලයි නියපොතුවල කියුටෙක්ස් ගෑවා. ඒවා වේලෙනකම් අපි ෆේස්බුක් මැසේජ් වලට රිප්ලයි කර කර හිටියා. ඊට පස්සේ නංගි මගේ ෆොටෝස් ගත්තා. ශෝල් එක  එක එක විදිහට දාලා, පෝස් කරමින් ෆොටෝ ගත්තා. නංගියි මායි විතරක් ඉන්න හින්දා ලැජ්ජාවක් තිබුනේ නැහැ. අත්වලට වලලු දාලා, ක්ලිපොන් කරාබු දාලත් ෆොටෝස් ගත්තා.

ඊට පස්සේ හොඳ ෆොටොස්ස් තෝරන්න පටන් ගත්තා. මම ඇදුම් ගලවන්නේ නැතුව හිටියා අය්‍යෙ ෆොටෝස් ගන්න ඔනේ වුනොත් කියලා. බ්‍රා එක ඇගට හුරුවෙලා වගේ තේරුනා.  ඒ ෆොටෝස් බලද්දි මට හිතුනෙත් කෙල්ලෙක් කියලා, එවගේ මුහුණ පෙනුනේ නැහැ. අපි හොඳ ඒවා කිහිපයල් අප්ලෝඩ් කලා.  ඊට පස්සෙ මම ඇදුම් මාරු කරගත්තා.

“මේ දවස්වල ගෙදරම ඉන්න හින්දා දැම්ම කියුටෙක්ස් යවන්නේ නැත්ව ඉමු නේද අයියේ” පොඩ්ඩිගේ ඉල්ලිමට මගේ අකමැත්තක් තිබුනේ නැහැ. ඒ කියුටෙක්ස් වලට මමත් කැමැත්තෙන් හිටියේ.

හවස් වෙනකොට අපේ ෆොටෝස් වලට හුගක් කොමෙන්ට්ස් වැටිලා තිබුනා. අපි ගාව තිබුනු ලෙහෙන්ගා කිහිපයක්ම ඔන්ලයින් ඕඩර් වලට යැව්වා.

සමහරු මොඩල්ගේ ලස්සන ගැනත් කියලා තිබුනා!

“අයියේ අපි හෙට අනිත් ඇදුම් ටිකත් ඇදලා ෆොටෝස් දාමුද එතකොට ඉක්මනට විකිනේවි”

“අම්මා මොනවා කියයිද දන්නේ නැහැ මටනම් ඇකමැති වෙන්න හේතුවක් නැහැ.”

“අම්මගෙන් අහලා බලමු” පොඩ්ඩි කිව්වා.

රසිකයෙකුගේ නිර්මාණයකි.

1 comment:

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...