මමනම් ගැහැණු ළමයෙක්. නෙට් එකේ තියන ක්‍රොස්ඩ්‍රෙස් කතා කියවපුවහම හිතෙනවා සමහර පිරිමි ළමයි ගැහැණු ඇඳුම් වලට හුගක් ආසයි කියලා. මම මිට කලින් එහෙම එක්කෙනෙක් ගැන දැනගෙන හිටියා. එයා මගේ කසින් අයියා කෙනෙක්. නම කුමාර.
කුමාර අයියා මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඉගෙන ගන්න හුගක් උනන්දු තැම්පත් ළමයෙක්. අපේ නැන්දාගේ පුතා. ඒගොල්ලෝ ටිකක් දුප්පත් අය, බාගෙට හදපු ගෙදරක තමයි හිටියේ. අපේ අම්මලා කුමාර අයියාගේ ඉස්කෝලේ වැඩවලට හුගක් උදව් කළා. අපේ ගෙදර හිටියේ මමයි අක්කයි විතරයි. තාත්තා රට හිටියේ. අක්කාත් මට වඩා අවුරුදු පහක් වැඩිමල්. අපේ අම්මලටත් පුතෙක් නැති නිසා ද කොහෙද කුමාර අයියට හුගක් ආදරෙයි.
ඉස්සර මම දහය වසරේ ඉන්න කොට කුමාර අයියා ඕලෙවල් ලියන්න පාඩම් කරනවා. අයියලගේ ගෙදරට කරන්ට් තිබුනේ නැති නිසා කුප්පි ලාම්පු එළියෙන් තමයි පාඩම් කලේ. ඒ අවුරුද්දේ නොවැම්බර් මාසේ දවසක කුමාර අයියා පාඩම් කර කර ඉන්නකොට කුප්පි ලාම්පුව පෙරලිලා බඩ හරියේ ඉදන් කකුලත් එක්ක පිච්චුනා. එවෙලාවේම ගමේ ඉස්පිරිතාලෙට එක්ක ගිහාම එතනින් අපේ ගෙවල් කිට්ටුව තියන ලොකු ඉස්පිරිතාලෙට එවලා තිබුනා. අපිත් ගියා එයාව බලන්න.කකුලේ ලොකු ප්‍රදේශයක් පිච්චිලා තිබුනා. ඇදුමක්වත් අදින්න බැරුව රෙද්දකින් වහලා තමයි හිටියේ. මාස හයක් වත් බෙහෙත් කරන්න වෙයි කිව්වා. කොහොමහරි අයියාට ඒ වුරුද්දේ ඕලෙවල් ලියන්න වුනේ නැහැ. එයා ඉස්පිරිතාලේ ඉන්නකොට අපේ ගෙදර අය තමයි හොයලා බැලුවේ. මාස තුනකින් විතර ටිකට් කපාගෙන අපේ ගෙදරට එක්ක ආවා. එතකොටත් අයියාට ඇවිදින්න අමාරුයි. කරවන්නොනේ ව්‍යායාම අපිට රෝහලෙන් කියලා දුන්න.
ඉස්පිරිතාලේ ඉදන් ගෙදර ගෙනාපුවහම අපිට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි අයියට අදින්න ඇදුමක් දෙන එක. බඩත් එක්ක පිච්චිලා හින්දා සරම් අදින්න බැහැ. අනික රළු රෙදි පෙරේව්වහම අයියා රිදෙනවා කියනවා. ඉතිං අම්මා ගාව තිබුණු සැටින් රෙද්දක් පෙරවාගෙන අයියා මුල් දවස්වල නිදාගත්තා. ඊලග දවසේ ව්‍යායාම කරවද්දී අයියාට ගැලපෙන ඇඳුමක් අපි හෙව්වා. සැටින් රෙද්දක් පපුව හරියෙන් දිය රෙද්දක් වගේ ගැටගැහුවා. ඊට පස්සේ හෙමින් ඇවිදින ව්‍යායාම් කරන්න පටන් ගත්තා. අක්කයි මමයි අයියට ඇවිදින්න උදව් කළා. අම්මත් බලන් හිටියා. අඩි කිහිපයක් යන කොට සැටින් රෙදිවල ගැටය හරියට ගහන්න බැරි හින්දා රෙද්ද කැඩිලා බිම වැටුනා. අපි ගැහැණු තුන් දෙනා මැද්දේ කුමාර අයියා නිරුවතින්. අයියාට ලැජ්ජාවේ බැහැ. ඊට පස්සේ අම්මා ඉක්මනට ආයේ රෙද්ද ඇන්දුවා.
