Thursday, March 18, 2021

ඔසරිය


මම ඉගෙන ගන්නේ මිශ්‍ර පාසලක. ඒ  ඉස්කෝලෙම තමයි අපේ අක්කත් ඉගෙන ගන්නේ. අපේ අම්මත් ඉස්කෝලෙ උගන්වන ටීච කෙනෙක්. අපේ අම්මා උගන්වන්නේ සංගීතය නැටුම්. අපේ අම්මා තමයි වාදන කණ්ඩායම භාරව ඉන්නේ. මම පිරිම වාදන කණ්ඩායමේ දවුල්සෙල්ලං කරනවා . අක්කත් කාන්තා තව වාදන කණ්ඩායම සෙල්ලම් කරනවා.මේ පාර සමස්ත ලංකා තරගාවලියේදී පිරිමි කණ්ඩායම මුල් වටෙන්ම පරාද වුණා.කාන්තා කණ්ඩායම පළාත් මට්ටමට ම ගියා.කාන්තා කණ්ඩායමේ දවුල සෙල්ලම් කරන සදමාලී අක්කා ඉස්කෝලෙන් අයින්වෙච්ච හින්ද එතෙන්ට වෙන ළමයෙකු හොය හොය හිටියේ. දවුල් සෙල්ලං කරන්ඩ වගේම හොඳට ෆොර්මේෂන් කරන්ට පුළුවන් ළමයෙක් හිටියේ නෑ ඉස්කෝලේ.අම්මා හිතුවා පළාත් මට්ටමේදි වාදන කණ්ඩායම පරාද වෙයි කියලා.අම්මා හුඟක් මහන්සි වත් වුණා කාන්තා කණ්ඩායම පුරුදු කරන්න. අක්කත් මහන්සි උනා එකේ පුහුණුවීම් වලට ගිහින්.මම බොහොම දුකින් හිටියේ කණ්ඩායම පරාද වෙයි කියලා.මම එතකොට 10 වසරෙ ඉගෙන ගන්න ගනිමින් හිටියෙ.අක්කා හිටියෙ 12 වසරේ.අපේ ඉස්කෝලේ ලොකු ඉස්කෝලයක් නෙමෙයි. ඒ හින්දා මේ තරගාවලියේදී ජයග්‍රහණය කලොත්  ඒක ඉස්කෝලේ ලොකු ආඩම්බරයක් වෙනවා.දවසක් අම්මයි, අක්කයි මේ ගැන ගෙදරදි කතා කර කර ඉන්නකොට අක්ක අලුත් යෝජනාවක් කළා

.අක්කා කිව්වා “මල්ලිට හොදට දවුල් ගහන්න පුළුවන් නේ ෆ්ප්ර්මේෂන් කරන්ටත් මල්ලිට හොදට පුළුවන්නේ මල්ලි අපි ගෑනු ළමයෙක් වගේ අන්දලා  අපේ බෑන්ඩ් එකට ගමු. කාටවත් හොයාගන්න පුළුවන් වෙන එකක් නෑ. හොදට මේකප් කරපුවහාම” . 

“එහෙම කරන්නේ කොහොමද ළමයෝ කවුරු හරි දැනගත්තොත්  එහෙම” අම්මා කිව්වා.

“කවුරුත් දැනගන්නේ නැහැ. මේ බෑන්ඩ් එකේ ගැහැණු ළමයි ඔක්කොම එකා වගේ ඉන්නේ කාටවත් කියන්නේ නැහැ”.අක්කා උත්තර දුන්න.

“මුහුණ සුදුවට තියෙන හින්දා ඔසරියක් අන්දල ගත්තොත් මල්ලිව හොයන්ඩ බැරිවෙයි”අම්මා එහෙම කිව්වා

“මල්ලි මොකද කියන්නේ අපේ බෑන්ඩ් එකත් එක්ක සමස්ත ලංකා යමුද?” අක්කා ඇහුවා.

“අනේ අක්කේ මම කොහොමද ගෑනු බෑන්ඩ් එකේ සෙල්ලම් කරන්නේ, මාව දැක්කගමන් අඳුර ගනී.අනිත් එක මම කොහොමද ඔසරි අදින්නේ”මම කිව්වා.

“පුතා කොහොම හරි මේකට කැමති වෙන්ඩ. මම හුඟක් මහන්සි වුණා මේ බෑන්ඩ් එක පුහුණු කරන්න”අම්මා බැගෑපත්වුණා.

“අපේ පංතියේ අචලා ඉන්නෙත් ඔය බෑන්ඩ් එකේ. එය අපේ පන්ති ළමයින්ට  කියලා මට ලැජ්ජ කරයි”මම කිව්වා.

“මම ඒක ගැන බලාගන්නම්” අක්කා කිව්වා.

