Wednesday, September 15, 2021

ඔන්ලයින් මාර්කටින්

 


අපේ අම්මා කරන ජොබ් එකට අමතරව ඉන්දියාවෙන් අඩුවට ඇදුම් ගෙන්නලා මෙහෙ කඩවලට දාලා විකුනනවා. මම ඒ ලෙවල් කරලා ගෙදර හිටියේ. පොඩ්ඩි, ඒකියන්න මගේ නංගී තවම හත වසරේ. අපේ තාත්තා රට හිටියේ. අම්මගේ වැඩේට උදව්වක් විදිහට මම හිතුවා ෆේස්බුක් එකේ ඔන්ලයින් ඇදුම් විකුනන්න පටන්ගන්න. මමයි පොඩ්ඩියි එකත් වෙලා ෆොටෝස් අරන් එවා ෆේස්බුක් පේජ් වල දැම්මා. ඒ විදිහට අපිට හුඟක් ඇදුම් විකුනගන්න පුලුවන් වුනා.

අම්මට මේපාර ඇවිල්ලා තිබුනේ සල්වාර්, ලෙහෙන්ගා සෙට් එකක්. මමයි නංගියි එවාගේ ෆොටෝස් අරන් නෙට් එකට දැම්මා. හුඟක් අය කොමෙන්ට් කරලා විස්තර අහලා තිබුනා. කිහිප දෙනෙක්ම ලෙහෙන්ගා එක ඇදලා ඉන්න ෆොටෝස් එවන්න කිව්වා.

පොඩ්ඩි තවම පොඩි නිසා එයාට අදින්නත් බැහැ. අම්මා ගෙදර හිටියෙත් නැහැ. ඊට පස්සේ පොඩ්ඩි ස්ටූල් එකක් උඩ නැගලා ලෙහෙන්ගා එක අල්ලාගෙන ඉන්න ෆොටෝ එකක් අපි යැව්වා. මුහුණු පෙනෙන්නේ නැති වෙන්න තමයි ෆොටො ගත්තේ.

එවා බලපු කට්ටිය කිව්වේ කවුරු හරි ලෙහෙන්ගා එක ෆොටෝ එකක් එවන්න කියලා. පොඩ්ඩි යෝජනා කලා මට ඇදුම ඇදලා ෆොටෝ එකක් යවන්න කියලා. මම බැහැ කිව්වා.

“අයියේ කවුරුත් අදුරගන්න එකක් නැහැ මුහුණ පෙන්නන්නේ නැහැනේ”  

“ඒත් කොල්ලෙක් කියලා අදුර ගනීද ඩන්නා නැහැ”

“ෆොටෝස් ටිකක් ඇරගෙන බලමු”

වෙන කරන්න දෙයක් නැති නිසා මම ත් කැමැති වුනා. ඒ ලෙහෙන්ගා එක කලු පාට එකේ ෆ්ලෝරල් ඩිසයින් එකක් තිබුනා. මම ශර්ට් එක ගලවලා ලෙහෙන්ගා එක ඇන්දා. නංගී පිටිපස්සෙ ශිප් එක දාන්න උදව් කලා. අපි ෆොටෝස් කිහිපයක් අරන් බැලුව.

“පොඩ්ඩි ෆොටෝස් හරියන්නේ නැහැ නේද, කොල්ලෙක් කියලා පේනවා. පපුවත් හරියට නැහැ”

“ටිකක් අවුල් තමයි අයියේ, ඒත් අයියා කැමතිනම් පොඩ්ඩක් වෙනස් කරලා ආයේ ඇදලා බැලමු”

“ඒ කොහොමද? අත් කකුල් වලිනුත් කොල්ලෙ කියලා පේනවානේ පොඩ්ඩි”

“ආයේ ලෙහෙන්ගා එක ගලවන්න කෝ” කියලා නංගී ගේ ඇතුලට ගිහින් තව පාර්සල් වගයක් ගෙනාවා.

“අයියා මේක ඇදින්න කෝ” මට බ්‍රා එකක් දුන්නා.

“අපෝ මේක ඇදින්නේ කොහොමද? කවුරුහරි ආවොත්”

“දොර වහලා තියෙන්නේ, උඩතට්ටුවට කවුරුත් කෙලින්ම එන්නේ නැහැනේ” මම බ්‍රා එක අදින්න පටන් ගත්තා. පස්සෙ මට තේරෙන්නේ නැති නිසා නංගී උදව් කලා. මට බ්‍රා අදින්න උදව් කලාට මොකද නංගිත් තවම බ්‍රා අදින්නේ නැහැ.

නංගී දීපු ස්විමින් ට්‍රන්ක් එක මම කාමරේට ගිහින් මාරුකරගෙන ආවා. දැන් බ්‍රා එකයි කොට ස්විමින් ට්‍රන්ක් එකයි පිටින් නැන්ගි ඉස්සරහා. පොඩ්ඩි කියන්නත් කලින් ඉක්මනට මම ලෙහෙන්ගා එක ඇදගත්තා. පොඩ්ඩි ශිප් එක දැම්මා.

“”අයියගේ කියුටෙක්ස් ටිකක් ගාලා ගමු එතකොට අත් කෙල්ලෙක්ගේ වගේ වේවි. මම පුටුවක වාඩිවෙන්න කියලා මගේ අත්වලයි, කකුල්වලයි නියපොතුවල කියුටෙක්ස් ගෑවා. ඒවා වේලෙනකම් අපි ෆේස්බුක් මැසේජ් වලට රිප්ලයි කර කර හිටියා. ඊට පස්සේ නංගි මගේ ෆොටෝස් ගත්තා. ශෝල් එක  එක එක විදිහට දාලා, පෝස් කරමින් ෆොටෝ ගත්තා. නංගියි මායි විතරක් ඉන්න හින්දා ලැජ්ජාවක් තිබුනේ නැහැ. අත්වලට වලලු දාලා, ක්ලිපොන් කරාබු දාලත් ෆොටෝස් ගත්තා.

ඊට පස්සේ හොඳ ෆොටොස්ස් තෝරන්න පටන් ගත්තා. මම ඇදුම් ගලවන්නේ නැතුව හිටියා අය්‍යෙ ෆොටෝස් ගන්න ඔනේ වුනොත් කියලා. බ්‍රා එක ඇගට හුරුවෙලා වගේ තේරුනා.  ඒ ෆොටෝස් බලද්දි මට හිතුනෙත් කෙල්ලෙක් කියලා, එවගේ මුහුණ පෙනුනේ නැහැ. අපි හොඳ ඒවා කිහිපයල් අප්ලෝඩ් කලා.  ඊට පස්සෙ මම ඇදුම් මාරු කරගත්තා.

“මේ දවස්වල ගෙදරම ඉන්න හින්දා දැම්ම කියුටෙක්ස් යවන්නේ නැත්ව ඉමු නේද අයියේ” පොඩ්ඩිගේ ඉල්ලිමට මගේ අකමැත්තක් තිබුනේ නැහැ. ඒ කියුටෙක්ස් වලට මමත් කැමැත්තෙන් හිටියේ.

හවස් වෙනකොට අපේ ෆොටෝස් වලට හුගක් කොමෙන්ට්ස් වැටිලා තිබුනා. අපි ගාව තිබුනු ලෙහෙන්ගා කිහිපයක්ම ඔන්ලයින් ඕඩර් වලට යැව්වා.

සමහරු මොඩල්ගේ ලස්සන ගැනත් කියලා තිබුනා!

“අයියේ අපි හෙට අනිත් ඇදුම් ටිකත් ඇදලා ෆොටෝස් දාමුද එතකොට ඉක්මනට විකිනේවි”

“අම්මා මොනවා කියයිද දන්නේ නැහැ මටනම් ඇකමැති වෙන්න හේතුවක් නැහැ.”

“අම්මගෙන් අහලා බලමු” පොඩ්ඩි කිව්වා.

රසිකයෙකුගේ නිර්මාණයකි.

Wednesday, September 8, 2021

පාසල් වේදිකාව 4

 


කොස්ටියුම් රිහසල දවසෙදි භාග්‍යා මිස් මේඩ්ස්ලා කණ්ඩායමටම කතාකලා. “තව පැයකින් විතර ස්ටේජ් එකේ ඩ්‍රෙස් රිහසල් එක තියනවා. ඔක්කොමලා ඉක්මනට ඩ්‍රෙස් කරන්න අපිට allemande ඩාන්ස් එක තවපාරක් ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. ගෙදරි බ්‍රා එකයි ස්ට්‍රෝකින්ග්ස් එකයි ඇදන් ආපු නැති ළමයි ඒවා ඇදගන්න. ඊලගට අපි පෙටිකෝට් එකයි ඩ්‍රෙස් ගවුමයි ඇදලා ශූස් දාමු. දසුන් ඔයා මේ කෙරවලට ගිහින් ඇදුම් මාරු කරගන්න, අනිත් අය මෙතන ඇදුම් මාරු කරන්න.”

බ්‍රා එකක්, පැන්ටි එකක්, හොස් එකක් සහ සපත්තු තියන ශොප්පින්ග් බෑග් එකක් දසුන් ලග තිබුනා. එයා එයාට කියපු තැනට ගින් ගැහැණු ළමයින්ට පිටිපස්ස හරවලා තමන්ගේ වැඩේ පටන්ගත්තා. එයා මීට වඩා පෞද්ගලික තැනක් ඇදුම් මාරුකරන්න තිබ්බනම් කියලත් හිතුනා. ඒත් භාග්‍යා මිස් එච්චර ඒ ගැන හිතුවේ නැති බව පෙනුනා. ගර්ල්ස්ලා බලන එකක් නැහැ කියලා හිතලා තමන්ගේ ශර්ට් එක ගලවලා පීච් කලර් බ්‍රා එක බෑග් එකෙන් එලියට ගත්තා. අම්මා කියලා දීපු විදිහට පිටිපස්සෙන් අරන් ඉස්සරහින් හක් එක දාලා ඇඟවටේ පිටිපස්සට යැව්වා. එතකොට තමයි තේරුනේ උඩයට මාරු කරලා ඇඳලා තියෙන්නෙ කියලා. භාග්‍යා මිස් ලගට අවිල්ලා “මම උදව් කරන්න ඕනේද?” “මිස්ගේ උදව් ඕනෙ වෙයි”

“ආ..අත් දෙක දාන්න” මිස් ඔහුගෙන් බ්‍රා එක අරගෙන ඉස්සරහින් අත්දෙක දාන්න පුලුවන් විදිහට අල්ලාගෙන හිටියා. ඊටපස්සෙ පිටිපස්සෙන් ක්ලිප් එක දැම්මා. “තෑන්ක් මිස්”

“ඒක ගානට තියනවා ඒවගේම ලස්සනයිනේ”

“අක්කාගේ එකක් මිස්”

“ඔයා ස්ට්‍රොකින්ග්ස් එක අදින්න දන්නවද?” “අම්මනම් එක දවසක් කියලා දුන්නා, මිස්ගේ උදව් නැතුව ඇදගන්න බැරිවෙයි” “ඔය කලිසම ගලවලා වාඩිවෙන්නකෝ, හරියට ඇදගත්තම අමාරු නැහැ.”