මට ඒ වෙලාවේ හොඳ අහහසක් ආවා. මම කිව්වා මගේ සැටින් නයිටි එකක් අයියා ඇදගත්තොත් වැඩේ පහසුවෙයි කියලා. ඔක්කොම එකට කැමති වුනා. අයියටත් නිරුවතින් ඉන්නවට වඩා එක හොඳ හින්දා කැමති වුනා. මගේ රෝස පාට සැටින් නයිටි එක අයියාට අන්දලා එදා ව්‍යායාම කළා. එදා ඉදන් සති දෙක තුනක යනකම් අයියා ව්‍යායාම් කරද්දී නයිටි ඇන්දා. අම්මා තව නයිටි සෙට් එකක් අයියට ගෙනත් දුන්නා. ඒවා මගේ ඒවටත් වඩා සිනිඳු මිල අදික ඒවා. සමහර ඒවා විලුඹ ගාවටම දිගයි, සමහර ඒවා දණහිස ගාවට ඇති. ඒවාත් එක්ක හවුස් කෝට් එකත් හම්බවෙලා තිබ්බා.
හරියට බෙහෙත් කරපු නිසයි , අපේ ගෙදර අයගේ සාත්තුව හින්දයි අයියා මාසෙකින් විතර ඇවිදින්න, තමන්ගේ වැඩ තනියෙන් කරාගන්න පුළුවන් මට්ටමට ආව. ඉස්සර ව්‍යායාම කරන්න විතරක් ඇදෙන බැහැපු අයියා දැන් ගෙදර ඇතුලේ තනියම ඇවිදිනවා. තාම තුවාල හොඳ නැති නිසා නයිටි තමයි අදින්නේ. ඕලෙවල් කරන්න කිට්ටුවෙලා අනතුර සිදුවෙනකොටත් අයියාගේ කොන්ඩේ ටිකක් වැවිලා තිබුනේ. දැන් මාස ගානකින් කොන්දේ කොන්ඩේ කැපුවේ නැති නිසා කොන්ඩේ බෙල්ල ගාවට විතරත් තිබුනා. අයියා මටයි අක්කටයිත් වඩා සුදු හින්දා දැන් කෙල්ලෙක් වගේ. හැබැයි අපේ ගෙදර අයට අයියා සැටින් නයිටි ඇදන් ඉන්නවා දැකලම එක එච්චර ගානක් නැහැ.
ඒවෙනකොට අයියා මාත් එක්ක එකට ඊලග පාර ඕලෙවල් කරන්න තීරණය කරලා තිබුනේ. එහින්දා දිගටම අපේ ගෙදර නැවතිලා හිටියා.අයියා ගෙදර වැඩවලට පුළුවන් විදිහට උදව් කළා. අපේ අක්කා ඒ ලෙවල් ඉවර වෙලා බැංකුවක ජොබ් එකකට ගියා. මටත් හුගක් දවස් වල හවස ක්ලාස් තිබුනා. ඒ හින්දා කුමාර අයියා තමයි අම්මාට වැඩ වලදී උදව් කලේ. මගෙයි අක්කගෙයි ඇඳුම් වශින්වොෂින් මැෂින් එකෙන් හෝදලා වේලලා අයන් කෙරුවේ අයියා. අම්මට උයන්නත් උදව් කළා.
අපේ අම්මාට උදේට වැඩ ගොඩයි.එකොළහ වසරේ වුනත් මම උදෙන් නැගිටින්න කම්මැලියි. අන්තිම මොහොත වෙනකම් ලැහැස්ති වෙනවා. අම්ම කියලා කොන්ඩේ ගොතා ගන්නේ. මම ගියාට පස්සේ තමයි අක්කා යන්නේ. අක්කා තවම ජොබ් එකකට ගිය අලුත නිසා හරියට සාරි, ඔසරි අදින්න බැහැ. අම්මා උදව් කරන්න ඕනේ. කොච්චර හොඳට අන්දුවත් අක්කා සතුටු නැහැ. ඒ අස්සේ උයන්නත් ඕනෙනේ.