“කවුරුත් දැනගන්නෙ නෑ තව සති දෙකෙන් අපිට ප්‍රැක්ටිස් කරන්ඩ තියෙන්නේ, අනික සමස්ත ලංකා සහතිකයක් ගත්තොත් ඒක විශ්වවිද්‍යාල යන්ටත් උදව් වෙනවා.මගේ සුදු පුතා අම්මා ගැන හිතල මේකට කැමති වෙන්ඩ” අම්මා ඉල්ලුවා.

“මල්ලි පහ වසරට විතර වෙනකන් සමහර දවස් වල ගෙදරට  ඇන්දේ  මගෙ ගවුමනේ. මතක නැද්ද? කෙල්ල වගේ හිටියේ” අක්ක මතක් කළා.

අපේ ඉස්කෝලේ පිරිමි වාදන කණ්ඩායමේ දක්ෂ ළමයි හිටියේ නෑ. ඒ අයගෙ උනන්දුව අඩුයි .ඒ වගේ නෙමේ ගැහැණු ලමයින්ගෙ කණ්ඩායම.අපිට අදින්න තිබ්බෙත් පොඩි සරමක් වගේ එකක්. ඒ වුනාට  ගැහැනු ලමයින්ගෙ කණ්ඩායමට  ලස්සන ඔසරියක් අදින තිබ්බ.එකේ හුඟක් හිටියේ 11, 12, 13 වසර වල අක්කලා.මොකද අපේ ඉස්කෝලෙ ඒ ලෙවල්  වලට හිටිය ගෑනු ළමයි විතරයි.පිරිමි ළමයින් ඕ ලෙවල් වලින්  පස්සේ වෙන ඉස්කෝල වලට යනවා.බෑන්ඩ් එකේ යුනිෆෝර්ම් එක රතු පාට ඔසරියක් කහ පාට බෝඩරේ තියෙන. ලස්සන අක්කලා ටිකක් හිටියා බෑන්ඩ් එකේ.අම්මගෙ ඉල්ලීම හින්දයි අක්කලා ගොඩක් එක්ක එකට සෙල්ලම් කරන්න පුළුවන් හින්දයි මම මේකට යටිහිතින් කැමති වෙලා හිටියෙ.

“අම්මලා කියනවා නම් මං මේකට කැමති වෙන්නම්”.

“ෆොර්මේෂන්  වල එහෙම ලොකු වෙනසක් නෑ පිරිමි බෑන්ඩ් එකත් එක්ක. ඇවිදින විදිය කොස්ටියුම් ඇදගෙන ප්ලේ කරන  විදිහ තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ.හෙට අපි ඔසරියක් ෆිටෝන් කරලා බලමු. හවසට තුන්පාරක් විතර ප්‍රැක්ටිස් කරපුවාම ඇති.අන්තිම දවස් වල දවසම ප්‍රැක්ටිස් කරනවා නේ කොහොමත්.හෙට හවස ඉස්කෝලෙ නවතින්න ප්‍රැක්ටිස් කරන්න” අම්මා කිව්වා.

අක්කයි අම්මයි එකතුවෙලා මගේ මෙෂමන්ට් ගත්ත ඔසරියක් හදන්න. මට පොඩි බයක් වගේම ලැජ්ජාවක් තිබුන මේ වැඩේ ගැන. කමක් නැහැ සති දෙකයි නේ.  




ඊ ළඟ දවස සිකුරාදා දවසක්. මම හවස බෑන්ඩ් ප්‍රැක්ටිස් ඉන්න බලාගෙන ඇදුම් අරන් ගියේ. අපේ ගර්ල්ස් බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන්නේ ටී ෂර්ට් , බොටම් ඇඳගෙන. මම ඉස්කෝලේ ඉවරවෙලා ඇඳුම් මාරු කරගෙන ගියා පිට්ටනිය කෙලවර ප්‍රැක්ටිස් කරන තැනට. අම්මා තමයි බෑන්ඩ් එක පුහුණු කර කර හිටියේ. 

“අපේ සඳමාලි දැන් ඉස්කෝලේ නැති හින්ද මෙයා තමයි දවුල් සෙල්ලන් කරන්නේ මේපාර තරගෙට. පිරිමි ළමයෙක් ගැහැණු බෑන්ඩ් එකේ ඉන්නවා කියල වෙන කවුරුත් දැනගන්න තියන්න එපා. එහෙම වුනොත් මේපාර අපිට රෑන්ක් එකක් ගන්න බැරිවෙයි. මේ පුතා පිරිමි බෑන්ඩ් එකේ හොඳටම ප්ලේ කරන ළමයෙක් “ අම්මා කිව්වා.

“ මෙයා අපි ඔක්කොටම වඩා සුදු හින්ද කවුරුත් සැක හිතන එකක් නැහැ.” එක ළමයෙක් කිව්වා. 