දසුන් කලිසම ගලවලා යට ඇදුම පිටින් ලැජ්ජාවෙන් හිටියා. පිටිපස්සේ ගැහැණු ළමයිනුත් බ්‍රා, පෑන්ටි අඳිනවා පිටින් ඇදුම් මාරු කරනවා දැකලා ආහපු අනිත් පැත්ත හැරුනා. “අම්මා මට පෑන්ටි එකකුත් දුන්නා, මේ අන්ඩර්වෙය එය හරියන්නේ නැත්තම් අදින්න. එයා බෑග් එකෙන් අරන් මිස්ට පෑන්ටියක් පෙන්නුවා. ඒක ලේස්වලින් මහපු ඉනගාව සහ කකුල් දාන තැන්වලට අල්ලපු සුදුපාට රේන්ද අල්ලපු එකක්.

“මමනම් එච්චර දුර හිතුවේ නැහැ, ඒත් මම හිතන්නේ එහෙම හොඳයි. ඔයා ඩාන්ස් කරන කොට හයියෙන් කැරකෙද්දි සාය උඩ ගිහින් යට ඇදුමත් පේන්න පුලුවන්නෙ”

දසුන්ට කරන්න ඕනේ මොකද්ද කියලා තේරුමක් තිබුනේ නැහැ. භාග්‍යා මිස් “ මම අනිත් පැත්ත බලාගන්නම් ඔයා ඉක්මනට පෑන්ටි එක ඇදගන්න” මිස්ට වැහෙන විදිහට ඉදලා තමන්ගේ අන්ඩර්වෙයා එක ගලවලා පෑන්ටිය දාගත්තා. දසුන් වාඩි වුනහට පස්සේ භාග්‍යා මිස් හැරිලා බෑග් එකෙන් ස්ට්‍රෝකින්ග්ස් එකක් අරගෙන “මුලින් එක කකුලකට දාලා බලමු” ඉක්මනට ඒක රවුමක් වගේ හදලා “ඇඳිලිවලින් දාලා හිමින් උඩට දිගහරින්න, ලේබල් එක පස්සට එන විදිහට තියාගන්න. ලේසියි නේද?”

“ඔව්,මිස්”

“ හරි, එහෙනම් අනිත් කකුලටත් දාමු” ඇය ඔහුට පස්සෙන් ඉදලා කකුල දිගේ ස්ට්‍රෝකින්ග්ස් එක උඩට රෝල් කලා. නැගිටින්න කියලා ඉනගාවටම ඇන්දුවා. “පොඩ්ඩක් මෙහෙම උඩපැනලා බලන්න” මිස් උඩ පැනලා කකුල් එහාට මෙහාට කරලා පෙන්නුවා දසුනුත් එහෙමම කලා “බොහොම හොඳයි” භාග්‍යා මිස් හිස සලමින් කිව්වා. “ඔයා මේවගේ වැඩවලට දක්ශයි වගේනේ”. මිස් හැමෝටම හෝල් මැදට එන්න කිව්වා. දසුන් බ්‍රා එකයි ස්ට්‍රෝකින්ග්ස් එකයි ඇදලා අනිත් පැත්ත හැරිලා හෝල් එකේ කෙලවරේ හිටපු ගැහැණු ළමයි දිහා බැලුවා. එයාලත් දසුන්වගේම ඇදලා හිටියා. පියුමි බ්‍රා එක ඇදලා ඉන්නවා දැකලා කොච්චර ලස්සනද කියලා හිතුනා. අනිත් ගැහැනු ළමයි දිහා බලන කොට තේරුනා ලස්සන කෙල්ලො කිහිපදෙනෙක්ම ඉන්නවා කියලා. මහත ළමයි කිහිප දෙනෙකුත් හිටියා.

“තම තමන්ගේ පෙටිකෝට් අරන් දෙන්නා ගානේ පෝලිම් හැදෙන්න” භාග්‍යා මිස් කිව්වා.

දසුන්ටයි පියුමිටයි තිබුනු ලොකර් එකෙන් දෙන්නගේ පෙටිකෝට් ගත්තා. පියුමි ඉස්සරහා බ්‍රා එකයි ස්ට්‍රෝකින්ග්ස් එකයි ඇදන් ඉන්න්කොට අමුතුයි වගේ තේරුනා. බ්‍රා එකක් ඇදලා හින්දා පියුමිගේ වගේම තමන්ගෙත් පපුව පිරිලා කියල දසුන්ට තේරුනා. ඔහු හිතුවා පියුමි බ්‍රා ඇන්දහම විහිලු කරයි කියලා ඒත් ඇය මුකුත් කිව්වෙ නැහැ. එයයි පියුමියි පෝලිමට එකතුවුනා මේඩ්ස්ලා කපල් එකක් වගේ. “දැන් පිටිකෝට් එක ඇදගන්න” භාග්‍යා මිස් කිව්වා.දසුන් පෙටිකෝට් සාය කකුල්වලින් දාලා ඉනගාවට එනකම් උඩට ගත්තා. සුලු වේලාවකින් ගැහැණු ළමයි ඔක්කොම කුමාරිකාවෝ 12ක් වගේ පෙනුනා.

භාග්‍යා මිස් ගැහැනුළමයි හරියට ඉන්නවද බලමින් පේලිය අතරින් ඉදිරියට ගියා. සමහර ළමයින්ගේ පෙටිකෝට් වල අඩුපාඩු හැදුවා. “බොහොම හොඳයි, බොහොම හොඳයි ළමයි. ඔයාලා හොඳට වැඩේ කරලා තියනවා. දැන් ඔයාලාගේ ගවුම අරන් ඒකත් ඇදගෙන ශූස් දාගෙන ආයෙත් මෙතනටම එන්න”

ආයෙත් දසුනුයු පියුමියි තමන්ගේ ලොකර් එකට ගියා. පියුමි තමන්ගේ ගවුම අරන් එකේ සාය ඔලුවට උඩින් දාලා ඇදගෙන දසුන්ට කිව්වා පිටිපස්සෙන් සිප් එක දාන්න කියලා. දසුන් කිව්ව විදිහටම සිප් එක දැම්මා. “දැන් ඔයාගේ වාරේ” පියුමි කිව්වා. දසින් තමන්ගේ ගවුමත් උඩින් දාලා අත් දාන්න තියන සිදුරු වලින් අත් එලියට ගත්තා. පියුමි ගවුමේ සාය කොටස හරියට හැදුවා. ඇපු දසින්ගේ පසුපසට ගිහින් සිප් එක දැම්මා. ඩ්‍රෙස් එක උඩ හරියෙන් ටිකක් තදයි වගේ දැනුනේ බ්‍රා එක හින්දා වෙන්න ඇති කියලා හිතුනා.

මේ දෙන්නා තම තමන්ගේ සපත්තු පලදමින් ඉන්න කොට ප්ලාස්ටික් බෑග් එක අරන් භාග්‍යා මිස් එතනට ආවා. “දසුන් මෙන්න ඔයාගේ විග් එක, ඒක එක්දහස් අටසිය ගනන් වල ස්ටයිල් එකට කර්ල් කරලා තියෙන්නේ.” ඇය විග් එක බෑග් එකෙන් ඇරන් දසුන්ගේ ඔලුව සම්පූර්නයෙන් වැහෙන විදිහට දැම්මා. මිස්ගේ පර්ස් එකෙන් පනවක් ඇරන් කොන්ඩය පිලිවෙල්ලකට සකස් කලා. “මේක මම කැම්පස් එකේදි ඩ්‍රාමා එකකට දාපු එකක්, ඇත්ත කෙස් වලින් හදලා තියෙනේ. මට අර්ටිෆිශල් එවා ඇලජික්නේ” භාග්‍යා මිස් කොන්ඩේ හදන විදිහ බලන් ඉදලා පියුමි කිව්වා “ මෛ ඒ කර්ල්ස් ලස්සනයි, මමත් කැමතියි”

“එවා ලස්සනයි නේද?” මිස් කිව්වා.” “මෙයාගෙ ශූස් බලන්නකෝ” පියුමි කිව්වා. “කොහෙන්ද ඒවා හොයාගත්තේ?” “ෆියෝනා එකෙන්, ඇයි ඒවා කැතයිද?”දසුන් ඇහුවා. “නැහැ,නැහැ බෝස් එහෙම මාර කියුට්” භාග්‍යා මිස් ටිකක් පස්සට ගිහින් දසුන්ගේ ශූස් දෙක දිහා බැලුවා. “ ඇත්තටම ලස්සනයි තමයි, ඩාන්ස එකට ගැලපෙනවා, මම හිතන්නේ ඔයාට සෑහෙන්න අමාරු වෙන්න ඇති මේවා හොයාගන්න. මට නම් කියන්න තියෙන්නෙ ඔක්කොම බලපුවහම පිච්චර් පර්ෆෙක්ට්, කවුරුත් කොල්ලෙක් ඉන්නේ කියලා හිතෙන එකක් නැහැ”