කුමාර අයියට ටිකක් සනීප වෙනකොට උදේම නැගිටලා නයිටිය පිටින්ම අපිට උදව් කරනවා. මගේ ඇඳුම් ටික ලගට ගෙනත් දෙනවා. කොන්දේ ගොතලා දෙනවා. අයියා ඉක්මනට ඒ වැඩ ඉගෙන ගත්තා. ඊට පස්සේ අක්කට සාරි අදින්නත් උදව් කරනවා. මුලින් සාරියේ කට්ට ගහන්න විතරක් උදව් කරපු අයියා පස්සේ අක්කට ලස්සනට සාරි, ඔසරි ඇන්දුවා. අයියා ෆැෂන් ගැන එහෙමත් ටික ටික උනන්දු වුනා. අක්කාට සාරි තෝරන්න අයියා උදව් කළා. ලස්සන ගවුමක් එහෙම නෙට් එකේ දැක්කොත් මටත් පෙන්වනවා.
දවසක් අක්කට ගත්ත ගවුමක් සයිස් එක හරි නැහැ කියලා මට දුන්නා මටත් ටිකක් ලොකුයි. එක ඇඳලා බලන වෙලාවේ කුමාර අයියා කාමරේට ආවා දනිස් ගාවට දිග නයිටියක් ඇඳගෙන. අපි අයියටත් කිව්වා මේ ගවුම ඇඳලා බලන්න කියලා. එයා ලැජ්ජයි කිව්වා. තවම තුවාල සම්පුර්ණයෙන්ම හොඳ නැහැ කිව්වා. අපි අදින්න කියලා බල කරා. එයා ඊට පස්සේ ගවුම ඇදන් ආවා. නියමෙටම අයියට ගැලපෙනවා. ගවුමේ සාය කොටස ලොකුවට තිබ්බ හින්දා තුවාල වලට අපහසුවක් නැහැ කිව්වා. එදා අපි අයියාගේ කොන්ඩෙත් ගර්ලි ටයිප් එකට පීරුවා. අම්මා අයියාව දැකලා කිව්වා, දැන් නම් පුතා කෙල්ලෙක් වගේ මයි. දවල්ටත් නයිටීම අදින්නේ නැතුව ස්කර්ට් ගවුම් අදින්න පුළුවන්නේ ඔයාට. එදා ඉදන් දවල්ට අපේ පරණ ගවුම්, ස්කර්ට් අදින්න අයියා පුරුදු වුනා. දැන් තුවාල හොඳ වුනත් අයියා කාන්තා ඇඳුම් අතාරින්න කැමැත්තක් තිබ්බේ නැහැ.
අම්මාගේ උපන්දිනේ දවසේ රෑ දොළහට අම්මව ඇහැරවලා කේක් එකක් කපලා විශ් කළා. අම්මව ස්ප්‍රයිස් කරන්න මම කිව්වා අයියට සාරියක් ඇඳගෙන කේක් එක ගෙනියන්න කියලා. අයියා කැමැත්තෙන්ම තනියෙන් සාරිය ලස්සනට ඇඳගෙන අම්මව සප්‍රයිස් කළා. විභාගෙට අපි දෙන්න එකට පාඩම් කළා. සමහර දවස් වල අයියා මගේ ස්කුල් ගවුමක් ඇදගෙන පාඩම් කළා ඒවාට ආසයි කියලා. අක්කයි මමයි හුගක් ඇඳුම් අයියා එක්ක ශෙයා කර ගත්තා.
ඔහොම ඉදලා මාත් එක්ක ඕලෙවල් ලියලා අයියා ආපහු එයාලගේ ගෙදර ගියා. අයියා එහෙදි ආයේ ගැහැණු ඇඳුම් ඇන්දේ නැහැ. දැන් අයියා ජොබ් එකක් කරනවා. මමත් ජොබ් කරනවා. තවම ලස්සන ගවුමක්, සාරි එකක් දැක්කොත් අයියා අපිටත් ෆේස්බුක් එකෙන් එවනවා. අක්කා තාමත් වෙඩින් වලට යන්න සාරිය ඇඳ ගන්නේ කුමාර අයියට කියලා.
No comments:
Post a Comment