මට තේරිච්ච විදිහට අක්කා කලින්ම කට්ටියට විස්තරේ කියල. බෑන්ඩ් එකේ ඔක්කොම වගේ හිටියේ අක්කලා. අපේ පන්තියේ එක ලමයයි හිටියේ. ඔක්කොමල මල්ලි කියල මට කතා කලේ. අපි පැය දෙකක් විතර පුහුණුවීම් කළා. මට ඉක්මනට ෆොර්මේෂන් ටික අල්ලගන්න පුළුවන් වුනා. අම්ම කිව්වා “පුතා ඇවිදින වේගේ වැඩියි. හෙමින් ලතාවකට හැරෙන්න ඕනේ කියල”. 

එදා ප්‍රැක්ටිස් ඉවර වෙලා අම්මයි, අක්කයි ,මායි අම්මගේ කාර් එකේ ගෙදර ආව. එන ගමන් ඇඳුම් කඩ දෙක තුනකට ෂොපින් ගියා. 

සෙනසුරාදා උදේ මම නැගිටින කොට අක්ක පන්ති ගිහින් තිබුන. අම්ම මට කිව්වා “ පුතා මුහුණ හොදගෙන උදේට කාල අද ඉදන් ප්‍රැක්ටිස් කරමු”

“අම්මේ තනියම කොහොමද බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරන්නේ” මම ඇහුවා.

“ආ.. කොල්ලෙක් වගේ කකුල් උස්ස උස්ස හයියෙන් ඇවිදින කොට කට්ටිය දැනගනී කොල්ලෙක් කියල. එදාට කොස්ටියුම් ඇඳලා යද්දී කකුල පැටලිලා වැටෙයි. කොල්ලන්ගේ බෑන්ඩ් එකේ සරම් කෑල්ල වගේ නෙමෙයි ඔසරිය ඇඳලා යනකොට .. ලස්සනට ඇවිදින්න ඕනේ” අම්මා සැරෙන් කිව්වා. අම්ම කොහොමත් ටිකක් සැර ටීචර් කෙනෙක්.

“ඉතින් අම්මේ මම පොඩි කලේ අක්කගේ ගවුම් එහෙම ඇඳන් ඉදලා තියනවනේ. ඕක එච්චර අමාරු දෙයක්ද? අනික තවම කොස්ටියුම් ලැහැස්ති නැහැ නේද?” 

“කොස්ටියුම් හම්බවෙන්නේ කොහොමත් තරගෙට දවස් තුනකට කලින්. ඊට කලින් ඔසරියක් ඇඳලා පුරුදු වෙන්න ඕනේ. අනික එදාට නුපුරුදු විදිහට හිටියොත් කට්ටිය සැක හිතයි. “

“මම දන්නේ නැහැ ඔය ඔසරි අඳින්න..” මම ගැලවෙන්න කිව්වා. 

“එදාට අදින්න තියෙන්නේ මේඩ්අප් කරපු ඔසරියක්. දැනට සාරියකින් ඔසරිය ඇඳලා පුරුදු වෙමු. මම මගේ සාරි  දෙන්නම් මේ දවස්  දහයේ ඇදන් ඉන්න.”

මම කැමති වුනා ඔසරිය ඇඳලා බලන්න. අම්ම ගේ සාරි ජැකට් එකක් මුලින්ම මට ඇඳලා බැලුව. එක මට ගානට ගැලපෙනවා. “ ශා මගේ ජැකට් එක ගානට ගැලපෙනවා පුතාට, අක්කටත් මගේ ඒවා හරියනවා. පස්සේ අපි තුන්දෙනාට මාරු කටන් සාරි අදින්න පුළුවන් “ අම්ම විහිලුවට කිව්වා. 

හැට්ටේ මට ගානට තිබුනට පපුව තිබුනේ නැහැ. අම්ම හැට්ටේ ගලවන්න කියල මට බ්‍රා එකක් දුන්න ඇදගන්න. මට එක තනියම අදින්න බැහැ. අම්මා මට කියල දුන්න අදින හැටි. එක ඇතුලට රෙදිකලි දෙකක් දැම්ම හොඳට පිම්බිලා පෙන්න. “ එදාට අදින්න ෆිල් කරපු බ්‍රා එකක් හදල දෙන්නම්” අම්ම කිව්වා.

ඔය කලිසම ගලවල මේ යට සාය ඇඳගන්න කියල අම්ම ලා නිල් පාට සැටින් යට සායක් දුන්න. මම කොට කලිසම ගලවල මගේ ජෝකාට උඩින් යට සාය ඇන්දා. අම්ම ආයෙත් කාමරයට ආව. මට රවුම් දෙක තුනක්  ඇවිදින්න කියල හැඩ බැලුව “ පොඩ්ඩක් කෙල්ලෙක් වගේ ඇවිදින්න හදිස්සියක් නැතුව. ඔයාගේ අර හඩු ලන්කට් එකක්ද ඇන්දේ යටට. එකේ දාර පේනවා එලියට.. ම්ම්ම්... කොල්ලෝ ඔයාගේ පස්සනම් මදි ටිකක්.. උකුලේ පළල නම් තියනවා. ඔහොම සරම වගේ සාය පැත්තකින් උස්සන් යන්න එපා.” මම සාය කකුලේ පැටලෙන හින්දා පැත්තකින් උස්සගෙන ඇවිද්දේ.