දසුන්ගේ මුහුන රතු වුනා. පියුමි එක්ක ස්ටේජ් එක මැදට ගියා. ගැහැණු ළමයින් එකිනෙකාගේ ලස්සන ගැන කතාකලා. හැමෝම සතුටින් හිටියේ තමන්ම සති ගනනක් මහපු ඇදුම ඇදන් ඉන්න එකට. “නෝනලා නිශ්ශබ්ද වන්න, මගෙ අම්මේ, කට්ටියගේ ලස්සන. ලැස්සන ගවුම් ටික, අපි බෝයිස්ලව හම්බ වෙන්න කලින් allemande ඩාන්ස් කොටස කරලා බලමු. ඔයාලා වැඩේ දන්නවනේ පටන්ගමු එහෙනම්. ඔයාලගේ පොශිශන් වලට මුලින්ම යන්නකෝ” මේඩ්ස්ලා සමමිතික විදිහට හිටගත්තා. පියුමියි දසුනුයි පින්ක් කලර් ඇදන් හිටියා. පෙටිකෝට් එක හින්දා ස්කර්ට් එක පිම්බිලා තිබුනේ අනිත් පැත්ත හරවපු ටියුලිප් මලක් වගේ.. ගිහානි මිස් නිශ්ශබ්දව දාන්ස් එක බලන්න හෝල් එකට ආවා. භාග්‍යා මිස් පටන්ගන්න කියලා සිග්නල් එක දුන්නා. ද්සුන්ට දැනුනා කලවා හරියේ සුමුදු ස්කර්ට් එක ගෑවෙනවා. ඩාන්ස් එක කරන කොට තමන්ගේ ස්කර්ට් එක අනිත් ගර්ල්ස්ලාගේ ස්කර්ට්වල වදිනවා දැනුනා. “ස්කර්ට් එක අතින් ටිකක් උස්සගන්න” ගිහානි මිස් කිව්වා “හරි, සාරා නියනයි”

දසුනුත් ස්කර්ට් එක අතින් ටිකක් උස්සගෙන අනිත් ළමයි එක්ක තාලයට ඩාන්ස් කලා. පෙටිකෝට් එක කකුල්වල දැවටුන, බ්‍රා එක අමුතු වෙනසක් සිරුරට එක්කලා වගේ තේරුනා. පියුමි තම්න් දිහාවට ආවා, එයා හෙමින් සිනාසුනා, ඔහුත් සිනාසුනා.

තව දින කිහිපයකින් මේ ඉවෙන්ට් එක ඉවරවෙලා ආයේ කොල්ලෙක් වුනහම අනිවාර්‍යයෙන්ම තමන් පියුමිගෙන් කැමැත්ත අහනවා.

ගිහානි මිස් අනිත් අයට වඩා දසුන් දිහා ඉතා පරීක්ශාවෙන් බලන් හිටියා. ඔහු කාන්තා ලාලිත්‍යයෙන් යුතුව පාද තබන හැටි, අත් හසුරවන විදිහ අනිත් ළමයි වගේමයි ඇයට හිතුනා. කරුමෙට වගේ එයාට ලැබුමේ මලිතිවනේ. ගිහානි මිස් යම් තරමකින් සතුටු වුනා මලිති මේඩ් කෙනෙක් නොවිච්ච එකට.

Allemande කොටස ඉවර වුනහම ගැහැණු ළමයින්ට ගිහානි මිස් රෙස්ට් කරන්න කිව්වා. දසුනුත් ගර්ල්ස්ලත් එකම හිටියේ එයත් කෙල්ලෙක් වගේ කියලා හිතලද කොහෙද. එයා හයියෙන් හුස්ම ගන්න කොට බ්‍රා එක හින්දා පපුව උස් පහත් වුනා.සාරාත් පියුමිත් ඔහු ලගට ඇවිත් සුභ පැතුවා. “ මට නම් හුඟක් සතුටුයි අපි ඔක්කොම හරි ලස්සනයි නේ අද” පියුමි කිව්වා.

“ඩ්‍රෙස් එක මාර ලස්සනට තිබුනා, මට හිතාගන්න බැහැ”

සාරා කිව්වා. “පුල් දවස්වල මම හිතුවේ අපිට ගවුම හරියට හදාගන්න බැරිවෙයි කියලා, විශේෂයෙන් කවදාවත් මැහුම් කරලා තිබුනේ නැති අයට”

“ඇයි ඩාසින් ස්ටෙප්ස් පුරුදු වෙන එක” දසුන් කිව්වා. අපිට තියන කොටස අමාරු එකක් වුනත් අපි හොඳට කලානේ”

“කොල්ලො ටික වැඩේ අවුල් නොකලොත් හොඳයි” පියුමි කිව්වා. “අර මලිති මගේ ස්කර්ට් එක ඉරාවිද කියලා බයයි”

පියුමියි සාරයි ඒකට හිනාවුනා, දසුන්ට එහෙම කියවුනාට පස්සෙ හිතුනා ඒ කතාව පියුමි ඉන්න තැන කිව්වෙ නැත්තම් හොඳයි කියලා.

අනිත් ගැහැනු ලමුන් පසුපස දසුන් ආයෙත් ස්ටේජ් එකට නැගා, ගවුම ඇන්දට පස්සෙ පලමු වතාවට ඔහුට ආත්මශක්තියක් ආවා වගේ තේරුනා. ඔහු ටිකක් සැලුනා ඔහුගේ මිතුරන් තමන් ගවුමක් ඇදන් ඉන්නවා පලමු වතාවට දකී කියලා. බ්‍යාග්‍යා මිසුත් ඔහු ලගින්ම ගමන් කරමින් ඔහුට ශක්තියක් සැපයූවා. වැඩේ පටන් ගන්න ටිකකට කලින් මිස් ඔහුව තමන් දෙසට හරවලා”ඔයා හරියට තමන්ගේ කොටස කොලොත් ඔයාට බයවෙන්න දෙයක් නැහැ, ගිහානි මිසුයි මමයි ඔයාගේ කැපකිරීම ගැන ආඩම්බරයි. ගර්ල් කෙනෙක් කියලා හිතන්න” “තෑන්ක් මිස්, මම ඒක මතක තියා ගන්නම්” දසුන් කියලා ස්ටේජ් එකේ තමන්ට අදාල තැනට ගියා. සොල්ජර්ස්ලත් ස්ටේජ් එකේ හිටියා. දසුන්ට හිතුනා එයාලගෙ ඇදුම මේඩ්ස්ලා බයවෙන විදිහට හදලා කියලා. තුවක්කු දිගට තිබුනා, බයිනෙත්තු ආලෝකයට දිලිසෙමින් තිබුනා. හසිත් තමන් දෙස බානවා ඔහු දැක්කා, ඊට පස්සේ ඔක්කොම පිරිමි ළමයින් ඔහු දෙස බලනවා දැක්කා. මිලිති හිනාව නවත්තගන්න බැරුව ඉන්නවා වගේ පෙනුනා.

දසුන් තමන්ගේ ඇස් දෙක තදින් පියාගත්තා. මම ගැහැණු ලමයෙක් තමන්ටම කියා ගත්තා. ගැහැණු ලමයෙක්, ගැහැණු ලමයෙක්, ගැහැණු ලමයෙක්.

ටෙක්නීශියක් මියුසික් පටන්ගන්න අතර තුර ගිහානි මිස් භාග්‍යා මිස්ගෙන් “ දසුන්කොහොමද?” කොයලා ඇහුවා.

“මම හිතන්නේ එයා අවුලක් නැතිවෙයි. මම එයාට එයා ගැහැණු ලමයෙක් කියලා හිතන්න කිව්වා, එයා එහෙම කරාවි”

“ එය ඒ ඩ්‍රෙස් එකට හරිම කියුට් නේ, ඉරියව් කෙල්ලෙක් වගේමනේ, කොහෙන්ද එවා ඉගෙන ගත්තේ, මන් කිව්වේ අත් ඔලුවා වනන හැටි, ස්කර්ට් එක උස්සගෙන යන විදිහ”

“ඒක නම් මටත් හිතාගන්න බැහැ, අපි පෙටිකෝට් එක ඉවර වුනාට පස්සෙ තමයි මෙයාගේ වෙනසක් දැක්කේ. මිලින්ම පෙටිකෝට් එක ඇදපු දවසේ ඉදම් කෙල්ලෙක් වගේ හැසිරීම වැඩි වුනා වගේ පේනවා” “ එදාට මගේ සෙන්ට් එකක් ගෙන්නෙ ඔනේ, එකෙන් එයාගේ කාන්තා හැගීම් තවත් වැඩි වෙයි”

“හොඳ අදහසක්”

මියුසික් පටන්ගත්තට පස්සේ ගිහානි මිස් ස්ටේජ් එකේ මැද ඉදන් පටන්ගන්න සිග්නල් එක දුන්නා. සොල්ජර්ස්ලා තුවක්කුත් අරන් කෑගහගෙන ස්ටේජ් එකට ආවා, මේඩ්ස්ලා සීසීකඩ දුවන්න පටන්ගත්තා. මලිති දසුන්ව අල්ලගෙන අඩපන කලා. “අනේ මට රිද්දන්න එපා!” ඔහු හෙමින් ඇයට කිව්වා. “බයගුල්ලා” මලිති කිව්වා. “මට රිදුනනේ”  “කටවහන් හිටියේ නැත්තම් තව රිදෙවි” ඇය කිව්වා.

කේන්තියෙන් වුනත් දසුන් නිශ්ශබ්ද වුනා. තමන්ව පාලනය කරගෙන මලිතිගේ අත්දෙකට වැටෙන කොටසත් දසුන් හරියට කලා. මලිති නොයින්න තමනුත් සොල්ජර් කෙනෙක් කියලා හිතුනා. ඩාන්ස් එක අතරතුර පිරිමි ළමයි දසුන් දිඩා කෙල්න් නොබලන බව ඔහුට තේරුනා, ඒ අතර ගැහැණු ළමයින් තමන් සමග සිනා සෙමින් ඩාන්ස් කලා. සමහර විට බෝයිස්ලා ඩාන්ස් කරන්න එච්චර කැමැත්තක් නැති හින්දා වෙන්න ඇති. කෙල්ලෙක් විදිහට ඩාන්ස් කරන්න ලැබිච්ක එක හොඳයි කියලත් හිතුනා, අතකොට අපහසුවකින් තොරව රස විදින්න පුලුවන්.