“ඔය ලන්කට් එක ගලවලා මේක ඇඳලා බලන්න” අම්ම මට ක්‍රීම් පාට කලිසමක් වගේ එකක් දුන්නා. එක රබර් පස්සක් තියන පැන්ටියක්. මම සාය උස්සල ලන්කට් එක ගලවල එක ඇඳගත්තා. 

“හරි දැන් හොඳයි.. පුතාගේ පස්ස දැන් කෙල්ලෙක්ගෙ වගේ තියනවා. බෙල්ලෙන් පහල  නියම ගැහැණු ඇඟක් තියෙන්නේ. “ අම්ම මගේ යටසායේ ගැටය තව ටිකක් පහලට කරලා තදකලා. බුරියෙන් අගල් දෙකක් විතර පහලින් දැන් යට සාය තියෙන්නේ. විලුඹ වැහෙන්නම සාය දිගයි. ඇවිදිනකොට කකුල පැටලෙනවා. 

“මේක දිග වැඩියිනේ” මම අම්මට කිව්වා.

“ඔය දිග තමයි ගාන. බෑන්ඩ් එකේ අනිත් ළමයි ඔසරිය අදින්නෙත් ඔය ගානට, අගල් එකහමාරක විතර හීල්ස් දෙකක් දාන හින්ද පිට්ටනියේ ප්‍රෆෝම් කරන කොට ප්‍රශ්නයක් නැහැ. බැහැයි ශුෂ් නැතිව ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ දැන් ඉදම්ම. මෙහෙම පොඩ්ඩක් පස්ස පද්දලා ඇවිදින්න” අම්ම පස්ස පද්දලා පෙන්නුවා. මමත් ටිකක් වෙලා එහෙම ඇවිදින්න පුරුදු වුනා. සාය කකුල් වල ඇතිල්ලෙද්දී අමුතු හැගීමක් ඇතිවුනා. 

“මම, අක්ක එහෙම ගෙදරට ස්කර්ට් ඇදන් ඉන්නවා දැකලා ඇතිනේද, ඒ විදිහට ඇවිදින්න. පුතා පහල තට්ටුවට ගිහින් එන්න බලන්න” අම්ම මම පඩිපෙළ නගින බහින හැටි බං හිටිය.

“කොල්ල ඉක්මනට ස්කර්ට් ඇදන් ඇවිදින්න ඉගෙන ගත්තනේ. සාය පැටලෙන්නේ නැතුව ලස්සනට පඩිපෙළ නැග්ග. මිටමොලවල සාය අල්ලන්නේ නැතුව ගැහැණු ළමයෙක් වගේ  ලස්සනට ඇඟිලි දෙකෙන් ස්කර්ට් එක උස්සගෙන ඇවිදින්න.” අම්ම තව උපදෙස් දුන්න.

“කෝ අම්ම මට අද අන්දන්න ඉන්න සාරිය?” මම නොඉවසිල්ලෙන් ඇහුව.

“අම්මේ මේ කොල්ලට කෙල්ලෙක් වෙන්න තියන හදිස්සිය. ආසද ඉක්මනට ඔසරියක් ඇඳලා කුමාරිහාමි කෙනෙක් වෙන්න.? අද හොඳට සාරි ජැකට් එකටයි, අන්ඩර් ස්කර්ට් එකටයි අද හොඳට පුරුදු වෙන්න කෝ. “

“හදිස්සියක් නැහැ අම්මේ.. මම නිකන් ඇහුවේ..” මම ලජ්ජාවෙන් උත්තර දුන්න.

“හරි එහෙනම් පුතා මම පහලට යනවා.. ස්කර්ට් එකෙන් ඇවිදලා තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න.” කියල අම්ම ගියා.

“ මම කාමරයට වෙලා කන්නාඩියෙන් මගේ හැඩ බැලුව. අලුතෙන් ඇඳපු පැන්ටියයි, බ්‍රා එකයි හින්දා මගේ ඇඟ කෙල්ලෙක්ගේ වගේමයි, සැටින් සාය ඇඟේ ගෑවෙනකොට අමුතු මිහිරක් දැනුනා.  පිරිමි ඇඳුනුත් මේ වගේ තිබ්බනම් කොච්චර හොඳද කියල හිතුන.

අම්ම මගේ නම කියල කුස්සියේ ඉදන් කතා කළා. මම ඉක්මනට සාය දෙපැත්තෙන් අල්ලාගෙන කුස්සියට ගියා.

“ දැන් පුතා කෙල්ලෙක් වුනානම් අම්මට කුස්සියේ උයන්න උදව් කරන්න. කොල්ලෙක් වගේ කොම්පුටර් එක ගාවට වෙලා ඉන්න බැහැ. හොඳ කෙල්ල වගේ මේ එළවලු ටික කපලා දෙන්න.” මම එළවලු කප කප  ඉන්න කොට දොරේ බෙල් එක ගහන සද්දේ ඇහුනා. 


"අක්කා වෙන්ඩ ඇති" අම්මා කිව්වා."මම ගිහින් බලන්නම්" .

අක්කා කෙලින්ම ආවේ කුස්සියට ."මේ මොකද මේයට සායකුයි හැට්ටෙකුයි ඇඳගෙන "අක්කා ඇහුවා.

" අද ඉදන් මෙයා ගෙදර  ප්‍රැක්ටිස් කරනවා"

"කෝ එතකොට ඔසරිය" "අදට මේ ඇති ඉස්සෙල්ලා සායට හුරු වෙන්ඩ ඕනේනේ"

"මල්ලිට  හොඳට ගැලපෙනවා, මෙයා  සුදු පාට හින්දා  ඕනි පාටකට ඔසරියක් හරියනවා. හැබැයි ඔය වගේ ඇගකට  නියමෙටම ගැලපෙන්නෙ සාරිය තමයි"අක්කා මගේ හැඩ බලලා ගමන් කිව්වා.

"ඉස්සෙල්ලා ඔසරිය අදින්න ඕනේ.බෑන්ඩ් එකේ නිල ඇදුම" අම්මා උත්තර දුන්නා.

"මටත් පොඩ්ඩක් ඇවිදලා පෙන්නන්නකො මල්ලි"අක්කා ඉල්ලා හිටියා.

මම අක්කටත් පොඩ්ඩක් ඇවිදලා පෙන්නුවා"ශා ලස්සනයි නියමෙටමකෙල්ලෙක් වගේ ඇවිදිනවා අම්මා හොඳට උගන්නලා තියෙනවා නේ|

|ඕක කලිසම ඇදගෙන කරන්න පුලුවං දෙයක් නෙවෙයිනේ සායක් ඇඳගෙන තමයි මේ විදියට ඇවිදින්න පුළුවන්, බලන්ඩකෝ පැටලී නැතුවඇවිදින් අපූරුව" අම්ම් ආඩම්බරෙන් උත්තර දුන්න. "එහෙනම් පුතා දැන් ඔය යටසාය, ජැකට් එක ගලවලා නාගෙන හවස පන්ති යන්න." 

"හෙට මමත් ගෙදර ඉන්න එකෙ ඔසරිය අදින්න ප්‍රික්ටිස් වෙමු". අක්කා කිව්ව්. අක්කට තමයි ඔසරි අදින්න පුළුවන්. අම්මා සාමාන්යෙන් අදින්නේ සාරිය.

ඊළඟ දවසේ උදේ නැගිට්ට. එතකොට අම්ම යි අක්කයි දෙන්නම නැගිටලා හිටියේ."ආ මල්ලි උදෙන්ම නැගිට්ට ද? අද වැඩ තියෙන දවසක් නේ"ඒ අක්කා

"මුහුණ හෝදගෙන උදේට කාල ඉන්ඩකො"

"අර මගේ රොසපාට මල් තියන සාරි එක ඇති  කාමරේ එක අද්දන්න ලොකු දුවේ". අම්ම කුස්සියෙ ඉදන් කිව්ව.මම මුහුණ හෝදගෙන අක්කාගේ කාමරේට ගියා

"මේ ඇදුම් ටික මුලින් ඇද ගන්න දැන් පුරුදුයිනේමෙවා." මම තනියෙන් බ්‍රා, පෑන්ටි ඇදලා. සාරි ජැකට් එකයියට සායයි ඇන්දගත්තා. ඊටපස්සෙ අක්කට කතා කලා." මල්ලි හොදට ඇදගෙනනෙ.මල්ලි කැමති ඔසරිය පහලින්අදින්නද."

" එහෙමඑකක්නැහැ අක්කේ. එහෙම ඇන්දහම පහසුයි. තරුන කොල්ල්ලෙක්ට ඔය විදිහට ඇන්දහමලස්සනයි. ඔයාගේ බඩත් සුදුයි, ෆ්ලැට්. සාරියටම ගැලපෙන ඇග. මේ සාරියෙන් තමයි ඔසරියක් අන්දවන්න ඉන්නෙ."