තනගේ ඉවෙන්ට් එකට පැයකට කලින්ම දෙමව්පියෝ සමඟ දසුන් පාසලට ආවා. බ්‍රා එක, පෑන්ටි, විග්, සපත්තු තියන බෑග් එකක් දසුන් අතේ තිබුනා. අම්මා දසුන්ට තමන්ගේ ලිප්ස්ටික් එක දුන්නා “ගිහානි මිස් ගාව මේක් අප් සෙට් එකක් ඇති නේද?” “තෑන්ක් අම්මේ” දසුන් කිව්වා. දසුන්ගේ කටහඩින් ඔහු තැතිගෙන ඉන්නේ කියලා තේරුනා. “ මම ඔයත් එක්ක ඉන්නම්, ඇදුම් අදින වෙලාව වෙනකම්” අම්මා දසුන්ගේ තාත්තට කිව්වා සීට් එකක් අල්ලගන්න කියලා. අම්මාත් එක්ක දසුන් මේඩ්ස්ලට ඇදුම් මාරුකරන්න තියන ක්ලාස් රූම් එකට ගියා. ඒගොල්ල්ලො යනකොට හුඳක් අය අවිල්ල හිටියා.සමහරු ගවුම ඇදගෙනත් හිටියා, හුඟක් අය බ්‍රා එකයි ස්ට්‍රෝකින්ග්ස් එකයි ඇදගෙන මේකප් දමමින් සිටියේ. බ්‍යාග්‍ය මිස් උදව් කරමින් සිටියා. භාග්‍යා මිස් ඉදිරියට අවිත් දසුන්ගේ අම්මට තමන්ව හදුන්වා දුන්නා. “සතුටුයි ඔයාව හම්බවෙච්ච එකට, දසුන්ගේ ඉදිරිපත්වීම අපිට ලොකු හයියක් වුනා. ගිහානි මිසුයි මමයි දසුන්ගේ දක්ශතාව අගය කරනවා”

“මෙයාට මේක හොඳ අත්දැකීමක් වේවි මිස්, දසුන්පොඩ්ඩක් නවස් වගේ. මමත් පොඩ්ඩක් ඉන්නම් මිස් එයා ලැහැස්ති වෙනකම්” ඒක බොහොම හොඳයි” භාග්‍යා මිස් කිව්වා. “හැමෝම දසුන්ගේ කැපවීම, අපි වෙනුවෙන් අමාරු වෙලාවක ඉදිරිපත්වීම අගය කරාවි, කොහොමත් අපේ ඉවෙන්ට් එක තමයි මුලින්ම තියෙන්නේ.ඉක්මනට මෙයාව ඩ්‍රෙස් කරමු.මම ගර්ල්ස්ලට කිව්වා බ්‍රා එකයි හෝස් එකයි විතරක් අඩින්න කියලා නැත්තම් මේකප් වලදි ඇදුමේ ගෑවෙන්න පුලුවන්නේ” මිස් අනිත් අයට උදව් වෙන්න ගියා.

දසුන් බෑග් එකෙන් බ්‍රා එක එලියට ගත්තා. දසුන් ශර්ට් එක ගලවන අතරේ අම්මා බ්‍රා එක ඉල්ලා ගත්තා. අම්මා බ්‍රා එක අදින්න උදව් කලා. දසුන් වටපිට බලනි කලිසමත් ගැලෙව්වා. ගෙදරින්ම පෑන්ටි එකක් ඇදන් ආපු නිසා කොස්ටියුම් රිහසල් දවසේ වගේ යට ඇදුම් මාරු කරන්න ඕනෙවුනේ නැහැ. “භාග්‍යා මිස් එදා ස්ට්‍රෝකින්ග්ස් එක දාන හැටි කියලා දුන්නට අම්මගෙ උදව් නැතුව අද්න්න බැරිවෙයි” අම්ම හිනා වෙලා කිව්වා, “ අවුරුදු තිහක් විතර ප්‍රක්ටිස් වෙලත් මටත් වරදිනවා”

දසුන් ස්ට්‍රෝකින්ග්ස් එක අරන් ලේබල් එක තියන පැත්ත බලලා හරි විදිහට රෝල් කරලා වම් කලුලට මුලින්ම දැම්මා. අම්මා බලන් ඉදලා එක සැරයක් විතරක් උදව් කලා. විනාඩියෙන් විතර ස්ට්‍රෝකින්ග්ස් එක ඇදලා ටිකක් උද පැනලා බැලුවා. “ එහෙනම් මේකප් දාන්න යමු”, දසුන් භාග්‍යා මිස් ගාව තිබුනු පුලුවක වාඩි වුනා. පියුමි එහා පිටුවේ මේකප් ඉවරකරලා හිටියේ. එයා දසුන්ට හායි කියලා පෙටිකොට් එක අදින්න පටන්ගත්තා.

 “මෙන්න ඔයා දීපු ලිප්ස්ටික් එක” දසුන් අම්මට ඒක් දුන්නා. භාග්‍යා මිස් අම්මට කරන්න ඔනේ දේවල් කිව්වා. අම්ම පව්ඩර් ටිකක් ගාලා ලිප්ස්ටික් ගෑවා. “ තොල් හපන්න එපා!” අම්මා කිව්වා. “ එවා ෆෘට් රසයි වගේ” දසුන් කිව්වා. “ලිප්ස් හපන්නෙ නැතුව ඉන්න බලන්න, එත්කොට ආයේ ටචප් කරන්න ඕනේ නැහැ” භාග්‍යා මිස්ගෙන් ඉල්ලගත්තු අයි ශැඩෝස්, මස්කාරා දසුන්ගේ ඇස්වල ගෑවා. ඉක්මනටම මේඅප් වැඩ අම්ම ඉවරකලා. භාග්‍යා මිස් අම්මගෙ වැඩ ගැන ප්‍රශංසා කලා. ඊලගට බෑග් එකෙන් විග් එක අරන් ගානට දසුන්ගේ ඔහුවට සවිකලා. පනාවන් අරන් අඩුපාඩු හැදුවා.

දසුන්ට අම්ම බලන් ඉන්නවා පෙනුනා. “ෂා.. මෙයා තරුණ කෙල්ලෙක් වගේමනේ” අම්ම භාග්‍යාමිස් එක්ක කිව්ව.

“ඒකතමයි, පුදුමයි නේද? මෙයා ගර්ල් කෙනෙක් වගේ රඟපානකම් මටත් මෙයාගෙ ගර්ලි ෆීචර්ස් පෙනුනේ නැහැ. විග් එකයි මේකප් වලිනුයි මෙයා අනිත් අය වගේමයි.” භ්‍යාග්‍යා මිස් පෙටිකෝට් එකයි ගවුමයි අරන් ආවා. අම්මා එක දැකලා “ මේවාද දසුන්මහපු පෙටිකෝට් එකයි ඩ්‍රෙස් එකයි, නියමයිනේ, මට හිතාගන්න බැහැ. පින්ක් කලර්, හරිම ෆෙමිනෙ ලුක් එකක් තියෙන්නෙ”

“පියුමියි, දසුනුයි අපේ පින්ක් මේඩ්ස්ලානේ” භාග්‍යා මිස් කිව්වා. “මම ගර්ල්ස්ලටම කිව්වා කැමති පාටවල් තෝරගන්න කියලා.”

පියුමි එතනට ආවා. “ඔයා පියුමි වෙන්න ඕනේ” අම්ම කිව “ අනිත් පින්ක් ඩ්‍රෙස් එක ඇදලා ඉන්නේ හින්දා කිව්වෙ, ලස්සනයි ඔයා”

“තෑන්ක් ආන්ටි” පියුමි හිනහෙමින් කිව්වා.

“දසුන් ඔයා ගැන හුගක් දේවල් කිව්වා, එයා කිව්වා ඔයා හුඳ්ක් වැඩ දසුන්ට කරලා දුන්නා කියලා” දසුන් හිතුවා අම්මාගෙ කතාව නවත්තන එකක් නැහැ කියලා. “ දසුන් වැඩිපුරත් එක්ක කියලා. එයත් එක්ක වැඩකරන්න ලේසියි. මම කැමැත්තෙන් උදව් කලේ” “දසුන් පෙටිකෝට් එක දාගන්න, අපි ඩ්‍රෙස් එක අදින්න උදව් කරන්නම්” භ්ග්‍යා මිස් කිව්වා.ද්සුන් පෙටිකෝට් එක ඇතුලට ගිහින් ඉනට වෙනකම් ඉස්සුවේ හරියට හැමදාම අදින කෙනෙක් වගේ. පිය්මියි, භාග්‍යා මිසුයි ගවුම් ඔලුවෙන් දාලා හරියට හැදුවා. දසුන්ගේ මේකප් කරපු මුහුන ගවුමේ නොගෑවෙන්න ගවුම ඇන්දුවා. පියුමි පිටිපස්සෙන් ඇවිත් ඉප් එක දාන අතරේ භාග්‍යා මිස් නැමිලා ගවුමේ සායයි, පෙටිකෝට් එකෙයි රැලි හැදුවා. “ලස්සන මේඩ් කෙනෙක්” ටිකක් පසට වෙලා හැඩ බලන ගමන් භාග්‍යා මිස් කිව්වා. අම්මා ඒක අනුමත කරමින් “මට විශ්වාස කරන්නත් බැහැ”. “අම්ම ගිහින් තාත්තත් එක්ක වාඩිවෙන්න , මට අවුලක් නැහැ” දසුන් කිව්වා. “ගුඩ්ලක්” අම්මා දෙගිඩියාවෙන් පිටත් වුනා.