 අක්ක සාරියක් පෙන්නුවා. සුදු පාට සාරිය රොසපාට ෆ්ලොරල් ඩිසයින් එකක් තියනව. "ටිකක් පොඩි බොඩර් එකක් තියෙන්නෙ.ලස්සනයිනේද මල්ලි." අම්මගෙ සාරි අල්මාරියෙන් මම වැඩියම කැමති සාරියක්." අක්කා කිව්ව

".ඔව්.. ලස්සනයි. මට මතකයි අම්මා ඉස්සර ඔය සාරිය අදිනවා. "මමකිව්ව. අම්මා කොහොමත් අදින්නේ සාරිනේ. ඔයා තමයි මුලින්ම මෙකෙන් ඔස්රියක් අදින්නේ."

අක්කා සාරියෙ පොට නමලා මගෙ උරහිස උඩින් දාලා ඔසරිය අන්දන්න පටන්ගත්තා. මම මුකුත් කරන්නෙ නැතුව අක්ක කියන විදිහට හිටියා.

 විනාඩි විස්සකින් විතර අක්කා ඔසරිය අන්දලා ඉවරකලා. මගේ හැඩ බලලා අඩුපාඩු හැදුවා.

"අම්මේ ඇවිල්ල බලන්නකො මල්ලිගෙ ලස්සන" අම්මට කතා කලා. අම්මත් කාමරේට ආවා. ඔය හොදට සාරියෙන් ඔසරිය ඇන්දලා තියෙන්නෙ ඉන නම් පහත වැඩියි නෙද පුතේ." අම්ම මගෙන් අහුවා. "මෙහෙම පහසුයි අම්මේ. අපේ අලුත් සිංහල මිස් අදින්නෙත් මෙවගේනෙ." මමකිව්ව.

" හරි හරි තරුන කොල්ලෙක්නේ ඔයා කැමති විදිහට අදින්න. දැන් තනියෙන් ඇදගන්න පුලුවන්ද පුතාට". අම්මාඅහුවා.

" අක්කා තමයි ඇන්දුවේ. මම හැමදාම ඔසරි අදින්නෙ නැහැනේ අම්මෙ. මම මොකටද පුරුදුවෙන්නෙ."

 එහෙම බැහැ ලමයෝ කොල්ලෙක් වුනත් සාරියක් ඔසරියක් පිලිවෙලකට අදින්න ඉගෙනගන්න ඔනෙ. එක කලාවක්. අපි වගේ හැමදාම අදින්නෙනැති එකේ අද හොඳට පුරුදුවෙන්න." "දුවේ මල්ලිට තනියම ඔසරිය අදින හැටි පහලොස් පාරක් විතර පුරුදු කරන්න." අම්මා අක්කට කිව්ව

අක්කා මට පැය තුනක් විතරඔසරියඅදින හැටි කියලා දුන්නා. ඔසරි පොට නියම දිගට තියන හැටි, නෙරිය තියන හැටි කියලා දුන්නා. මම අන්තිම තුන් පාරම හරියට ඔසරිය ඇන්දා. විනාඩි 20කින් වගේ මට ඔසරිය අදින්න පුලුවන්.

"එතකොට දව්ල්ට කන වෙලාවත් ඇව්ල්ලා. දැන් දෙන්නම එන්න බත් කන්න".අම්මා කතා කලා.මම ඔසරිය ගලවලා එන්න හැදුවා.

 අම්ම කිව්ව"අද හවස් වෙනකම් ඔහොම ඉන්න. අද ක්ලාස් නහැනේ." 

මම ඔසරි පොට අතේ ඔතාගෙන පුරුදු කෙනෙක් වගේ කෑම බෙදාගන්න කොට අම්මයි අක්කයි විහිලු කලා නියම කෙල්ල කියලා.මම කෑම කන්න වාඩි වෙනකොට අම්මා කිව්ව "පුතා ඔසරි පොට ඔඩොක්කුවට ගන්න නැත්නම් පොඩිවෙයි "කියලා

"කොහොමද අම්මෙ මල්ලි කෑම කන සංවර විදිහ. වෙනදට කකුලක් උඩ තියාගෙන කන්නේ".

"තව දවස් නමයයිනේ. ක්ලාස් නැති දවස්වලත් ගෙදරට ඔසරිය ඇදගෙන පුරුදුවෙන්න. මටත් ලොකු දුවේ ඔසරිය ඔයවගේ ලස්සනට අදින්න බැහැ. ලෙසියට සාරියම අදින්න පුරුදුවෙලා. පුතා හීල්ස් දාලා අවිදින්නත් පුරුදුවන්න වෙයි."




__________________________________________________________________________________________

පොඩ්ඩක් ඔහොම ඉන්න. දැන් ලස්සනයි

“ආව්..අක්කෙ රිදෙනවා

“සොරි මල්ලියො කටුව ඇනුනාමම සමාව ඉල්ලුවා.

මම මල්ලිට ලස්සනට ඔසරිය ඇන්දුවා. දැන්නම් කොල්ලෙක් කියල හොයන්න බැහැ. මල්ලි ටිකක් මට වඩා උසයි. මට වඩා සුදුයිත් එක්ක. ඒ හින්දා ලානිල් පාට මල් ඔසරියට ලස්සනයි. දහය වසරෙ කොල්ලෙක් වුනත් ඇග සිහින්ව ගානට තිබුනා. අම්මා ගෙනාපු පෑඩඩ් බ්‍රා එකයි, පෑඩඩ් පෑන්ටි එකයි හින්දා ඇඟේ ශේප් එක හොඳට පෙනුනා. 

කොහොමදමල්ලි, හැඩයිනෙද?”

අනේ මන්දා අක්කෙ මට ලැජ්ජයි මල්ලි කණ්නාඩියෙන් හැඩ බලන ගමන් කිව්ව. මම කුස්සියෙ හිටපු අම්මාට කතා කලා. අම්මත් ඇවිල්ල මල්ලි ලස්සනයි කිව්ව

ලොකුදුවේ, මල්ලිට තනියම ඔසරිය ඔය වගෙ ඇදගන්න පුලුවන් වෙනකම් අදින්න උදව්වෙන්න. ඔසරිය අදිනව කියන්නෙත් කලාවක්.කොහොමත් ලොකූට ලස්සනට අදින්න පුලුවන්නෙ. මල්ලිටත් කියල දෙන්න. හැමදාම ඔයාට අන්දන්න බැහැනේඅම්මා උපදෙස්දීලා ආයෙත් කුස්සියට ගියා.

එහෙනම් කොල්ලො දැන් තනියම අදින්න පුලුවන්ද?”මම ඇහුවා.



අක්කත් උදව් කරනවවා නම් පුලුවන්වෙයි මල්ලි කිව්ව. මල්ලි කොහොමත් දක්ශයා. ඔනෙ වැඩක් එකපාර අල්ලගන්නව. පිරිමි බැන්ඩ් එකෙ ඉදලා කාන්තා බැන්ඩ් එකට මල්ලි ඇවිල්ලා එක දවසෙන් අපෙ බැන්ඩ් එකෙ ෆොර්මෙශන් අල්ලගත්තෙ එකයි. අනික මෙයා හැමදේම හරියට කරන ළමයෙක්.

මල්ලි ඔසරිය ගලවවන්න හදනවා. මම ඔසරිපොටේ කට්ට් ග්ලවලා දුන්නා.ඊට පස්සේ මල්ලි ඔසරිය ගලවන හැටි කැරකී කැරකී කල්පනා කරනවා

කොල්ලො සාරිය වගේ නෙමෙයි ඔසරිය ඉක්මනට ගලවන්න පුලුවන්. “මම කිව්ව

ඉතින් අක්කේ මම සාරී ඇන්දලානැහැනෙ

හරි හරි මල්ලි මම දවසක සාරියකුත් අන්දන්නම් කෝ, එක ඔයිට වඩා ලේසියි. මෙහෙමයි ඔසරිය ගලවන්නේ මම ඉනේ තිබුනු ගැටය බුරුල් කරලා ඔසරිය ගලවන හැටි කියල දුන්නා

මල්ලි දෙතුන් පාරක් ඔසරිය ඇදලා අන්තිමට මගේ උදව් නැතුවම ඔසරිය ලස්සනට ඇන්දා.

 “ඔයා දක්ශයානේ මල්ලි. ඔය ලස්සනට ඇන්දේ. මටත් වඩා හොදටමම කිව්ව.

මල්ලි තනියම හැඩ බලලා.”ඔසරිපොට, ඔසරියේඋස එහෙම ගානට තියනවනෙද අක්කෙ, ඒ වුනාට නෙරිය ටිකක් මදිවගේ. තව ටිකක් පහලින් ඇන්දොත් ලස්සනවෙයිමල්ලීට ඔක්කොම හරියට තිබ්බේ නැත්නම් සැටිස් නැහැ.

එහෙමද ඔයා ආස. කෙල්ලෙක්ටවත් නැති ආසවල්නේ මෙයාට තියෙන්නෙ.එහෙනම් ආයෙ තනියම අදින්න. “

මල්ලි ඔසරිය ආයෙ ගලවලා යටසාය ටිකක් පහලට කරලා ඇදලා ඔසරිය ඇන්දා.මල්ලි ඉක්මනට පරිස්සමට ඔසරිය අදින්නෙ හරියට පුරුදුකාරියක් වගේ.අතේ ඇගිලි ගැහැණු ලමයෙක්ගෙ වගේ ලතාවකට හසුරවනවා සාරි පොට නවනකොට.ඇදලා ඉවරවෙලා මල්ලි මට එයාගෙ ලස්සන පෙන්නුව.අවුරුදු පහලොවක කොල්ලෙක් මේ ඔසරිය ඇදලා තියන තරම් ලස්සනට හුගක්ගැ හැනු අයටත් ඔසරි අදින්න බැහැ.