මේඩ්ස්ලා ඩාන්ස් එකට ලෑස්තිවෙලා ඉන්නකොට භාග්‍යා මිස්ස් හැමෝටම දිග එල්ලෙන කරාබු සෙට් එක ගානේ දුන්නා. මේ ගැන කිලින් කියලා තිබුනේ නැති නිසා කට්ටිය පුදුම වුනා.දසුන් කරාබු දාන විදිහ දැනගෙන හිටියේ නැති හින්දා සාරයි පියුමියි දසුන්ට උදව් කරන්න ඉදිරිපත් වුනා. පියුමි දකුනු පැත්තේ කරාබුව දාද්දි සාරා වම් පැත්තේ එක දැම්මා. “ඔයානම් ඇත්තටම ලස්සනයි” සාරා කිව්වා. “අනේ එහෙම නෑ” දසුන් හිනහා වෙමින් කිව්වා. එයත් ගෲප් එකේම තවත් ගැහැනු ලමයෙක් කියලා හිතුනා. එයා ඩාන්සින් ස්ටෙප්ස් අමතක නොවේවා කියලා ප්‍රාර්තනා කලා. ගිහානි මිස් කට්ටියව පරීක්ශා කරලා, භාග්‍යා මිස් ගාවට ආවා. “ඒ ගොල්ලො ඔච්චර ලස්සනද, ඇත්තටම ලස්සන මේඩ්ස්ලා දොලොස් දෙනෙක්. මම මේ ඉවෙන්ට් එක පටන්ගන්නකොට හ්හිතුව වගේමයි” “ඒකටමන් දසුන්ට තමයි තෑන්ක් කරන්න ඕනේ, හිතන්නකෝ මලිති මේඩ් කෙනෙක් වුනා නම්!” “මටත් එහෙම හිතුනා” “මම දන්නේ නැහැ ආයේ දසුන් බොයි කෙනෙක් විදිහට දකින්නේ කොහොමද කියලා” මිස්ලා දෙන්නටම ඒකට හිනා ගියා. ගිහානි මිස් ගැහැනු ළමයින්ට කතා කලා. “ළමයි ඔයාලා හැමදෙනාම ගැන මට ආඩම්බරයි,මම දන්නවා ඔයාලා ලස්සනට මේක කරයි කියලා. මට ඔයාලාගේ ලස්සන ෆොටෝ ටිකක් ගන්න ඕනේ” මිස් එයාගේ කැම් එකකින් ගැහැනු ළමයින්ගේ විවිද ආකාරයේ ෆොටෝස් ගත්තා. තනි තනිව සහ කන්ඩායම් වශයෙන්. ඇය දසුන්ගෙයි පියුමිගෙයි එකකුත් ගත්තා, පින්ක් මේඩ්ස්ලා විදිහට. ෆොටෝ වලින් පස්සේ කට්ටියම ස්ටේජ් එක පිටිපස්සට කපල් විදිහට ඇවිදගෙන ගියා. යන අතරමගදි දෙමාපියන් සහ සිසුන් නැවතිලා ඔවුන් දෙස බලාගෙන හිටියා. දසුන්ට තේරුනා ඒ අය තමන්වත් අනිත් මේඩ්ස්ලා විදිහට මිස්ක කොල්ලෙක් කියලා හදුරගත්තේ නැති වග. ඒක එයාට සෑහෙන පහසුවක් වුනා. ස්ටේජ් එකේ තිරය පිටුපස තමන්ට අදාල තැන්වල ඔවුන් සිටගත්තා, සෝල්ජර්ස්ලා ඒවෙනකොටත් ඇවිල්ලා හිටියේ. හැමෝම මියුසික් එකපටන් අරන් තිරය ඇරෙනකම් නොයිවසිල්ලෙන් හිටියා.

සොල්දාදුවන් සහ මේඩ්ස්ලා තමන්ගේ කොටස් පුලුවන් උපරිමයෙන් කලා. ඩාස්න් එක අවසානයේ ඕඩියන්ස් එක නැගිටලා අත්පුඩි ගැහුවා. ගිහානි මිස් මේඩ්ස්ලා දෙන්නා සහ ඔවුන්ගේ සෝල්ජර්ස් ලා දෙන්නා ගානේ ප්‍රේක්ශකයන්ට ආචාර කරන්න යැව්වා. පියුමි, දසුන්, ගනේශ් සහ මලිති හතර දෙනාත් ඉස්සරහට ගියා. ඔහු හා පියුමි තමන්ගේ රෝසපාට ගවුම් වල සාය කොටස අත්වලින් අල්ලා පහත් කරමින් ආචාර කරද්දී, මලිති, ගනේශුයි පිරිමි විදිහට ආචාර කලා. තාත්තත් අම්මත් තමන්ට චියර් කරනවා යම්තම් දැක්කා.

ගිහානි මිස්ට සතුටු කඳුලු අවිල්ල තිබුනා. එයාගේ ළමයි ඇයට ජීවිත කාලයටම මතකහිටින විදිහේ ඩාන්ස් එකක් කරලා තිබුනා. මතිරය වැසුනු පසු මිස් හැමෝවම වෙන වෙනම වැලඳගෙන තම සතුට ප්‍රකාශ කලා. ඩාන්ස් එකෙන් පස්සෙ කට්ටියම පිලිවෙලට ගිහින් ඔඩිටෝරියම් එකේ පස්සෙන්ම වාඩි වෙලා අනිත් ක්ලාස්වල ඉටෙම් බැලුවා. දසුන්ට එහා පැත්තෙන් පියුමි හිටියත් පියුමිගේ අනිත් පැත්තේ හිටියේ ගනේශ්. අන්තිම ඩාන්ස් එකටත් පස්සෙ විනිශ්චය මණ්ඩලය තමන්ගේ ප්‍ර්තිපල නිවේදනය කලා. “ඔක්කොම වගේ හොඳට කරලා තිබුනා” ප්‍රින්සිපල් කිව්වා. “ පලවන ස්තානයට ඒකචන්දයෙන්  පත්වන්නේ, ගිහානි මිස්ගේ පංතිය, මේඩ්ස්ලා සහ සොල්ජර්ස්ලා දොලොස්දෙනාට අපි නැවත්ත ස්තූති වෙනවා අපිට උසස් නර්තනයක් ලබා දුන්නාට”

දසුන් සහ පංතියේ අනිත් ළමයි සතුටින් උඩ පැන්නා.

මේඩ්ස්ලා ඩ්‍රෙසින් රූම් එකට ගිහින් තමන්ගේ ගවුම් සහ පෙටිකෝට් ගැලවා මේකප් සේදුවා. දසුන් තමන්ගේ බ්‍රා එකයි ස්ට්‍රෝකින්ග්ස් එකයි ගලවලා කලිසමයි, ශර්ට් එකයි ඇන්දා. තන්ගේ පෙටිකෝට් එකයි, ඩ්‍රෙස් එකයි ගදර ගෙනියන්න කියලා භාග්‍යා මිස් කිව්වා. සමහර ගැහැනු ළමයි අඩන්න වගේ. දසුන්ටත් පොඩි දුකක් තිබුනා ආයෙත් මේඩ්ස්ලත් එක්ක මැහුම් කරන්න, ඩාන්සින් රිහසල් කරන්න නැති එකට.ඔහුට පියුමි හමුවුනා.

“ හැමෝම ඩාන්ස් එක ඉවර වෙච්ච එකට දුකින් ඉන්නේ” දසුන් කිව්වා. “අපි ගර්ල්ස්ලා ටික ආයෙත් සෙනසුරාදා එකතුවෙලා ඩාන්සෙක කරන්න හිතාගෙන ඉන්නේ” “ඒක නියමයි” දසුන් කිව්වා. ටිකවෙලාවක් නිශ්ශබ්දව ඉදලා දසුන් “අපි වීකෙන්ඩ් එකක ආයෙ හම්බවෙමුද?”

“පියුමි හිනා වෙලා” අනිවාර්‍යෙන්ම ඔයත් එන්න ඕනේ ඩාන්ස් එකට, ඔයාගෙ ගවුම්, පෙටිකෝට් එකටි අන්ඩවෙයා ඔක්කොම අරන් එන්න” “මොකක්”

“ආයේ ඔක්කොම මේඩ්ස්ලා ටික එකතුවෙන්න ලැබෙන එක හොඳයිනේ, අපිට ශුවර් නැතුව හිටියේ ඔයා ගැන, ඔයා ආයේ මේඩ් කෙනෙක් වෙන්න කැමතිවෙන එකක් නැහැ කියලා අපි හිතුවේ”

දසුන්ට කතාව තේරුනේ නැහැ. “පියුමි මම කිව්වෙ අපි දෙන්නා, ඩේට් එකක් වගේ” පියුමි අපහසුතාවට පත්වුනා වගේ පෙනුනා. “මට සමාවෙන්න, ඒත් ඔයා ගනීශුයි මමයි ගැන දන්නේ නැත්ද?” දසුන්ට ඇඩෙන්න වගේ ආපු නිසා අනිත් පැත්ත බලාගත්තා. “දසුන් මට මේක කියන්න තේරෙන්නේ නැහැ” පියුමි දසුන්ගේ උරහිස් වලින් අල්ලලා තමන්ගේ පැත්තට හරවන ගමන් කිව්වා. “ඒත්, ඔයාවාදුරගන්න ලැබිච්ච එක ලොකු සතුටක් මට. ඔයා එක්ක කතාරන්න, මැහුම් කරන්න ඩාන්ස් කරන්න මම ආසයි, ඔයාමට හොඳ යෙහෙලියක් වගේ, බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුටවඩා. ගනේශ් ඊට වඩා හුගාක් වෙනස්, ඒත් ඔයා නරකයි නෙමේ මම කියන්නේ..” දසුන්ගේ ඇස්වලින් කඳුලු වැටුනා, පියුමි අති ඒවා පිහදැම්මා. “මම කැමති ඔයා දිගටම මගේ හොඳ යාලුවෙක් වගේ ඉන්නවනම්, මෙච්චරකල් හිටියා වගේ”

පියුමි දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු දසුන් සුසුමක් පිටකලා.

“අම්මලාගෙන් අහලා ඔයා ලබන සතියේ එන්න”

“මම බලන්නම්”

 

සමාප්තයි.

Original Story   :  Pirates and Maidens-Pamela

Wednesday, September 1, 2021

පාසල් වේදිකාව 3


 

එදා හවස ඔහුට තමන්ගේ යහලුවන් හම්බවුනා. “ඔයා අපේ තුවක්කු දැක්කේ නැහැනේ” එක්කෙනෙක් කිව්වා. “එවා නියමයි, ඇත්ත එවා වගේමයි, ලී වලින් හදලා තිබුනට පාට කරපුවහම ලස්සනයි, බයිනෙත්තුව ඇලුමිනියම්, හැබැයි බන්දුල සර් බයිනෙත්තුව උල් කරන්න එපා කිව්වා, එක නිකන් ලස්සනට තියෙන්නෙ” ඛොමඩ කොස්ටියුම්” දසුන් ට ඒ කතා අහලා ඊර්ශියාවක් ඇතිවුනා. “ එවා කට්ටියම එකතුවෙලා සල්ලිවලට මහගන්නවා”. “තුවක්කුත් එක්ක නටන්නෙ කොහොමද?” දසුන් ඇහුවා. “එවා තියෙන්නේ එන්ට්‍රන්ස් සීන් එකට විතරයි, ඔයාවගේ මේඩ්ස්ලා බයකරන්න” ‍යහලුවො හයියෙන් හිනාවුනා. “අපෝ!.. ඒකනෙමේ මලිති තුවක්කුවෙන් මොකද කරන්නේ?”

“එයා බන්දුල සර්ටත් වදයක් වෙලා තියෙන්නේ, ලොකුම තුවක්කුව හදන්න තමයි එයාට ඔනේ, සර් හොඳටම බැනලා තුවක්කුව අඩියක් කොට කරන්න කිව්වා” එක්කෙනෙක් කිව්වා. “එයත් එක්ක ඔයාට හොඳ ෆන් එකක් ගන්න පුලුවන් වෙයි, දැනටත් කියකිය ඉන්නේ එයාගේ මේඩ්ව අල්ලලා තද කරන් ඉන්නව කියලා, ඔයාට බේරෙන්න වෙන්නෙ නැහැ, එයා කියනවා මේඩ්ව උස්සන් ගිහින් කසාද බඳිනවලු”

“හිතන් ඇති, ඉතින් බන්දුල සර් මොකද කිව්වෙ?” දසුන් ඇහුවා. “සාර්ට එපා වෙලා තියෙන්නේ, සර් කිව්වා ඕනෙ දෙයක් කරන්න හැබැයි බයිනෙත්තුව උල් කරන්නෙ නැතුව කියලා”. මලිති වගේ කෙනෙක් එක්ක ඩාන්ස් කරන්න වෙච්ච එක ගැන දසුන් කනස්සල්ලක් ඇතිවුනා.

“පියුමිත් එක්ක වැඩ කොහොමද දැන්?” හසිත් ඇහුවා. දසුන්ගේ මුහුනේ ලාවට සතුටු හිනාවක් මැවුනා “ මේ ඉවෙන්ට් එක ඉවර වුනාට පස්සෙ මම එයාගෙන් කැමැත්ත අහන්න හිතන් ඉන්නේ, මන් හිතන්නේ එයාත් මට කැමතියි”

“කොල්ලෙක් විදිහටද, කෙල්ලෙක් විදිහටද?”

“ආ.. උඹලට ඊරිසියයි නේ”

“කොහොමද මැහුම් පංතියේ වැඩ?”

“දැන් අපි ගවුන් එක හදන්නේ, අනිත් වැඩ ඉවරයි” දසුන් උත්තර දුන්නා. “පෙටිකෝට්?” ඒ හසිත්.

“ඔව් පෙටිකෝට් එක ඉවරයි, ඒත් ගවුම මහන්න හුඟක් අමාරුයි, මගෙ වෙලාවට මට පියුමිව සෙට් වුනේ. එයා කරන්න ඔනේ දේවල් ඔක්කොම දන්නවා. මට කියලා ලොකු දෙයක් කරන්න නැහැ” දසුන්ට මතක් වුනා පියුමිත් එක්ක එකම මැෂින් එකෙන් උරහිස් එකට වදිමින් වැඩ කරන හැටි. දහ පහලොස් පාරක්ම එයාට පියුමිගෙන් කැමැත්ත අහන්න හිතුනත් හැමපාරම අහන්න බය හිතුනා. ඔය අතරේ දවසක් පියුමිගේ මේල් පාට්නර් ගනේශ් එක්ක කතා කරකර ඉස්කොලේ පාරෙ යනවා දැකලා තමන් පරක්කු වැඩිද කියලත් හිතුනා. පියුමියි එයයි අතර තියන බාදකය ‘ගවුම’ කියලා ඔහුට හිතුනා. එයාගෙන් කැමැත්ත අහලා ඊටපස්සේ ගවුමක් ඇදන් එයත් එක්කම නටන්නේ කොහොමද? මේ ඔක්කොම ඉවර වෙනකනම් ඉදලාම එයාගෙන් අහනවා දසුන් තමන්ටම පොරොන්දු වුනා.

භාග්‍යා මිස් හිතුවා වගේම පිටිකෝට් එක මහන කොට ලැබිච්ච හුරුව ඩ්‍රෙස් එක මහද්දි වැදගත් වුනා. ඒක හුඟක් අමාරු වැඩක් වුනත්, විවිද මැහුන් වර්ග ගොඩක් තිබුනත් පියුමිට ඒක ලොකු දෙයක් වුනේ නැහැ. හැමැ අමාරු කොටසක්ම ඇය ඉක්මනින් තේරුම් ගත්තා, ඒ වගේම ලොකු ඉවසීමකින් දසුන්ගේ ඩ්‍රෙස් එකටත් උදව් කරන ගමන් එයාගෙ ඩ්‍රෙස් එකත් හදා ගත්තා. ඔය අතරේ තමන්ගේ අනිති ක්ලාස්වල වැඩ, පවුලේ තොරතුරු වගේ ඉස්කොලෙන් පිට දේවල් එහෙමත් කතා කලා.

සඳුදා දවසක උදේ, දසුන් එයා වීකෙන්ඩ් එකෙ ගහපු මැච් එකක් ගැන විස්තර පියුමි එක්ක කිව්වත් එයා ඒ ගැන වැඩි උනන්දුවක් පෙන්නුවේ නැහැ, ඒ වෙනුවට එයා ඇහුවා දසුන්ගේ අම්මයි තාත්තයි දසුන් මේඩ් කෙනෙක් විදිහට ඩාන්ස් කරන එක ගැන අදහස. “හරියටම දන්නේ නැහැ, ඒගොල්ලො කියනවා මේක මට හොඳ චාන්ස් එකක් ලු මගේ ඇක්ටින් ස්කිල්ස් හදාගන්න”

“මම අපේ අම්මට කිව්වහම අපි දෙන්නා එකට මැහුම් කරනවා කියලා එයා පුදුමවුනා ඔයාගෙ අම්මලා ඒකට ඉඩදුන්නා කිව්වහම”

දසුන් පොඩ්ඩක් අවුල්වුනා “ඇයි ඒක වැරදි වැඩක්ද?”

“නෑ, අම්මා එහෙම කිව්වෙ නැහැ, එයා කිව්වෙ එයා මික්ස් ස්කූල් එකක පිරිමි ලමයෙක් ගැහැණු ලමයෙන් විදිහට ඩාන්ස් කරනවා අහලා නැහැ කියල” “එහෙනම් මම අමුතු කෙනෙක්!” දසුන් ඇහුවා. “එහෙම නෙමේ, මම නම් හිතන්නේ ඒක හොඳ දෙයක්, විශේෂයෙන්ම ඔයා නිකම්ම කොල්ලෙක් ලේඩීස් ඇඳුම් ඇඳන් ඉන්නවා නෙමේනේ. මට විශ්වාස කරන්නත් බැහැ එදා භාග්‍යා මිස් ඔයාට බ්‍රා එකක් අදින්න වෙනවා කිව්වහම ඔයා බෑ නොකියා කැමති වෙච්ච එකට, මට හිතින් මවා ගන්නවත් බැහැ බෝයි කෙනෙක් කෙල්ලෙක් වගේ බ්‍රා එකක් ඇදන් ඉන්නවා”

“ඔයා හිතන්නෙ මම පිස්සෙක් වගේ වෙයිද?” දසුන්ට ටිකක් ඔලුව කැරකෙනවා වගෙත් තේරුනා.

“නැහැ,නැහැ” පියුමි සීරියස් විදිහට කිව්වා “ඔයා අනිත් පිරිමි ළමයි වගේ බෑ කියලා ප්‍රතික්ෂේප කලේ නැහැනේ. මම හිතන්නේ ඔයා අනිත් අයට වඩා හොඳයි. ඔයා මලිත්ගේ හිතුවක්කකාරකම දැකලා ගිහානි මිස්ට උදව්වක් විදිහටනේ කරන්නේ” දසුන් තමන්ගේ ධෛර්‍යය වැඩිකරගෙන “මේ ඉවෙන්ට් එක ඉවර වුනායින් පස්සේ මම....”

පියුමි කුතුහලයෙන් ඔහු දෙස බැලුවා “මම කැමතියි...” ඔහුට වචන ආවෙ නැහැ. පියුමි මුකුත් කියන්නේ නැතුව දසුන් දිහා බලන් හිටියා. “මම කැමතියි..”

භාග්‍යා මිස් එතකොටම පංතියට ආපු හින්දා දසුන්ට කතාව නවත්තන්න වුනා. “ඔය කතා කරකර ඉන්න අය ඩ්‍රෙස් එකේ වැඩ ඉවරකරලා වෙන්න ඇති නේද?” පියුමියි, දසුනුයි දිහා මිස් කෙලින්ම බලන් හිටියා.

“ඉවර නැහැ මිස්” පියුමි ටිකක් හෙමින් කිව්වා.