ඔය ඇදලා තියෙන්නෙ සුපිරියට. ආයෙ මායි, අම්මයි වෙඩින් එකකට යනකොට ඔයාට කියල තමයි ඔසරිය  ඇන්ද ගන්නෙ”

අක්කෙ මම කැමති ශ්‍රී ලන්කන් එයාහොස්ටස්ලා අදින විදිහට අදින්න.“

අපිටත් නැති ආසවල්නෙ මේ කොල්ලට තියෙන්නෙ. අම්මටත් ගිහින් පෙන්නන්න

මල්ලි ලතාවකට ඇවිදිමින් කුස්සිය පැත්තට ගියා. පුරුදු නැති නිසා ටිකක් හෙමින් ගියේ

ශා..ලස්සනයිකෙල්ලෙකුටවත් බැහැ ඔච්චර ලස්සනට අදින්න. පුතා අද දවසේ ඔය ඔසරිය ඇදගෙන හවස් වෙනකම් ඉන්න.පිට කවුරුත් ගෙදරට එන්නේ නැහැනේ. මේ සතියේ ක්ලාස් නැති දවස්වලත් ඔයා ගෙදරදි ඔසරිය ඇදලා පුරුදුවෙන්න. හීල්ස් දාගෙන ඉන්න ගෙදරටත්. තව දවස් දහයක් වගේනෙ තියෙන්නෙ.”

අම්මයි මල්ලියි කතා කරන අතරේ මම කෑම මේසෙ ලැහැස්ති කරන්න හැදුවා

ලොකූ අද මල්ලි කෑම මේසෙ ලැහැස්ති කරයි. ඔසරිය ඇදන් පැත්තකට වෙලා නෝනා හාමු වගෙ ඉන්න බැහැ ගෙදර වැඩත් කරන්න ඕනෙ අම්මා විහිලුවෙන් කිව්වා. මල්ලි කෑම මේසෙට කෑම ගිහින් තිබ්බා. වෙනදට දගලන මේ ලමයා දැන් කෙල්ලෙක් වගේම තැම්පත්

අම්මලා කන්න එන්න..”මල්ලි කතා කලා.

අපි කන්න වාඩි වුනා. “පුතා ඔහොම නෙමේ වාඩි වෙන්නෙ. සාරියක් හරි ඔසරියක් හරි ඇදන් වාඩි වෙනකොට  සාරිපො ටඔඩොක්කුවට ගන්න. දැකලා නැද්ද එහෙම වාඩිවෙනවාඅම්ම උපදෙස් දුන්න මල්ලිට. කාලා කෑම මේසෙ අස්කලෙත් මල්ලිම තමයි. ඔසරිපොටත් උරහිසට උඩින් දාගෙන ලොකු එක්කෙනෙක් වගේ වැඩකලේ

පුතා දැන් කැමතියි නේ අපේ බෑන්ඩ් එකෙ දවුල් සෙල්ලම් කරන්න. ඔයාව කාටවත් අදුරගන්න බැරිවෙයි. “

අනේ අම්මෙ මට ලැජ්ජයි. පංතියේ කොල්ලො එහෙම දැනගත්තොත් විහිලුකරයි.”

ලැජ්ජවෙන්න දෙයක් නැහැ. කවුරුත් දැනගන්න එකක් නැහැ

එදා හවස්වෙනකම් මල්ලි ඔසරියෙන්ම හිටියා. හුගක් කෙල්ලොත් ගෙදර ආපු ගමන් සාරිය ගලවලා වෙන ඇදුමක් අදිනව වුනාට මල්ලිගෙ හැසිරීමෙන් පෙනුනේ මිහිහට ඔසරිය අල්ලලා ගිහින් වගේ කියලා. එයා ඔස්රිය ඇදන් ඉන්න විදිහ දැක්කහම මටත් ගෙදරට සාරියක් ඇදන් ඉන්න ආස හිතුනා. මම ඔසරියට වඩා සාරියට කැමතියි. ඔසරියෙන් වැදගත් කමක් ගැහැනු ලමයෙකුට ලැබුනට ටිකක් වයස පාට පෙනවා. සාරියෙන් ඇගට වගේම හිතට සුන්දරත්වයක් ලැබෙනව

ඊලග දවස සදුදා දවසක් අපි දෙන්නම ඉස්කොලෙ ගියා. එදා හවස අම්ම කිව්වා එකොළහ වසරේ ගැහැණු ළමයෙක් ඉන්නවා දවුල් සෙල්ලම් කරන්න පුළුවන්. එහින්දා මල්ලිව කෙලෙක් වගේ ඇඳලා බෑන්ඩ් එකට ගන්න ඕනේ නැහැ කියලා. 

මල්ලි මී කතාවෙන් සතුටු බවක් පෙන්නුවත් එයා ඔසරි සාරි අදින්න කැමති බව එදා දවසේ මට තේරුනා


No comments:

Post a Comment

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...