එහෙනම් වැඩේ ගැන අවදානය යොමුකරන්න.අපිට ඩ්‍රෙස් රිහසල් එකට තව සතියයි තියෙන්නේ. මම අයෙත් කියන්නේ නැහැ හැමෝම ඒවෙනකොට තමන්ගේ ශූස්, බ්‍රා, ස්ට්‍රෝකින්ග්ස් ලැහැස්ති කරන් ඉන්න ඕනෙ. එදාට මේකප් කරන්න එහෙම ඕනේ නැහැ, එවා ඉවෙන්ට් එක දවසට විතරක් කරපුවහම ඇති” දසුන් තමන් පෙටිකෝට්, ගවුම් ඇදන් අනිත් ගර්ල්ස්ලා එක්ක දාන්ස් කරන හැටි හිතුවා. මේ වෙනකොටත් එයා ලොකු කට්ටක් විදලා ගැහැණු ලමයෙක් වගේ දුවන්න මූව්මන්ට්ස් කරන්න පුරුදුවුනා, භාග්‍යා මිස් උදව්කලා. දවසක් ගිහාන් මිසුයි, භාග්‍යා මිසුයි ඩාන්ස් එකේ ප්‍රොග්‍රෙ බලන්න අවිත් කිව්වා දසුන් අනිත් ගැහැනු ළමයි වගේම ඩාන්ස් එක කරනවා කියලා. ලඟ ලඟ අඩි තියලා දුවන එකයි, දනිස් එකට තියාගෙන ඉන්න එක තමයි රහස. ඊලඟට අත් සුකුමොල කෙල්ලෙක් විදිහට මූව් කරන්නත් මතක තියා ගන්න ඕනේ. ගිහානි මිස් ගැහැණු ළමයි ආචාර කරන විදිහ කියලා දුන්නා. හරියට බැලේ ඩාන්ස් එකක් ඉවර වෙලා කර්ටසි කරන විදිහමයි. තමන්ගේ සොල්ජර් පාට්නර්ට ආචාර කරන්න ඕනේ ඩාන්ස් එකේදි. කර්ටසි කරන එක අමාරු නැහැ, ඒත් ඕඩියස් එක ඉස්සරහා මලිතිට කර්ටසි කරන්න තමයි හිත හදාගන්න අමාරු.

ඒ සති අන්තයේ දසුන්ගේ අම්මා ඉවෙන්ට් එකට ඕනෙකරන සපත්තු ගන්න දසුන්ව සපත්තු කඩේකට එක්කගෙන ගියා. දසුන්ට හරියන අඟලක විතර හීල් එකක් තියන, අපහසුවකින් තොරව නටන්නත් පුලුවන් සුදුපාට ශූස් දෙකක් හොයන එක සෑහෙන අමාරුවෙයි කියලා ඇයට හිතුනා. ඒ දසුන්ගේ කකුලේ සයිස් එක හින්දා නම් නෙමෙයි. එයා හරියටම සයිස් අට හමාර, අම්මා හිතුවේ පිරිමි කකුල් සහ ගැහැණු කකුල් වල හැඩය වෙනස් නිසා හරියන එකක් හොයාගන්න බැරිවෙයි කියලා. දසුන් පුලුවන්තරම් උත්සාහ කලා මේ ගමන යන්නේ තමන්ගේ ‘ඇක්ටින් හැකියාව’ වැඩිකරගන්න මිලදී ගැනීමක් කරන්න කියලා හිතන්න. එයා කොහොමවත් හිතුවෙ නැහැ ඩාන්සින් වැඩේ මෙච්චර දුරදිග යයි කියලා.මුලින්ම ගියේ බ්‍රැන්ඩීස්’ ශූස් කියන කඩේට. ඒ කඩේ ටීනේජර්ස්ලගේ ශූස් වලට ප්‍රසිද්දයි. අම්මා රාක්කවල තිබුනු සපත්තු දිහා විමසිල්ලෙන් බැලුවා. දසුන් නම් කිසිම අදහසක් නැතුව කඩය පුරා තියන එක එක හීස් දිහා හිස් බැල්මක් දැම්මා. “මේ වැඩේ මම හිතුවටත් වඩා අමාරුයි වගේ” අම්මා කිව්වා. “මටනම් ගැලපෙන එකක් පේන්නේ නැහැ, අඟල් දෙකට වැඩි හීල්ස් තියන ඒවා නම් තියනවා”. “ඕ.. එහෙම බැහැනේ, ගිහානි මිස් කිව්වේ ලෝ හීල්ස් කියලා”. “ මම දන්නවා. මට තේරෙන්නෙ නැහැ මොනව කරන්නද කියලා, එන්න සාමාන්‍ය කඩේක බලන්න. අපි ලේඩි ෆියෝනා එකට යමු. දෙන්නම පාරට ඇවිල්ලා අනිත් කඩේට ටිකක් දුර ඇවිදන් ආවා. ඩිස්ප්ලේ එකේ දාලා තිබුනු සපත්තු දැකපු දසුන්ට හිතුනා මෙතන වැඩේට හරියන එකක් ඇති කියලා. ඔහු අම්මා පස්සෙන් කඩේ ඇතුලට යන කොට සේවකයෙක් ඔවුන්ව පිළිගත්තා. “අද නෝනා මොනවද බලන්න ආවේ.” ඔහු සිනවෙමින් විමසුවා.

“මම මගේ පුතාට සපත්තු දෙකක් බැලුවේ. එයාට අඟලක විතර හීල් එකක් තියන ගර්ල්ස් ශූ එකක් ඕනෙ, සුදුපාට එකක් බැලුවේ. ඉස්කෝලෙ ඩ්‍රාමා එකකට. මෙයාට ලැබිලා තියෙන්නෙ ෆීමේල් කැරැක්ටර් එකක්.” ඒකට තරුණ සේවකයටත් හිනා ගියා වගේ පෙනුනා. “ආ.. එහෙමද, පොඩි අවුලක් තියනව මැඩම්. ගැහැණු ළමයිගේ කකුල් පිරිමි ළමයිට වඩා පළල අඩුයිනේ.” “ මතත් හිතුනා, සමහර විට හරියයිනෙ. කොහොම අහි මෙයාට පැයක් දාගෙන ඉන්න පුලුවන් වුනොත් ඇති. වැදගත්ම දේ පුතාට ඒකදාගෙන ඩාන්ස් කරන්න පුලුවන්ද කියන එක” “බලමු මැඩම් හරියන එකක් තියනවද කියලා” දසුන්ට ස්ටූල් එකක් වාඩිවෙන්න කියලා එයාම දාගෙන හිටපු සපත්තුව ගැලෙව්වා.

“මැඩම් පුතා මේස් දාලාද එදාට ශූස් දාන්නේ” සේල්ස්මන් ඇහුවා. “හොස් එකක් අදින්න ඉන්නෙ” අම්මා කිව්වා.

“එහෙමද” සේල්ස්මන් දසුන්ට මේස් එකත් ගලවන්න කිව්වා. ඊට පස්සෙ කකුලේ මෙශමන්ට් එක ගත්තා. “මම ගිහින් බලන්නම් හරියන එකක් තියනවද කියල. මෙයාගෙ කකුල එච්චර පළලත් නැහැ, දිග නම් අඩුයි” කියපු සේවකයා කඩේ ඇතුලට ගියා. දසුන් අම්මා ගාවට වෙලා වාඩිවෙලා හිටියා. ඒගොල්ලො එනකොට කඩේ කවුරුත් හිටියේ නැති වුනත් දැන් තව අම්ම කෙනෙක් දසුන්ගේ වයස විතර දුවලා දෙන්නෙකුත් එක්ක ඇවිල්ලා රාක්කවල තියන ශූස් බලනවා දැක්කා. සේල්ස්මන් එන්න කලින් මෙයාලා ගියානම් හොඳයි කියලා දසුන්ට හිතුනා. දසුන් තමන්ගේ සපත්තු නැති කකුල් ස්ටූල් එක අස්සට දාගත්තා.

සේල්ස්මන් සපත්තු පෙට්ටි දෙකක් අරන් ආවා. අලුතෙන් ආපු කට්ටිය දැකලා “ මට විනාඩියක් දෙන්න මැඩම්, මේ මල්ලිගේ වැඩේ කරලා එන්නම්” ඒ ගැහැණු ළමයි දෙන්නා දසුන් දිහා බැලුවා.

“මේ දෙක තමයි අපි ගාව තියෙන්නේ, සයිස් එක නම් හරියයි ඩිසයින් එක කොහොම වෙයිද දන්නේ නැහැ” ඔහු පලවන බොක්ස් එක ඇරලා සපත්තු එලියට ගත්තා. ඒකේ හීල් එක උස ඝනකම අඟලකට වඩා උස එකක්.

“මේක නම් හරියන්නේ නැහැ” දසුන්ගේ අම්මා කිව්වා. “මෙච්චර ලොකු හීල් එකක් දාගෙන මෙයාට ඩාන්ස් කරන්න අමාරු වෙයි.නැත්තම් ඩිසයින් එකනම් අපි හිතපු විදිහට තියනව”. සේල්ස්මන් ඒ සපත්තු දෙක පැත්තකින් තියලා අනිත් බොක්ස් එක ඇරලා පෙන්නුවා. “මේකෙ වන් ඉන්ච් හීල් එකක් තියෙන්නේ”. ඒක නම් ලස්සන සපත්තුවක්, බකල් එකකුයි, පොඩි බෝ එකකුයි ඇරෙන්න වැඩිය අරුමෝසම් නැති එකක්.

“දසුන් මොකද හිතන්නේ” ඔහුගේ අම්මා ඇහුවා.

“තව ප්ලේන් එකක් වුනානම් හොඳයි”

“මම දන්නවා, ගිහානි මිස් කැමති වෙයිද?” “එයා කිව්වේ හොයාගන්න පුලුවන් හොඳ එකක් කියලා.”

“දාලා බලන්නකෝ සයිස් හරිද කියලා” අම්මා කිව්වා. සේල්ස්මන් කිව්වා “මේ ස්ට්‍රෝකින්ස් දෙක ඇදලා ඉන්න” බෝල කරපු ස්ට්‍රොකින්ස් දෙකක් දුන්නා.

දසුන් අම්මා දිහා බැලුවා “එවා දානේ සපත්තුවල ආරක්ශාවට. මේස් වගේ ඇන්කල් එකට විතරයි තියෙන්නේ.” දසුන් ඒවා එකක් දිගහැරලා එක කකුලකට දාගත්තා. ඊලගට අනිත් කකුලටත් දාගත්තා. එයාට තේරුනා අර ගැහැණු ළමයින් දෙන්නා බලන් ඉන්නවා කියලා. සේල්ස්මන් සපත්තු දාන්න උදව් කලා. ඒකෙ හීනි පටිය තිබුනු බකල් එක සේල්ස්මන් දැම්මා. සපත්තු තදත් නැහැ, වැඩිය බුරුල් නැහැ. පොඩ්ඩක් ඇගිලි හරියෙන් තද වෙලා තියන එක ඇරෙන්න ඇත්තටම සපත්තු පහසුයි. දසුන් නැගිටලා තමන්ගේ සපත්තු දිහා බැලුවා. ගැහැණු ළමයින් දෙන්නා මුලින්ම දසුන්ගේ ශූස් දිහාත් ඊටපස්සේ ඔහුගේ මුහුණත් බැලුවා. “පොඩ්ඩක් ඇවිදලා බලන්න් කො, මම මේ මිස්ලාට ඔනේ මොනවද කියලා බලලා එන්නම්” සේල්ස්මන් ගියා. දසුන් අඩියක් දෙකක් හෙමින් ඇවිදලා බැලුවා.

“එවා ලස්සනයි, කියුට් නේද. හිර නැහැ නේද? අර කන්ණාඩියෙන් බලන්න” ඔහුගේ අම්මා කිව්වා.

“දසුන් කන්නාඩිය ගාවට ගියා. එයගේ කකුල් කෙල්ලෙක්ගේ වගේ පෙනුනේ. හරියට පියුමිගේ කකුල් වගේ.ආයෙත් අම්මා ගාවට ආවා. “ඔවා දාගෙන නටන්න පුලුවන් වේවිද?” අම්මා ඇහුවා.

“දන්නේ නැහැ” උත්තර දුන්නා.

“ට්‍රයි කරලා බලන්න, නැත්තම් ඔයා ස්ටේජ් එක උඩ පැටලිලා වැටෙයි!” දසුන් ඉක්මනට දුවගෙන් කන්ණාඩිය තියන තැනට ගිහින් ආයෙත් අම්මා ගාවට ආවා. හරියට ඩාන්සින් වල තියන වගේ අඩි තියමින්. “එයා හොඳයි, මාව වැටෙන එකක් නැහැ”

“ඒවිදිහටද ඔයා ඩාන්ස් කරන්නේ” අම්මා ඔහුගෙන් ඇහුවා. “ඔව්, ඒ විදිහට තමයි ඕපනින් සීන් එක තියෙන්නේ” “ඔය ශූස් දෙකට ඔයා කෙල්ලෙක් වගේමයි දිව්වේ, මම හිතුවේ නැහැ එච්චර හොඳට ගර්ල් මූව්ස් ඔයාට තියනවා කියලා”

“ගිහානි මිසුයි, භාග්‍යා මිසුයි මට ගර්ල් කෙනෙක් විදිහට ඩාන්ස් කරන හැටි කියලා දුන්නා” අම්මා ඒක අනුමත කරමින් හිස් සැලුවා.

“ඒකෙ මොකක් හරි වැරද්දක් තියනවද අම්මේ?” දසුන් බයෙන් වගේ ඇහුවා. “නැහැ” කිසිම හැඟීමක් නැතුව ඇය කිව්වා.

සේල්ස්මන් ආයෙත් ඒගොල්ලො ඉන්න තැනට ආවා. “කොහොමද ඒක්? කොම්ෆටබල්ද? ගර්ලි වැඩිද? පොඩ්ඩක් මටත් අවිදලා පෙන්නනකො” දසුන් ටික දුරක් ඇවිදලා ආයෙත් ආවා.

“හරි ලස්සනට තියනවා, ටිකක් වැඩ තිබ්බත් ක්ලැසික්, එහෙම නේද?” “ඔව්, එහෙනම්, මම හිතන්නෙ අපිට ඕන විදිහේ එකක් තමයි මේක, හරි අපිට මේක බිල් කරන්න කෝ”

ගැහැණු ළමයි සහ පිරිමි ළමයි වෙන වෙනම් ඩාන්සින් පුරුදුවුනායින් පස්සෙ පංතියේ ළමයි ඔක්කොම එකට කරන රිහසල් පටන්ගත්තා. දසුන් මේ වෙලාව එනකම් හුඟක් ස්ට්‍රෙස් එකේ හිටියේ, දැන්නම් එයාට ඔලුව කැරකිල්ල වගේ. ඔක්කොමලා එයා දිහාබලයි කියලා එයා දැනගෙන හිටියා, එයාව ජෝක් එකක් වෙයි කියලා හිතුනා. කොස්ටියුම් රිහාසල් එකේ තවත් අමාරු වේවි. තාමත් දසුන්ට හිතාගන්න අමාරුයි කොහොමද මුලු ඕඩියන්ස් එකක් ඉස්සරහා පෙටිකෝට් එකකුයි, ඩ්‍රෙස් එකකුයි ඇදන් කෙල්ලෙක් වගේ නටන්නේ කියලා.

රිහසල් එක තිබුනේ ඉස්කෝලෙ ඔඩිටෝරියම් එකේමයි. මේඩ්ස්ලා ඉන්න ඕනේ තැන් ගිහානි මිස් සකස් කෙරුවා. පියුමිට කෙලින්ම එහා පැත්තේ දසුන් හිටියේ, දෙන්නා මුහුනට මුහුන බලාගත්තා. සොල්ජර්ස්ලා ස්ටේජ් එකේ දකුනු පැත්තට වෙන්න මේඩ්ස්ලා දිහා බලාගෙන හිටියා. එකපාරටම, කිසිම කලින් දැනුම්දීමක් නැතිව ගිරිහඩින් කෑගසමින් සෙබලුන් වේදිකාව පුරා දුවන්න පටන්ගත්තා.ඒ සද්දෙට දසුන්ගේ හදවත එලියට පැන්නා වගේ තේරුනා, එයත් අනිත් මේඩ්ස්ලා වගේ වේදිකාව පුරා බයෙන් වෙව්ලමින් දුවන්න වුනා. එයාගේ යාලු හසිත් සහ කසුන් භයානක මුහුනු මවාගෙන තමන් පසුකර යනවා දැක්කා. මේඩ්ලා එක්කෙනා දෙන්නා සොල්ජර්ස්ලා විසින් අල්ලා ගනිද්දීද්සුන්ව එකපාරටම වේගයෙන් පැත්තට ඇදලා මලිති ලගට ගත්තා. ඇයගේ මුහුනත් භායනක ලෙස වෙනස් කරගෙන හිටියා. දසුන් ඇත්තටම බයවෙලා ඒ ග්‍රහණයෙන් මිදෙන්න උත්සාහ කලා. දසුන්ගේ මැනික් කටුව රිදෙන්න ගත්තා මලිති හයියෙන් අල්ලාගෙන හිටපු නිසා. අන්තිමේ ඔහුට තේරුනා ඔහු අසරණ බව. ඔක්කොම මේඩ්ස්ලා අල්ල ගත්තට පස්සෙ එකින් එක මේඩ් විසින් තමන්ගේ සොල්ජගේ ශක්තිය ගැන වශීවුනා වගෙ පෙන්නුවා, හිහසල්වලදි භාග්‍යා මිස් කියපු විදිහටම කලා. පියුමියි ගනේශුයි කරන විදිහ දසුන් ඇස් කොනින් දැක්කා.ඊලගට තමන්ගේ අවස්තාව මලිතිට වශීවුනා වගේ ඉන්න. මලිති දෑත් විදහාගෙන ඉන්දී දසුන් අකමැත්තෙන් වගේ ඇක්ට් කලා. හසිත් සහ අනිත් පිරිමි ළමයි හයියෙන් හිනාවුනා. එතකොට භාග්‍යා මිස් ස්ටේජ් එක මැදට ඇවිත් “ආයේ කවුරුහරි දසුන්ට හිනාවුනොත් එයාගෙ දෙමව්පියෝ ගෙන්වනවා, තේරුනාද?”

ඔක්කොම නිශ්ශබ්ද වුනා.

“විශේශයෙන්ම හසිත්” භාග්‍යා මිස් තරවටු කලා. “ හරි මිස්” හසිත් කිව්වා.

ගිහානි මිස් හසිත් ලව්වා දසුන්ව අගය කරන එකේ වැදගත්කම කියෙව්වා. ඇය “දසුන්, ආයෙත් එහෙම කට්ටිය හිනාවෙන එකක් නැහැ කියලා මම පොරොන්දුවෙනවා. ඔයා හොඳට කලා, දිගටම නවත්තපුතැනින් පටන්ගන්න.” රිහසල් එක ඉවර වුනහම දසුන් ගිහානි මිස් හම්බවෙන්න ගියා.”එදාට ඕඩියන්ස් එකත් මට හිනා වුනොත් මිස්?” “බයවෙන්න එපා,ඔයා කොස්ටියුම් ඇදලා, ඔයාගේ ලස්සන ගවුමයි, විග් එකයි දාල මේකප් කරපුවහම ඔයා අනිත් ගැහැණු ළමයි වගේම ඉදීවි, කවුරුත් සැක කරන එකක් නැහැ. ඔයා හරියට ඔයාගේ පාර්ට් එක කරන්න ඕනේ, ගර්ල් කෙනෙක් වගේ හිතන්න ඕනේ. අපි හුඟක් මහන්සිවුනා ඒවා ඔයාට උගන්වන්න, මන් හිතන්නේ ඔයාට තේරෙන්න ඇති. දක්ශ නලුවොත් කරන්නේ එහෙමතමයි ඔයාටත් පුලුවන් වේවි.


---------------------------------------------------------------------------------------------------------

ඉංග්‍රීසි පරිවර්තනයකි.

Beauty Assistant

මම චන්දු. කාලෙකට කලින් තරුණ සේවා සභාවේ රූපලාවණ්‍ය කෝස් එකක් කරලා සැලොන් ෆීල්ඩ් එකට ආවේ. කුරුණෑගල ෂොපින් එකේ සැලොන් එකක වැඩ කර කරා ඉද්දි වෙන ...